"Mother" මවගේ හදවත තුළින් බිහි වූ ලෝකය ......

                                                        
                                                 Image result for mother film image
                  
සිනමාව තුළ යතාර්ථය නිරූපණය කිරීම සඳහාම  විවිධාකාර න්‍යාය මතවාද හා ආඛ්‍යාන බිහිව ඇත . සිනමාව තුළ යතාර්ථය පෙන්වීමට සාම්ප්‍රදායික කලාවට අභියෝගයක් වෙමින් ගොඩනැගෙන්නා වූ විශිෂ්ට න්‍යායන් කිහිපයකි. ඒ නම් බ්‍රිතාන්‍ය නව යතාර්ථවාදී සිනමාව , යතාර්ථවාදී සිනමාව , ඉතාලි නව රැල්ල , ප්‍රංශ නව රැල්ල , ඩෙන්මාර්ක් සිනමාව , ආසියානු හා ජර්මන් සිනමාව ආදී න්‍යායන් සිනමා කරුවන් විසින් පරිශීලනය තුළින් සිනමාව ලෝකය තුළ  ප්‍රමුඛතම කලා මාධ්‍යය වීමට පුරෝගාමි වී තිබෙනුයේ  මෙම සිනමා ආඛ්‍යාන හා න්‍යායන්ය. තව ද සිනමා කලාව කලා මාධ්‍යයන් තුළ සංකීර්ණ ව්‍යුහයක් වීමට හේතු වූයේ අධියතාර්ථවාදී සිනමාව බිහිවීම බව මාගේ මතයයි . මන්ද ස්වභාවික ලෝකය තුළ තුළ සිදුවීමට නොහැකි විශ්මිත සහ අද්භූත රූප අධියථාර්ථවාදී සිනමා ශානරය තුළ හඳුනාගත හැක ."Mother" එ නම් " Darren Aronofsky" විසින් නිර්මාණය කරනු ලැබූ පෙර නොවූවිරු අපූරු සිනමා කෘතියකි. මෙම සිනමා කෘතිය කියවීම  තුලින් මනස තදින් ස්පර්ශ කරනු ලබයි . මන්දයත් සංකීර්ණ වස්තු විෂයයන් කිහිපයක් පුරා එකම ස්ථානයක එනම් නිවසක් තුළ පමණක් වීම සහ ප්‍රධාන එක් චරිතයක් හා  චරිත තුන්සියයකට ආසන්න පිරිසක් රංගනයේ යෙදීම . මා පෙර සඳහන් කළ ආකාරයට පෙර නොවූවිරූ ආකාරයේ සිනමා අත්දැකීමකි. "අම්මා"යන්න වචන ය හදවතට තදින් සමීප වන්නේ මුළු ලෝකයේම අම්මාවරුන්  කාල භේදයකින් තොරව එක් චරිතයකින් නිරූපණය වීම තුළිනි. උදාහරණයක් ලෙස අපරදිග අම්මා සහ පෙරදිග අම්මා  ආදී ලෙස නිරූපණය කින් තොරව සැසඳීම කින් තොරව " අම්මා " ප්‍රේක්ෂකයාගේ හදවතට සහ බුද්ධියට  ළඟා කිරීමෙනි . මව මූලික කර ගනිමින් නිර්මාණය වූ අනෙක් සිනමාපට අතරින් මෙහි විශේෂත්වය " මව මිහිතලයට  සමාන කිරීම ". නිවස තුල බිත්ති සහ පොළොව තුළින් ඇයට ඇයගේ ම හෘද ස්පන්දන ශබ්දය ඇසෙන සහ දැනෙන අතර මෙහි විශේෂත්වය  නිර්මාණකරුවා විසින් ප්‍රේක්ෂකයා හට දර්ශනය කරනු ලැබිමයි . ලොව  උසස් මනසක් ඇති සත්වයා වන මිනිසා ස්වභාව ධර්මය විනාශ කිරීම , එකිනෙකා විනාශ කර ගැනීම , ආගමික අන්තවාදය , මාධ්‍ය ප්‍රචණ්ඩත්වය , සමාජ උද්ඝෝෂණය ක්‍රියාකාරකම් , රාත්‍රී සමාජ ශාලා හා මිනිසුන්ගේ මානසික ස්වභාවය , ලෝකයේ  සිදු වන විවිධ අත්දැකීම් සමග මව විසින් දරුවා බිහි කිරීමට දරන වේදනාව ශක්තිය අයද සිටීම . ලෝකයේ සෑම මවක්ම තම දරුවා බිහි කරනුයේ මෙවැනි ගොඩබිමක විම එම සිනමාපටයේ විශේෂත්වයකි . මෙම නිවස තුළ දේවාලයක් සහ බන්ධනාගාරයකට සමාන වන අතර ඉතා සංකීර්ණය රූපාවලිය දැක ගත හැක. මෙම සිනමා කෘතිය තුළ මවට දරුවා අහිමි වීමට පාදක වනුයේ සමාජයේ මිනිසුන් විසින් පණපිටින් රුධිරය   වැක්කෙරෙමින් සපාකෑම හේතුවෙනි . මව තම දරුවා ලබා ගැනීමට තැත් කිරීමේදී මව හට මිනිසුන් පහර දීමෙන් හා ඇය නිරුවත් කිරීම තුළින් සිනමාකරුවා  සංකේතාත්මකව අද ලෝකයේ සමාජ පසුබිම පැහැදිලි කරයි .
                           Image result for mother film image
 මව හට නැවුම් බලාපොරොත්තුවක් බිහිකිරීමට නව ජීවයක් ලෝකයට දායාද කිරීමට නොහැකි විශ්වයේ ලෝකයක් බවට පෘථිවි තලය පත්ව ඇත. තව ද මෙම සිනමාපටය තුළ පියා කලාකරුවෙකුට සමාන කිරීම තුළින් සහ ඔහුගේ චරිතාංග හරහා පියා හා කලාකරුවා යන්නට වෙනම  ආකාරයක ප්‍රතිරූපයක් දක්වයි. මෙම සිනමා කෘතිය මව විසින් සෑම අවස්ථාවකම "මගේ නිවස "ලෙස පවසයි . මන්ද ඇයගේ හදවත නිවස තුළ තැන්පත් කර තිබීම හේතුවෙනි. මෙම සිනමා පටයේ අධ්‍යක්ෂක වන "Darren " විසින් නිර්මාණය කරන ලද "Black Swan "සිනමා කෘතිය තුළ ද මෙම ආකෘතියට සමාන අද්භූත මනංකල්පිත ස්වභාවයක් හඳුනා ගත හැක . එම සිනමා කෘතියෙ  වස්තු විෂය කරුවෙකු පරිපූර්ණත්වය කරා ළඟා වීම , නම් මෙහි මවකගේ වේදනාව ආදරය කරුණාව සහ තම දරුවාට  තිබෙන ආදරය , තම නිවස ආරක්ෂා කරගැනීම. ආදීන් ලෝකයට මිහිතලයට මව සමාන  කරනුයේ ව්‍යංගාර්ථයෙනි. සංකීර්ණ නිර්මාණයක් වුව ද  සියල්ල ඉතා අපූර්ව ලෙස මෙම සිනමාකෘතිය තුළ ගලා යයි. මවකට තම මුළු ලෝකයක් විනාශ කළ හැකි බව ද මෙම සිනමාපටයේ සිනමා පටය අවසානයේ දක්වයි. පුරුෂයා විසින් කන්තාවගෙ හදවත නම් මැණික ලබා ගැනීම තුළින්  ලෝකය විනාශ වීම ද ,මවගේ හදවත තුළින් මුළු ලෝකයම නිර්මාණය වූ බව ද ආරම්භයේ දී හා අවසානයේ දී ඉතා පැහැදිලිව දක්වයි .

                                                                                                         - යශෝධා රවිහාරි -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ