ජපානයේ සාම්ප්‍රදායික නාට්‍ය කලාව..

                 
                       Related image



ජපානය වෙනත් රටවලින් තාක්ෂණය සිරිත්විරිත් කලාශිල්ප ආදියේ ආභාෂය ලබාගෙන ජපානයටම විශේෂ වූ සංස්කෘතියක් ගොඩනගාගෙන ඇත . ආසියානු සංස්කෘතිය හා බටහිර නවීන සංස්කෘතියේ මනා සංකලනයෙන් උසස් තත්වයේ නාට්‍ය කලාවක් බිහිකර ඇත එම සාම්ප්‍රදායික නාට්‍ය අතර කබුකි , නෝ , ක්යෝගෙන් , බුන් රකුවේ .

  • කබුකි 
දාහත්වන ශත වර්ෂයේ ආරම්භ වුන කබුකි නාට්‍ය කලාව රංගන ශිල්පීන්ගේ ලාලිත්‍යමය කතා විලාශය , සිත් ඇදගන්නා සුළු වස්ත්‍රාභරණ මෙන්ම වේදීකාවේ රංගනය ත්‍රීව්‍ර කිරීමට යොදාගන්නා කාර්මික ක්‍රමෝපායන්ගෙන් ද සමන්විතයි . ශිල්පීන් හැඩගන්වන රූපලාවන්‍ය ක්‍රම නිසා ඔවුන්ගේ චරිත මෙන්ම මනෝභාවයන් ද උද්දීපනය වේ . කබුකි නාට්‍ය මධ්‍යකාලීන මාතෘකා පදනම් කරගෙන ඇති අතර ගැහැණු චරිත පවා රඟ දක්වන්නේ පිරිමි අයයි . 

  • නෝ
ජපානයේ පැරණිම සංගීත නාට්‍ය ක්‍රමයයි . මේ නාට්‍ය වලට දෙබස් පමණක් නොව ගායනය සංගීතය හා නැටුම් ඇතුලත් වේ . වර්ණවත් ඇඳුමකින් සැරසී සිටින ප්‍රධාන නළුවා තීන්ත ගා ඔප දැමූ වෙස් මුහුණක් පැළඳීම විශේෂ ලක්ෂණය කි . මේ වෙස් මුහුණු මගින් තරුණ පිරිමි ළමයි , දෙවිවරු , මහළු කාන්තාවන් , මහළු පිරිමින් , හොල්මන් වැනි චරිත නිරූපණය කරයි .
                   
                    Image result for no japan stage drama



  • බුන්රකු
16 වන ශත වර්ෂයේ ජනප්‍රිය වූ ලාලිත්‍යයෙන් පිරි , මනස්කාන්ත රූකඩ නාට්‍ය කලාවක් ලෙස ලෝකප්‍රසිද්ධය ෂමිසෙන් නම් වූ තත් තුනක් සහිත සංගීත භාණ්ඩයකින් වැයෙන සංගීතයට කතාව දිග හැරෙන්නේ ගීත තුලිනි .
                Image result for bunraku japan stage drama

  • ක්යෝගෙන්
සාම්ප්‍රදායික විකට නාට්‍ය විශේෂයකි . නෝ නාට්‍ය දෙකක් අතර මේ නාට්‍ය රඟ දැක්වෙන අතර වර්තමානය වන විට ක්යෝගෙන් නාට්‍ය පමණක් රඟ දක්වන අවස්ථා ද ඇත . මෙම නාට්‍ය වල ක්‍රියා හා දෙබස් විශේෂ ශෛලියකට අනුව රඟ දැක්වේ . 

                     Image result for kyogen japan stage drama

                                                              - සඳලි හංසනී -



Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ