දෙන්නට බැරිද බඩගිනි නොදැනෙන ඔසුව ....
උණ්ඩ වැදී
මගෙ අම්මා වැතිර බිම
කතා නොකර සිටියා
ඇසේ කදුළු කැට
හවස් යාමයේ එදින ම
හත්වෙනි පැයට
අනාථ දරුවෙක් වූයෙමි
නැති කිසි හව්හරණ මට
සත්දින සත්මස යන විට දිවි ගමන
තවත් සොහොයුරන් හමුවිය තනිකමට
හැමදා පරිදි
කුස අඬනා සෑමවිට
බලා හිඳිමි
කවුරුන් හෝ ඇවිත්
දෙනතුරු රස කෑම
ආවේ තරුණ මහතෙක්
අනාථ අපෙ කදවුරට
ඇසූ පරිදි දොස්තර මහතෙකි වටින
දුන්නේ අහර හිස අතගා කරුණාවෙන්
ඇසුවේ පුතේ බඩගිනි දැයි ආදරයෙන්
පිළිතුරු දීම විනා
පැනයකි නැගුනේ මහට
දොස්තර මහතෙක් නේද ඔබ
දෙන්නට බැරිද
බඩගිනි නොදැනෙන ඔසුව
ඇසුවේ මම එකවිට ම
එකවර මුව සිනා
බැහැරව යද්දී
ගලා ආවේ ඔහුගේ ඒ කදුළු කැටයි
අම්මා බිම වැතිර සිටි දා
මා දුටු කදුලේ පැහැයයි
නොදැනේ .
මා වරදක් ඇසුවේ දැයි.......
- තිලිනමල් සුසරා අමරවීර -
Emotional reality . Great thoughts
ReplyDeleteThanks ❤
Delete😢😢😢😢
ReplyDeleteHithata danuna kanam �😓
ReplyDeleteNiyamai
ReplyDeleteAnee duka hithunaa
ReplyDeleteලස්සනයි..දිගටම ලියන්න..
ReplyDeleteVery good
ReplyDeleteGood luck sis...
ReplyDeleteGood luck sis...
ReplyDelete