ඔබ කව්රුදැයි සිතමි.....


                     person looking out through window

සියලු දේ අමතක වන
දින කිහිපයක් මම ගෙවමි
කන බොන දේ පවා
ඉක්මනින් දිය වෙන

විටක ඔබ පවා මඟහැරෙන...

මහා පර්වත නඟින
වැව් තලා දෙබෑ කරන
සීතල පොළොවක වැතිරෙන
නාඳුනන මීවිත මුණගැසෙන

දින කිහිපයක තනිවෙමි...

අතීතේ ලියු රස කවිපදවල
තේරුම නැවත සොයනෙමි
ඒ වචන කොහෙන් ගෙනාවේ'දැයි
නිතර සුළඟෙන් විමසමි

පසුව,
ඔබ කවුරු'දැයි සිතමි

            - පුෂ්ප තරංග -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ