හිමි අහිමි ......






"අනේ දුවේ උඹටවත් මම කියන දේ තේරෙන්නෙ නැති හැටියක්. උඹට ඔයිට වැඩිය ඉගෙන ගෙන මොනවා කරන්නද බං මොකද කැම්පස් යන්නද අතේ පිච්චියක් නැ. රෑ තිස්සෙ නැහිලා නැහිලා පැඳුරු වියලා ගන්න එකෙන් මහ එකා සප්පායං වෙනවා"
කුස්සියෙ පිල මත වාඩි වී සිටි සුමනාවතී සුසුම් ලමින් කියා සිටියාය.
"අනේ මන්දා බං මේ හොයන සොච්චමෙන් ඕවට ගන්න පොත්පත් වත් හරිහමන් විදිහට ගන්න පුළුවන් වෙයිද බං"
කඳුලු සලමින් සිටින තම දියණියගේ ආසාව ඉටුකර ගැනීමට නොහැකිවේදැයි සුමනවතී ළතැවුලට පත් වූවාය.
"ඉතින් නාඩ කියහංකෝ ඕවට කොච්චර ගාණක් යනවද කියලා මම මොකක් හරි උප්පරවැට්ටියක්" දාන්නංකෝ උඹලගේ මහ එකාව කැමති කරවගන්න. මේක නම් අපි දෙන්නගෙම කරුමෙ දුවේ. මිනිහෙක් හිටියට වැඩක් තියෙනවයැ. හම්බ කරන සොච්චමත් බීමට තමා"
දරිද්‍රතාවයේ පතලටම කිමිදෙච්ච පවුලක එකම දියණිය වූ අනුලා නිතර මුහුණ දීමට සිදුවන අඟහිගකම් මැද්දේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ විභාගය කිරීමට සුදුසුකම් ලැබුවාය. අනුලාගේ හොඳම මිතුරිය වු ප්‍රියා  උසස් පෙළ කිරීමට සුදුසුකම් ලැබූ අතර ඇය නෙළුම්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තුමගේ දියණිය වූවාය. ඇයට යහමින් මුදල් තිබුණද තම දුප්පත් මෙන්ම හොඳම යෙහෙලිය වූ අනුලාට හැකි පමණින් උදව් කළාය. දෙදෙනාම උසස් පෙළට කලා අංශයෙන් පෙනී සිටීමට තීරණය කළාය.
"අනේ මන්දා ප්‍රියා මාත් ආසයි නැටුම් වලින් ඉදිරියට යන්න උසස් පෙළින් පස්සෙ උනත් ඒත් ඔයා දන්නවනේ අපේ තත්වේ"
අනුලා එසේ පැවසුවෙ තම ආශාවන් සිතේ සඟවා ගනිමිනි.
"ඔව් බං උබට හොදට නටන්නත් පුළුවන් එකේ සෞන්දර්ය කැම්පස් තේරුණොත් ගොඩම තමයි. අනිත් විෂයන් දෙකටනම් පන්ති යන්න ඕන් නෑ හැබැයි ඉං නැටුම් වලටනම් ඕනී. මම උදව් කරන්නම්කෝ උඹට."
මේ දෙදෙනාගේම ආශාව වූයේ කලා අංශයෙන් ඉදිරියටම යාමටයි. නර්තන හැකියාවට මනා දස්කම් දැක්වූ මේ දෙදෙනාටම සිය එකම අභිප්‍රාය වූයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට අතුළත් වීමටයි. ප්‍රියාට  පිළිබඳ ගැටලුවක් නොමැති බවත් අනුලාගේ දුප්පත්කම ඉදිරියේ ඇගේ සිහිනය පිලිබඳ අසරණ වූවාය.
"අම්මේ මට නැටුම් පන්ති යන්න ඕනේ. ප්‍රියාලගේ ගෙදර මිස් කෙනෙක් එනවලු උගන්නන්ඩ මාත් යන්නං"
සුමනාවතී තම දියණියගේ ඉල්ලීමට එකඟතාවය ඵල කෙරුවේ ඇගේ අහිංසක සිහිනය බොඳ කිරීමට නොහැකියාව නිසාය.ඇගේ ඉල්ලීමට තම මව කැමැත්ත පල කිරීම නිසා ඇය සිටියේ ඉහවහා ගිය ප්‍රීතියෙනි .
නර්තනයෙන් කුසලතා දක්වමින් විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යව වූයේ අනුලාය. ප්‍රියාටත් වඩා නර්තනය සදහා සහජ කුසලතාවක් අනුලාට තිබිණි. කෙසේ හෝ තම දියණියගේ අහිංසක සිහිනය සඵල කිරීම සදහා සුමනාවතී දියණියගේ වියදම් අතපහු නොකර ගෙවා දැම්මාය. .පො. උසස් පෙළ විභාගය කට උඩටම ළං විය. ප්‍රියාටත් අනුලාත් සිය ජීවිත ගමනේ කඩඉම් විභාගය අවසන් කොට පාසල් ඇඳුමට සමුදුන්නේ ඉහවහා ගිය ප්රීතියෙනි. විභාගය අවසන් වූ පසුද ඔවුන් නැටුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරේ දෙදෙනාගෙම බලාපොරොත්තුව තිබුණේ නැටුම් වලින් ඉදිරියටම ගොස් නැටුම් ගුරුවරියක් වීමටයි.
මෙසේ කාලය කෙමෙන් කීමෙන් ගෙවී ගිය අතර දිනක් නිවස ඉදිරිපිටින් ඇසුනෙ හුරුපුරුදු කටහඩකි.
 ප්‍රියාය. "අන්න ප්‍රතිඵල ඇවිල්ලලු ඉක්මනට යමං ඉස්කෝලෙට."
දෙදෙනාම පාසලට යන්නේ මාස කිහිපයකට පසුය. ඔවුන් ප්‍රතිඵල බැලීමට පාසැල වෙත ගියේ සතුටට වඩා බිය මුසු වූ සිතිනි.මොවුන් දෙදෙනාගේම සරසවි වරම් ගැනිමේ සිහිනය සැබෑ කරමින් දෙදෙනාම සමත්  වී සිටියහ. ප්‍රියාට නර්තනයට B සාමර්ථයක් තිබුන අතර අනුලාට A සාමාර්ථයකට උපරිම සුදුසුකම් ලබා සිටියාය.
සරසවි සිහිනය සැබෑ වීමේ සතුටු සිතින් අනුලා හනි හනිකට නිවස වෙත පිය නැගුවාය.
ඇය තම සිහිනය පිළිබඳ හීන දකිද්දී ඇගේ ජීවිත සිහිනය අනුලාගෙ පියා උඳුරා දැමුවේ විවාහ යෝජනාවත් අනුලාට තීන්දු කරමිනි.
"උබ දැන් ඉගෙන ගත්තා ඇති උබලට මොන කැම්පස්ද බං අර සෝමදාසගේ කොලුවා උඹට මනාපලු. අද හෙටම ලෑස්ති වෙයං මම කටයුත්ත තීන්දු කරන්නම්."
අනුලා කෙසේ හඬා වැලපුනද ඇගේ පියාගෙන් බුරුලක් නොවීය. අවසානයේ ඇගේ සරසවි සිහිනය බොඳව ගියේ කඳුලු සයුරක ගිල්ලවමිනි. ඇගේ විවාහයට පෙර දිනයේ පැමිණි ප්‍රියා අනුලාගේ නිවසට පැමිණියේ අවසන් වරට මිතුරියගේ සිත හදන්නටයි.
"මොනවා කරන්නද අනුලා මේ උබේ ලැබීම මම ලියුම් එවන්නම් මට කරන්න දෙයක් නෑ බං"
ප්‍රියා මිතුරියට ආයුබෝවන් කීවාය.
"මට බැරි වුණ හීනේ උඹ දැකපං මං හීනෙන් හරි එන්නම් කැම්පස්"


                                                               - සදලි හංසනී -

Comments

  1. How to enter and withdraw winnings from live casinos at casinos
    In this article, 계룡 출장안마 we'll be going back to the basics with a list of all the accepted 남양주 출장마사지 methods at your casino, how to deposit 제주도 출장샵 money and withdraw 화성 출장마사지 winnings. 양산 출장마사지

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ