විරහව....





                           Image result for alone girl






සතුටින් ඉන්නැති ඔබ මා හැර ගිය                       දවසේ
සතුටක් නෑ මට මුළු ජීවිතයම දුකක්                      වුනේ
මලක් නෙලා ගෙන පිදුවත් ඔබ මට පෙර              දවසේ
යටි හිත විමසයි ඔබ ගැන නිතර                       දෙවේලේ 

අහස්කුසේ වලාකුලක මෙන් ඔබෙ                  සෙනෙහේ 
මොහොතින් මොහොත වෙනසක් වූවා නොසිතු   ලෙසේ 
සුළගේ ලෙලදෙන පහන් සිලක් සේ සිතුම්               ඔබේ
මගේ පැතුම් මැද අසරණ වූවා දෝ                        රහසේ

මැණිකක් මෙන් ඔබ රැකගෙන ඉන්නයි මා           පැතුවේ
චපල ඔබේ ඔබේ සිත සරදම් කෙරුවා මට             සිතුසේ
තුරුළු කරන් දුක වින්දෙමි සැමදා මා                      තනියේ 
ඔබෙ ලොව තුල මනසින් සැරිසරනෙමි ඉතින්         ඔහේ


                                                        - සදලි හංසනී -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ