Posts

Showing posts from January, 2020

"දුවකගේ කඳුළු"

Image
  - රුචිරා ප්‍රේමකීර්ති ද අල්විස් -   මවකගේත්,පියෙකුගේත් ආදරය,ආරක්ෂාව එකට කැටිවුණ දරුවෙකුගේ ලෝකය මනරම් ය.ඇතැම් විට භෞතික සැප සම්පත් හිඟ වුව ද ඔහුගේ ලෝකය සතුටින් අනූන ය.නමුත් වත්මන් සමාජයේ නව යෞවන යෞවනියන්ගේ ක්‍රියාකාලප,සිතුවිලි දෙස නෙත් හෙලිමේදි හැඟියන්නේ අතැම් දරුවන්ට තම දෙගුරුන්ගේ වටිනාකම නොවැටහෙන බව ය. වෙනත් බාහිර දෑ මවට,පියාට තම ලොව තුල තිබෙන සිමාකොට ඇත.නමුත් මව,පියා හෝ ඒ දෙදෙනා ම අහිමි දරුවෙකුට මේ තත්වය සම්පුර්ණයෙන් ම හාත්පසින් වෙනස් වේ.දෙමාපිය සෙනෙහස අහිමි වන දරුවන් අවට ලෝකයේ මව සහ පියාගෙන් ආදරය,ආරක්ෂාව නිබඳ ලබන දරුවන් දෙස බලා නෙතින් කඳුළු  සැඟවුව ද,හදවත ගැඹුරේ ඇතිකරන ඒ වේදනාව කෙතරම් ද කියා දැනගත හැක්කේ අපට අපගේ මව හෝ පියා අහිමිවිමෙන් ම පමණි. "සමහර විට ලැබෙන හැමදේට ම වඩා නොලැබි ගිය දේ හුඟක් වටිනවා" #දුවකගේ කඳුළු   "දුවකලේ කඳුළු" එවැනි දියණියකගේ අකුරු ය.නමින් ඈ රුචිරා ප්‍රේමකීර්ති ද අල්විස් ය.ඇගේ නාමය තුලින් අපට එකවර ම සිහියට එන්නේ මීට විසි අට වසරකට පෙර ශ්‍රී ලාංකීක ජනතාවගේ නෙත්,සිත්,සවන් දිනාගත් ඒ මධුර ගී පද රචකයා,රූපවාහිනිය හා ගුවන් විදුලිය දික

පිය සටහන්....

Image
                                      Mobile Photography By - Tilinamal Susara Amaraweera

ඔබ කව්රුදැයි සිතමි.....

Image
                      සියලු දේ අමතක වන දින කිහිපයක් මම ගෙවමි කන බොන දේ පවා ඉක්මනින් දිය වෙන විටක ඔබ පවා මඟහැරෙන... මහා පර්වත නඟින වැව් තලා දෙබෑ කරන සීතල පොළොවක වැතිරෙන නාඳුනන මීවිත මුණගැසෙන දින කිහිපයක තනිවෙමි... අතීතේ ලියු රස කවිපදවල තේරුම නැවත සොයනෙමි ඒ වචන කොහෙන් ගෙනාවේ'දැයි නිතර සුළඟෙන් විමසමි පසුව, ඔබ කවුරු'දැයි සිතමි             - පුෂ්ප තරංග -

"Mother" මවගේ හදවත තුළින් බිහි වූ ලෝකය ......

Image
                                                                                                                              සිනමාව තුළ යතාර්ථය නිරූපණය කිරීම සඳහාම  විවිධාකාර න්‍යාය මතවාද හා ආඛ්‍යාන බිහිව ඇත . සිනමාව තුළ යතාර්ථය පෙන්වීමට සාම්ප්‍රදායික කලාවට අභියෝගයක් වෙමින් ගොඩනැගෙන්නා වූ විශිෂ්ට න්‍යායන් කිහිපයකි. ඒ නම් බ්‍රිතාන්‍ය නව යතාර්ථවාදී සිනමාව , යතාර්ථවාදී සිනමාව , ඉතාලි නව රැල්ල , ප්‍රංශ නව රැල්ල , ඩෙන්මාර්ක් සිනමාව , ආසියානු හා ජර්මන් සිනමාව ආදී න්‍යායන් සිනමා කරුවන් විසින් පරිශීලනය තුළින් සිනමාව ලෝකය තුළ  ප්‍රමුඛතම කලා මාධ්‍යය වීමට පුරෝගාමි වී තිබෙනුයේ  මෙම සිනමා ආඛ්‍යාන හා න්‍යායන්ය. තව ද සිනමා කලාව කලා මාධ්‍යයන් තුළ සංකීර්ණ ව්‍යුහයක් වීමට හේතු වූයේ අධියතාර්ථවාදී සිනමාව බිහිවීම බව මාගේ මතයයි . මන්ද ස්වභාවික ලෝකය තුළ තුළ සිදුවීමට නොහැකි විශ්මිත සහ අද්භූත රූප අධියථාර්ථවාදී සිනමා ශානරය තුළ හඳුනාගත හැක ."Mother" එ නම් " Darren Aronofsky" විසින් නිර්මාණය කරනු ලැබූ පෙර නොවූවිරු අපූරු සිනමා කෘතියකි. මෙම සිනමා කෘතිය කියවීම  තුලින් මනස තදින් ස්පර්ශ කරනු

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ .....

Image
                            මෑත කාලයේ ඉමහත් ජනාදරයට පත් සිනමාපටයක් වශයෙන් ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිමැවෙන ඝරසර්ප සිනමාපටය ප්‍රේක්ෂකයාට වෙනස් වූ අත්දැකීමක් ලබාදෙන්නකි . ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ පද රචනාවක් වන භාචි සුසාන් හා සමිතා මුදුන්කොටුවගේ ගායනයෙන් හැඩවෙන " හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ " නම් ගීතය සලකා බැලීමේ දී ඊට රසවින්දනාත්මක මිහිරක් එකතු කිරීම සඳහා ඒ පිළිබද විචාරාත්මක කථිකාවක් ගොඩනැගීම අපේක්ෂාවයි . ඒ හරහා ගීතයේ මිහිරියාව මතුපිටින් විඳගන්නා රසිකයා හට එහි අර්ථාන්විත මිහිරියාව හඳුනා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත .  '' හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳිමින් සෙනේ මහ මෙරක් වගේ '' මෙහි ගී පදයට අනුව හැම දෙයක්ම එකක් ලෙස ප්‍රකාශවේ . ආදරය යන ආත්මීය සිදුවීම පිළිබඳව සාකච්ඡාවට ගනු ලබන මෙම ගීතයේ ආදරය කරන්නන් හමුවේ පවතින සියළු සිදුවීම් ආදරය ලෙස අර්ථවත් කිරීමට ඔවුන් පෙළඹීම පිළිබඳ සාකච්ඡාවට ලක්වේ . රාගය , තරහව , අනෙකා පරයායාම , අනෙකා රිදවීම , අනෙකා පහත් තමා උසස් ලෙස සැලකීම , පුරුෂාධිපත්‍ය ආදී වූ සියළු මානසික තත්වයන් ආදරය ලෙස ප්‍රකාශ කිරීමට ඔව

සංවර්ධනය සහ සංවර්ධන සන්නිවේද ව්‍යාපෘති පිළිබඳ සැකෙවින්.....

Image
                               ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම කරනු ලබන්නේ යම්කිසි ගැටළුවකට විසදුමක් ඉදිරිපත් කිරීමක් වශයෙනි . ප්‍රධාන ධාරාවේ සන්නිවේදන මාධ්‍ය මෙන්ම අන්තර් පුද්ගල හා සමූහ සන්නිවේදන ක්‍රියාකාරකම් ඔස්සේ ද අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම පිණිස යොමුවිය හැකිය . ගැටළුවේ ස්වාභාවය හා අදාල ග්‍රාහක ප්‍රජාවගේ ස්වභාවය අනුව එය තීරණය වේ . ව්‍යාපෘතිය දියත්කරන්නා සතුව මූලික අවබෝධය තිබීම අනිවාර්ය සාධකයක් වන අතර නිශ්චිත කාලයක් තුළ අරමුණු කිහිපයක් මුදුන්පත් කරගැනීමට හෝ සැලසුම් කරගැනීමට හෝ සැලසුම් කරන ලද ක්‍රියාපටිපාටියක් ලෙස සන්නිවේදන ව්‍යාපෘතියක් හදුන්වා දිය හැකිය . මේ ආකාරයට ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී එය මනාව කළමණාකරනය කිරීම වැදගත් වේ . තවද ව්‍යාපෘති සැළසුම්කරණයේ අරමුණ විය යුත්තේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමත් ව්‍යාපෘතිය අපේක්ෂිත ඉලක්ක කරා මෙහෙයවීමත් ය . සන්නිවේදන ව්‍යාපෘතියක් සැළසුම් කිරීම තනි පුද්ගලයෙකුට කළ හැක්කක් නොවේ . එය සාමූහික ප්‍රයත්නයකි . මේ සදහා පොදු යොමුවක් හා පොදු එකඟතාවයක් තිබීම වැදගත් වේ . සංවර්ධන සන්නිවේදන ව්‍යාපෘතියක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම

දෙන්නට බැරිද බඩගිනි නොදැනෙන ඔසුව ....

Image
                           උණ්ඩ වැදී  මගෙ අම්මා වැතිර බිම කතා නොකර සිටියා ඇසේ කදුළු කැට හවස් යාමයේ එදින ම හත්වෙනි පැයට අනාථ දරුවෙක් වූයෙමි නැති කිසි හව්හරණ මට සත්දින සත්මස යන විට දිවි ගමන තවත් සොහොයුරන් හමුවිය තනිකමට හැමදා පරිදි  කුස අඬනා සෑමවිට බලා හිඳිමි  කවුරුන් හෝ ඇවිත් දෙනතුරු රස කෑම ආවේ තරුණ මහතෙක් අනාථ අපෙ කදවුරට  ඇසූ පරිදි දොස්තර මහතෙකි වටින දුන්නේ අහර හිස අතගා කරුණාවෙන් ඇසුවේ පුතේ බඩගිනි දැයි ආදරයෙන්  පිළිතුරු දීම විනා පැනයකි නැගුනේ මහට දොස්තර මහතෙක් නේද ඔබ දෙන්නට බැරිද  බඩගිනි නොදැනෙන ඔසුව ඇසුවේ මම එකවිට ම  එකවර මුව සිනා බැහැරව යද්දී  ගලා ආවේ ඔහුගේ ඒ කදුළු කැටයි අම්මා බිම වැතිර සිටි දා  මා දුටු කදුලේ පැහැයයි නොදැනේ . මා වරදක් ඇසුවේ දැයි.......             - තිලිනමල් සුසරා අමරවීර -

ජපානයේ සාම්ප්‍රදායික නාට්‍ය කලාව..

Image
                                          ජපානය වෙනත් රටවලින් තාක්ෂණය සිරිත්විරිත් කලාශිල්ප ආදියේ ආභාෂය ලබාගෙන ජපානයටම විශේෂ වූ සංස්කෘතියක් ගොඩනගාගෙන ඇත . ආසියානු සංස්කෘතිය හා බටහිර නවීන සංස්කෘතියේ මනා සංකලනයෙන් උසස් තත්වයේ නාට්‍ය කලාවක් බිහිකර ඇත එම සාම්ප්‍රදායික නාට්‍ය අතර කබුකි , නෝ , ක්යෝගෙන් , බුන් රකුවේ . කබුකි  දාහත්වන ශත වර්ෂයේ ආරම්භ වුන කබුකි නාට්‍ය කලාව රංගන ශිල්පීන්ගේ ලාලිත්‍යමය කතා විලාශය , සිත් ඇදගන්නා සුළු වස්ත්‍රාභරණ මෙන්ම වේදීකාවේ රංගනය ත්‍රීව්‍ර කිරීමට යොදාගන්නා කාර්මික ක්‍රමෝපායන්ගෙන් ද සමන්විතයි . ශිල්පීන් හැඩගන්වන රූපලාවන්‍ය ක්‍රම නිසා ඔවුන්ගේ චරිත මෙන්ම මනෝභාවයන් ද උද්දීපනය වේ . කබුකි නාට්‍ය මධ්‍යකාලීන මාතෘකා පදනම් කරගෙන ඇති අතර ගැහැණු චරිත පවා රඟ දක්වන්නේ පිරිමි අයයි .  නෝ ජපානයේ පැරණිම සංගීත නාට්‍ය ක්‍රමයයි . මේ නාට්‍ය වලට දෙබස් පමණක් නොව ගායනය සංගීතය හා නැටුම් ඇතුලත් වේ . වර්ණවත් ඇඳුමකින් සැරසී සිටින ප්‍රධාන නළුවා තීන්ත ගා ඔප දැමූ වෙස් මුහුණක් පැළඳීම විශේෂ ලක්ෂණය කි . මේ වෙස් මුහුණු මගින් තරුණ පිරිමි ළමයි , දෙවිවරු , මහළු කාන්තාවන් , මහළු පිර

HollyWood සුළුතරයේ අරගලය Joker ද ?

Image
                                                          හොලිවුඩයේ බිහිවූ ආදායම් වාර්තා තැබූ සිනමා පටයක් බවට Joker පත්ව තිබේ . මෙම ආදායම් වාර්තා තැබීම පිටුපස තිබෙන්නා වූ බොහෝමයක් කරුණු පවතී . ඇමරිකානු ප්‍රබන්ධ කතා ඉතිහාසය වෙනස් කල චිත්‍රපටයක් ලෙස Joker චිත්‍රපටය ප්‍රකාශ කිරීම නිවැරදි වේ . Joker යන චරිතය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී බැලූ බැල්මට ම එය මිනිසෙකුගේ ඛේන්දාන්තය පිළිබඳව කතාකරන ආඛානයක් ලෙස පෙනුන ද එය එසේ නොවේ යන්න මාගේ අදහසයි . මාගේ අදහසට අනුව එය Super Hero චරිතයකි . The Dark night චිත්‍රපටය හා සම්බන්ධතාවයක් Joker චිත්‍රපටයට ඇති බව මාගේ මතයයි . Joker මනුශත්වයෙන් ඔබ්බට ගිය සුපිරි මිනිසෙකුගේ කතාවක් ප්‍රේක්ෂකයාට ජනනය කරයි . මෙම චිත්‍රපටයේ නොවිසඳෙන ගැටළුවක් පවතී . එනම් Joker ගේ මව පවසන දේ ඇත්තද නැතිනම් ඇය පවතින රෝග තත්වය නිසා ආතර්ගේ පියා පිළිබද ප්‍රකාශ කරන දේ බොරුවක් ද යන්නයි . ආතර්ගේ චරිතය සිනමා පටය තුල විශාල මානසික කම්පන තත්වයක් ඇති කරවන සිද්ධිදාමයක් වෙත මුහුණ දීමට සිදුවන චරිතයක් බවට පත්කර තිබේ . රජය මගින් ලබාදෙන බෙහෙත් නැවැත්වීම , රැකියාව අහිමිවීම , මව රෝගාතුර වීම  ආදිය එයට න

පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ.....

Image
රත්න ශ්‍රී විජේසිංහයන් විසින් ගේය පද රචනා කරන්නට යෙදුණු සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ නම් ගීතය පිළිබඳ පුළුල් විග්‍රහයක නිරත වීමට මෙහිදී අදහස් නොකරමි . ගීතය පිළිබඳ හදවතට දනෙන්නා වූ පිරිසිදු හැගීම් සිතුවිලි සමුදායක් බෙදා හදා ගැනීම මෙහිදී අපේක්ෂිතය . චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ ඒ අනුව මෙහිදී විජේසිංහයන් ගීතය ආරම්භයේ ම ගීතයේ කථා නායිකාව වන ගැහැණු ළමයා පිළීබඳ කිසියම් වූ ඉගියක් , අදහසක් ලබාදේ . "  චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ "  යනුවෙන් හදුන්වා දීම තුළ ඇය කෙතරම් සුන්දර , පවිත්‍ර , අවිහිංසක යුවතියක් ද යන වග පෙන්වා දේ . එවන් වූ කෙල්ලෙක් කෙතරම් ආරක්ශා කරගත යුතු ද යන හැගීම ඕනෑම දෙමාපියෙකු තුළ පවතින්නකි . එක්තරා පියෙකුගේ දුහිතෘ ස්නේහය හා කාරුණික බව පද පෙළ පුරාවට ම විහිදී පවතින ස්වාභාවය පද රචකයා පෙන්වා දෙනුයේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ යනුවෙන් පැවසීම තුළය . එනම් අන් පියවරුන්ට වඩා මෙම පියා තම දියණියට කාරුණිකව ආ

හිමි අහිමි ......

Image
" අනේ දුවේ උඹටවත් මම කියන දේ තේරෙන්නෙ නැති හැටියක් . උඹට ඔයිට වැඩිය ඉගෙන ගෙන මොනවා කරන්නද බං මොකද කැම්පස් යන්නද අතේ පිච්චියක් නැ . රෑ තිස්සෙ නැහිලා නැහිලා පැඳුරු වියලා ගන්න එකෙන් මහ එකා සප්පායං වෙනවා " කුස්සියෙ පිල මත වාඩි වී සිටි සුමනාවතී සුසුම් ලමින් කියා සිටියාය . " අනේ මන්දා   බං මේ හොයන සොච්චමෙන් ඕවට ගන්න පොත්පත් වත් හරිහමන් විදිහට ගන්න පුළුවන් වෙයිද බං " කඳුලු සලමින් සිටින තම දියණියගේ ආසාව ඉටුකර ගැනීමට නොහැකිවේදැයි සුමනවතී ළතැවුලට පත් වූවාය . " ඉතින්   නාඩ කියහංකෝ ඕවට කොච්චර ගාණක් යනවද කියලා මම මොකක් හරි උප්පරවැට්ටියක් " දාන්නංකෝ උඹලගේ මහ එකාව කැමති කරවගන්න . මේක නම් අපි දෙන්නගෙම කරුමෙ දුවේ . මිනිහෙක් හිටියට වැඩක් තියෙනවයැ . හම්බ කරන සොච්චමත් බීමට තමා " දරිද්‍රතාවයේ   පතලටම කිමිදෙච්ච පවුලක එකම දියණිය වූ අනුලා නිතර මුහුණ දීමට සිදුවන අඟහිගකම් මැද්දේ සාමාන්‍ය   පෙළ විභාගය සමත් වී උසස් පෙළ විභාගය කිරීමට සුදුසුකම්

තනිකම .....

Image
                           අමාවක සඳකි අ දමා ඔබ නොමැති ඝන අන්ධකාරය රජයන නිශායාමේ..... කල් ගෙවනා තනිවම නැත කිසිවකුත් තනි මැකුවට ළග පාළුවේ.... කමි ගී ලියමි නුඹ සිහිකර නිශායාමේ ගෙවෙනා තුරු එනවාද නුඹ තනුව වී එළිය අරන් ඝනදුර නිවාලන්නට......       - සදලි හංසනී -

විරහව....

Image
                            සතුටින් ඉන්නැති ඔබ මා හැර ගිය                       දවසේ සතුටක් නෑ මට මුළු ජීවිතයම දුකක්                      වුනේ මලක් නෙලා ගෙන පිදුවත් ඔබ මට පෙර              දවසේ යටි හිත විමසයි ඔබ ගැන නිතර                       දෙවේලේ  අහස්කුසේ වලාකුලක මෙන් ඔබෙ                  සෙනෙහේ  මොහොතින් මොහොත වෙනසක් වූවා නොසිතු   ලෙසේ  සුළගේ ලෙලදෙන පහන් සිලක් සේ සිතුම්               ඔබේ මගේ පැතුම් මැද අසරණ වූවා දෝ                        රහසේ මැණිකක් මෙන් ඔබ රැකගෙන ඉන්නයි මා           පැතුවේ චපල ඔබේ ඔබේ සිත සරදම් කෙරුවා මට             සිතුසේ තුරුළු කරන් දුක වින්දෙමි සැමදා මා                      තනියේ  ඔබෙ ලොව තුල මනසින් සැරිසරනෙමි ඉතින්         ඔහේ                                                         - සදලි හංසනී -

ප්‍රේමය ....

Image
                                  නිසල පුලිඟු පබළු අතර දෝරේ ගලන සෙනෙහෙ සිසිල නීල අහසේ මාල බැන්ද සේල වියන වලාකුලක විහඟ ගීත තාල වයන සුළගත් අද සිලි සිලියෙම පාට ගෑව දේදුන්නට රහසේ පෙම් බස් මුමුණන සියුම් රිදුම් දිදී පාරනා ප්‍ර්‍රේමය හිත පිරිමදිම්න් අගුල් නොදා ඔබේ හදට ඇසිල්ලකින් ඔබේ හද විවර කර පමා වී පැමිනි ඔබේ සිත කලක් ඇල්මෙන් හිද බිදුණු සිතකින් නම් නැත " පේමය " අවාරේ පිපි මලක් මෙන් සැලී මසිතේ දූලි සුළගේ හදෙහි ලියලා වැඩුණු හැගුම ප්‍රේමය විය       - සදලි හංසනී -

බලන් කඩතුරා හැර දෑසේ.......

Image

නූතන කිසා ගෝතමියක් !

Image
( රජරට ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමක් පිළිබඳව පළ වූ පුවත් පත් වාර්තාවක් කාව්‍යට නැගීම )                                    තිරිසන් ලොවක ඉපදුනමුත් පෙර       පවට ඉන් නොම වේය වැට සීමා දරු        පෙමට කොයි මව් හදෙත් එල දරනා ලේ       නහර ඒ සැම උකුය එහි ඇත්තේ දරු        පෙමැය වඳුරු කුලේ ඉපදුන මුත් නැත           නිම්මා දරු වියොවින් උහුලන ගිනි මේ         අම්මා තිරිසන් උනත් ඈ පණ දුන් ඇගෙ      දරුවා ඈවත් නොදනීද ගෙන ගිය බව         මරුවා මව් බඳ වටා නිතරම අත් යුග             රැදුනි තුරු වැල් මතින් දිවි ගෙවුයේ     සුරතලෙනි වන පෙත පවා වැළපුණි ශෝකෙන්   මිරිකී වාවනු කෙලෙස දරු පැටියා අද     නොමැතී නොමිනිස් උනත් ඈ ළඟ ඇති දරු   පෙම්මා සයුරු තෙරක් තරමට හද ඉකි           බින්දා ඈ මළ බිළිඳු උණුසුම් ලෙස පපුවෙ   හොවා රටට ම කීවෙ මිනිසුන් ළඟ නැති     පෙම්මා මව්වරු උනත් උහුලන දුක් සිතින්          දරා නොමළ පුතුන් සං දිය මත පා         කෙරුවා දරුවන් මරණ පියවරු ලොව සිටින      නිසා පැවසිය හැකිය දරු පෙම නම් මෙයැයි  කියා සසරෙහි මැරෙන උපදින ඒ දුක          උහු

කසුකුසුව -යශෝධා රසඳුනි සමඟ

Image
"ගුණාත්මකබවින් යුක්ත නිර්මාණවලට දායක විමෙන් කලාකාරිනියකට වටිනාකමක් ලැබෙනවා." ජිවිතය තුළ විවිධකාරයේ පුරුදුවලට අපි ඇබ්බැහි වෙලා තියෙනවා. එවායේ ප්‍රතිඵල එක වෙලාවකට  හොද විදිහටත් ,තවත් වෙලාවකට නරක විදිහටත් බලපානවා. එක තීරණය වෙන්නේ පුරුද්දේ හොද - නරක අනුව තමා. අද " කසුකුසුව " තුළින් මම ඔබට අද මුණගස්සවන්නේ රගපෑම ඇබ්බැහියක් කරගත් තරුණියක්වයි. ඈය නම් 2019 සුමති සම්මාන උළෙලේ හොද ම සහය නිළිය හිමි සම්මානය හිමි කරගත් යශෝධා රසදුනියි. ඈ මේ සම්මානය හිමි කරගත්තේ ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණය කල "තාත්තා" ටෙලිනාට්‍යයේ  "යසවති"ගේ චරිතයට රංගනයෙන් පණ පෙවිමෙනුයි.  1.රංග කාර්‍යයේදි නළුවෙක්ට සාපේක්ෂව නිළියකට මුහුණ දීමට සිදුවන විශේෂ අභියෝගයන් ඔබ දකිනවාද ?    එහෙම විශේෂ අභියෝගයන් මම තාම දැකලා නෑ. අභියෝගය තියෙන්නේ චරිතය එක්ක. ‍රංගනයේදි මීට පෙර කවදාවත් නොකරපු යම් දේවල් කරන්න තියෙනවා නම් ඒවා ඒ චරිතයට ගැලපෙන විදියට කිරීම අභියෝගයක් විදියට මම සලකනවා. ඒක නිළියකට වගේම නළුවාටත් පොදුයි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. නිළියකට තමන් ‍රංගනයේ යෙදෙන විට තමන් සමඟ