"දුවකගේ කඳුළු"

 





- රුචිරා ප්‍රේමකීර්ති ද අල්විස් -

  මවකගේත්,පියෙකුගේත් ආදරය,ආරක්ෂාව එකට කැටිවුණ දරුවෙකුගේ ලෝකය මනරම් ය.ඇතැම් විට භෞතික සැප සම්පත් හිඟ වුව ද ඔහුගේ ලෝකය සතුටින් අනූන ය.නමුත් වත්මන් සමාජයේ නව යෞවන යෞවනියන්ගේ ක්‍රියාකාලප,සිතුවිලි දෙස නෙත් හෙලිමේදි හැඟියන්නේ අතැම් දරුවන්ට තම දෙගුරුන්ගේ වටිනාකම නොවැටහෙන බව ය. වෙනත් බාහිර දෑ මවට,පියාට තම ලොව තුල තිබෙන සිමාකොට ඇත.නමුත් මව,පියා හෝ ඒ දෙදෙනා ම අහිමි දරුවෙකුට මේ තත්වය සම්පුර්ණයෙන් ම හාත්පසින් වෙනස් වේ.දෙමාපිය සෙනෙහස අහිමි වන දරුවන් අවට ලෝකයේ මව සහ පියාගෙන් ආදරය,ආරක්ෂාව නිබඳ ලබන දරුවන් දෙස බලා නෙතින් කඳුළු  සැඟවුව ද,හදවත ගැඹුරේ ඇතිකරන ඒ වේදනාව කෙතරම් ද කියා දැනගත හැක්කේ අපට අපගේ මව හෝ පියා අහිමිවිමෙන් ම පමණි.

"සමහර විට ලැබෙන හැමදේට ම වඩා නොලැබි ගිය දේ හුඟක් වටිනවා"

#දුවකගේ කඳුළු

  "දුවකලේ කඳුළු" එවැනි දියණියකගේ අකුරු ය.නමින් ඈ රුචිරා ප්‍රේමකීර්ති ද අල්විස් ය.ඇගේ නාමය තුලින් අපට එකවර ම සිහියට එන්නේ මීට විසි අට වසරකට පෙර ශ්‍රී ලාංකීක ජනතාවගේ නෙත්,සිත්,සවන් දිනාගත් ඒ මධුර ගී පද රචකයා,රූපවාහිනිය හා ගුවන් විදුලිය දික්විජය කල ඒ අසහය නිවේදකයා, වෙනත් බොහෝ කලා ක්ෂේත්‍රවල තම අනන්‍යතාවය ලකුණු කල ඒ සොඳුරු මිනිසා,ප්‍රේමකීර්ති ද අල්විස් සුරින් ය.රචිකාවගේ මව දයා ද අල්විස් මැතිණිය යි.ඇය ද අතිදක්ෂ ගී පද රචිකාවක් වන අතර ප්‍රවිණ මාධ්‍යවේදිනියක් ලෙස නම් දරා ඇත.

  රචිකාවියකගේ මව සහ පියා අතර ඇතිවෙන මතභේදාත්මක ගැටුමේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන්විම ය.සියලු ප්‍රශ්නවලට විසඳුම ලෙස වෙන්විම තෝරාගැනිමෙන් අසරණභාවයට ලක්වන්නේ ඔවුන්ගේ ම ලෙයින් ජනිත වු දියණිය ය.මේ නිසා කථීකාවියට මානසිකව ඇතිවෙන පීඩනය සහ ශිෂ්ඨසම්පන්න සමාජයෙන් ඇයට මුහුණදිමට සිදු වු වේදනාත්මක අත්දැකිම් කෘතිය තුලින් ඈ අකුරු  කර ඇත.මේ තත්වය වඩාත් තිව්‍ර වන්නේ 1989 දි ප්‍රේමකීර්ති ද අල්විස් නාඳුනන තුවක්කුකරුවෙකු අතින් ඝාතනය වීමත් සමඟ ය.

  "දුවකගේ කඳුළු" තුල විශ්වයකට ප්‍රේම කරන පියෙකු තම දියණියට දක්වන අපිරිමිත සෙනෙහස,ඔහු ඇයට පොළොව මත පය ගසා සිටිම වෙනුවෙන් සිදුකරන මාර්ගෝපදේශය,බොහෝ අමිහිරි අහිමිවිම් තුලින් ජිවිතය බෙහෙවින් විඳ වු මවක් සිය පිය සෙනෙහස අහිමි දරුවාට තමා විදි අත්දැකිම් ඈට උරුමකර නොදිමට ක්‍රියාකරන ආකාරය,භෞතිකව වෙන්ව ජිවත් වුව ද සැමියෙකු  සහ බිරිඳක දෙදෙනාට දෙදෙනා සඟවන්නට යත්න දැරුව ද නොසැඟවෙන ගෞරවාදාරය මේ කෘතිය කියවන පාඨකයාට නිරූපණය වේ.එසේ ම ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ දෙවෙනි විවාහය වු නිර්මලා ද අල්විස් මහත්මිය ,දයා ද අල්විස් මහත්මිය සහ ඇගේ දියණිය සමඟ දක්වන අනෝන්‍ය සම්බන්ධය අශිෂ්ඨ දෘෂ්ටියෙන් නෙත් හෙලන වර්තමාන ලෝකයාට එල්ල කෙරු සැඬ අතුල් පහරක් වේ.

 දෙමව්පියන්ගේ හදිසි තීර‍ණයක් නිසා ගෙවන්නා වු හැම තත්පරයක් තත්පරයක් පාසා ම විදවන දරුවෙකුගේ ආත්ම භාෂාණයක් ලෙස "දුවකගේ කඳුළු" කෘතිය හදුන්වා දිය හැකි අතර සමාජයේ ඕනෑ ම තරාතිරමක, පන්තියක නියෝජනය කරන මවක්,පියෙක්,දරුවෙක් මේ දියණියගේ අකුරු වෙනුවෙන් නෙතු පියන් හැර බැලිය යුතු බව මගේ හැඟුම ය.

    - අයු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ