හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ .....


                           Image result for garasarapa images


මෑත කාලයේ ඉමහත් ජනාදරයට පත් සිනමාපටයක් වශයෙන් ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිමැවෙන ඝරසර්ප සිනමාපටය ප්‍රේක්ෂකයාට වෙනස් වූ අත්දැකීමක් ලබාදෙන්නකි . ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ පද රචනාවක් වන භාචි සුසාන් හා සමිතා මුදුන්කොටුවගේ ගායනයෙන් හැඩවෙන " හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ " නම් ගීතය සලකා බැලීමේ දී ඊට රසවින්දනාත්මක මිහිරක් එකතු කිරීම සඳහා ඒ පිළිබද විචාරාත්මක කථිකාවක් ගොඩනැගීම අපේක්ෂාවයි . ඒ හරහා ගීතයේ මිහිරියාව මතුපිටින් විඳගන්නා රසිකයා හට එහි අර්ථාන්විත මිහිරියාව හඳුනා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත . 

'' හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිමින් සෙනේ මහ මෙරක් වගේ ''

මෙහි ගී පදයට අනුව හැම දෙයක්ම එකක් ලෙස ප්‍රකාශවේ . ආදරය යන ආත්මීය සිදුවීම පිළිබඳව සාකච්ඡාවට ගනු ලබන මෙම ගීතයේ ආදරය කරන්නන් හමුවේ පවතින සියළු සිදුවීම් ආදරය ලෙස අර්ථවත් කිරීමට ඔවුන් පෙළඹීම පිළිබඳ සාකච්ඡාවට ලක්වේ . රාගය , තරහව , අනෙකා පරයායාම , අනෙකා රිදවීම , අනෙකා පහත් තමා උසස් ලෙස සැලකීම , පුරුෂාධිපත්‍ය ආදී වූ සියළු මානසික තත්වයන් ආදරය ලෙස ප්‍රකාශ කිරීමට ඔවුන් පෙළඹෙති . එම නිසා මෙමඟින් ආදරය යනු කුමක්ද යන්න පිළිබඳ සාකඡාවට ගැනේ . එමෙන්ම ආදරය හමුවේ ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවද අර්ථවත් කරයි .

'' ඔබ යමින් අතර වුව ගුවන් තලේ
මම සෙමින් සෙමින් එමි නිසන්සලේ ''

ආදරය කරන යුවළකගේ වෙන්වීම හෙවත් විරහව පිළිබඳ සාකච්ඡාවට ලක්කරන ගී පද රචකයා විරහ වූ විට ඇතිවන මානසික තත්වය පිළිබඳ කථිකා කරයි . සැබෑ ආදරවන්තයන් වෙන්වූ විට ඇතිවන මානසික ප්‍රක්ෂේපණය පිළිබඳ මෙහිදී සාකච්ඡා කොට ඇත .

'' මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන් ''

මහ කැලයේ මල් පිපීම බාහිර ලෝකයේ මිනිසුන්ට නොපෙනෙනා අතර මහ කැලයේ මල් වැනි බාහිර ලෝකයේ කිසිවකු නොදන්නා ආදරවන්තයන් පමණක් දන්නා ආදර කතාවන් ලොව පවතින බව ඉතා සියුම්ව ප්‍රකාශ කිරීමට ගී පද රචකයා සමත් වී ඇත . වැලිකතර වැනි ඉතාමත් ශුෂ්ක වූ සිත් සුවපත් කිරීමට ආදරය නැමැති වැසි ජලය සමත්වන බව ගී පද රචකයා සිහිපත් කරනු ලබයි .



'' තරු ගිලින කළු කුහර වුව
පිරිනමයි මිතුදම් ''

එනම් සමාජයේ කළු චරිත වල පවතින සුදු අදහස් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වේ නරක යැයි සම්මත කර ඇති මිනිසුන් ආදරය වෙනුවෙන් කරන කැපකිරීම පිළිබඳ අදහසක් මෙහි ගැබ්ව ඇත . ආදර තුලින් මිනිසුන් සුදු හෝ කළු කිරීමට ද හැකි බව ප්‍රකාශවේ . එමෙන්ම තවත් කෙනෙකුට කරන ආදරණීය කැපකිරීම් පිළිබඳ අදහසක් පවතී .

'' භව සසර අතරමඟ සිටියෙමි
ඔබ ලබන උරුම හැම සතුවෙමි
රළු සරින් පැමිණිය ද
ඔබම වේ මට සැනසුම්..... ''

භවයෙහි කොතනක වුවද කෙලෙසක පැමිණියද සැබෑ ආදරවන්තයාගේ ආදරණීය පැමිණීම අනෙක් පුද්ගලයාට සැනසීමක් බව මෙහිදී ප්‍රකාශවේ . ආදරය යන ආත්මීය සිදුවීම තුළ එකිනෙකා විවිධ ලෙස ආදරය විඳී . තමන්ට උරුම වූ ආදරය මෙන්ම තමාට අහිමි වූ ආදරය ද මියයන නිමේෂය තෙක් මනසෙහි රැඳී පවතින බව මෙහිදී ප්‍රකාශවේ .

                                                    - තිලිනමල් සුසරා අමරවීර -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ