HollyWood සුළුතරයේ අරගලය Joker ද ?

                            
                         Image result for joker 2019  image  

හොලිවුඩයේ බිහිවූ ආදායම් වාර්තා තැබූ සිනමා පටයක් බවට Joker පත්ව තිබේ . මෙම ආදායම් වාර්තා තැබීම පිටුපස තිබෙන්නා වූ බොහෝමයක් කරුණු පවතී . ඇමරිකානු ප්‍රබන්ධ කතා ඉතිහාසය වෙනස් කල චිත්‍රපටයක් ලෙස Joker චිත්‍රපටය ප්‍රකාශ කිරීම නිවැරදි වේ . Joker යන චරිතය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී බැලූ බැල්මට ම එය මිනිසෙකුගේ ඛේන්දාන්තය පිළිබඳව කතාකරන ආඛානයක් ලෙස පෙනුන ද එය එසේ නොවේ යන්න මාගේ අදහසයි . මාගේ අදහසට අනුව එය Super Hero චරිතයකි . The Dark night චිත්‍රපටය හා සම්බන්ධතාවයක් Joker චිත්‍රපටයට ඇති බව මාගේ මතයයි . Joker මනුශත්වයෙන් ඔබ්බට ගිය සුපිරි මිනිසෙකුගේ කතාවක් ප්‍රේක්ෂකයාට ජනනය කරයි . මෙම චිත්‍රපටයේ නොවිසඳෙන ගැටළුවක් පවතී . එනම් Joker ගේ මව පවසන දේ ඇත්තද නැතිනම් ඇය පවතින රෝග තත්වය නිසා ආතර්ගේ පියා පිළිබද ප්‍රකාශ කරන දේ බොරුවක් ද යන්නයි . ආතර්ගේ චරිතය සිනමා පටය තුල විශාල මානසික කම්පන තත්වයක් ඇති කරවන සිද්ධිදාමයක් වෙත මුහුණ දීමට සිදුවන චරිතයක් බවට පත්කර තිබේ . රජය මගින් ලබාදෙන බෙහෙත් නැවැත්වීම , රැකියාව අහිමිවීම , මව රෝගාතුර වීම  ආදිය එයට නිදසුන් වේ . එකී සිදුවීම් තුලින් ආතර්ගේ චරිතය වෙනයම් දිශාවකට තල්ලු වූවාදෝ යන මානසික දෝලනය ප්‍රේක්ෂකයාට ඇති කිරීමට අධ්‍යක්ෂක වරයා සමත්වී තිබේ . එහිදී ආතර් Joker වීමේ වගකීම ඇත්තේ සමාජයටද යන ගැටළුව ප්‍රේක්ෂකයාට ඇතිවේ  . 
                              Image result for joker 2019  image

Joker යනු Practical මිනිසෙකු ලෙස හුවා දක්වන අධ්‍යක්ෂක වරයා ඒ තුලින් ප්‍රේක්ෂක මනස වෙනස් කිරීමට උත්සාහ කර තිබේ . Joker  රූපවාහිනී වැඩසටහනේ සිටින පුද්ගලයා සහ මව යන දෙදෙනාම ඝාතනය කරයි . එතුලින් ප්‍රේක්ෂක චින්තනය නොසිතූ දිශාවකට තල්ලුවේ . එමෙන්ම Joker ජීවත්වන සමාජය තුල කිසියම් සමාජීය පීඩනයක් පවතින බව සෘජුව ප්‍රකාශ නොවුනද එම චිත්‍රපටයේ සිද්ධි දාමය තුලින් ඒ පිළිබද පැහදිලි අවබෝධයක් ලබාගත හැකිය , මින් පෙනීයන්නේ Joker ජීවත්වන සමාජය Jokers ලා වීමට උත්සාහ ගනිමින් සිටින බවයි . ඒ සදහා මානසික තත්වයන් සහ කිසියම් ආත්මීය සිදුවීම් බලපාන බව චිත්‍රපටයෙන් ගම්‍යමාන වේ . ධනපති ඉහල පන්තියේ සතුට සදහා  Joker යන චරිත නිර්මාණය කර ධනපතීන් ඔවුන් සෙල්ලම් භාණ්ඩ ලෙස පත් කරමින් සතුටු වන බව මෙහිදී ගම්‍යමාන වේ . මෙම සිදුවීම් වලට ප්‍රතිවිරුද්ද හඩක් නගන ආතර් Joker වී හොලිවුඩයේ සුළුතරයේ අරගලය සිදුකරනවාද යන්න ඔබට මට මෙන්ම සමස්ථ චිත්‍රපට රසිකයන්ට ම පැන නගින ගැටලුවකි  .    

                                                                                      - තිලිනමල් සුසරා අමරවීර -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ