ප්‍රේමය ....


                                 

නිසල පුලිඟු පබළු අතර
දෝරේ ගලන සෙනෙහෙ සිසිල
නීල අහසේ මාල බැන්ද
සේල වියන වලාකුලක
විහඟ ගීත තාල වයන
සුළගත් අද සිලි සිලියෙම
පාට ගෑව දේදුන්නට
රහසේ පෙම් බස් මුමුණන
සියුම් රිදුම් දිදී පාරනා
ප්‍ර්‍රේමය හිත පිරිමදිම්න්
අගුල් නොදා ඔබේ හදට
ඇසිල්ලකින් ඔබේ හද විවර කර
පමා වී පැමිනි ඔබේ සිත
කලක් ඇල්මෙන් හිද
බිදුණු සිතකින් නම් නැත
" පේමය "
අවාරේ පිපි මලක් මෙන්
සැලී මසිතේ දූලි සුළගේ
හදෙහි ලියලා වැඩුණු
හැගුම ප්‍රේමය විය

      - සදලි හංසනී -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ