Posts

Showing posts from December, 2019

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

Image
සමාජ යථාර්ථවාදය සහ සිනමාව .                                                                                කලාව පිළිබඳව කතා කිරීමේ දී වර්ථමාන කලාවේ දියුණුම අවස්තාවක් හැටියට චිත්‍රපටය අපට හදුනාගත හැකිය . 19 වන සියවසේ සිට 21 වන සියවස දක්වා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සිනමාව වර්ථමානය වන විට ලොව පුරා ජනතාවගේ ප්‍රධාන විනෝදාස්වාදන මාධ්‍යක් බවට පරිවර්ථනය වී හමාරය . අනෙකුත් කාලා මාධ්‍යන් අභිබවා සිනමාව ප්‍රධාන වශයෙන්ම රසික හදවත් වලට සමීප වන්නේ කලාව , සමාජය , දේශපාලනය , තාක්ෂණය යන විවිධ විශය ක්ෂේත්‍රයන්ට පවා බලපෑමක් එල්ල කල හැකි කලා මාධ්‍යක් වීම නිසාය . එංගලන්තයේ ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝම්බර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර් හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද " Roundhay Garden Scene " නම් කෙටි දර්ශණයෙන් ඇරඹි ලෝක සිනමාවේ ගමන් මඟ විවිධ කඩ ඉම් පසු කරමින් අද වන ව...

රුව දැකීම

Image
       රුව දැකීම .                                                                                           මිනිස් සිතෙහි ඇතිවන හැගීම් හා අදහස් රසවත් ලෙස නිරූපණය කිරීමේ මාධ්‍යක් ලෙස කවිය බිහි විය. කවිය සිත් සතන් සනසන කලා මාධ්‍යකි . එය බසක් නොදන්නා බිළිඳාටද මෙන්ම නිසන්සලෙ කාලය ගත කරන මහල්ලාටද සැනසුම ලබා දෙයි.                                                                   කවියා ලෝකය දෙස බලන්නේ අපූර්ව ආකාරයකිනි. ඔහු තම අත්දැකීම් අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කර සහෘදයා තුළ රසයක් ජනනය කරයි.  ජී.බී.සේනානායකයන්ගේ දැකීම කාව්‍යයද මිනිස් සිතෙහි පවතින අතෘප්තිකර ස්වභාවය මැනවින...

ඔබ "කොහොමදැයි" අසන තෙක්

Image
ඔබ " කොහොමදැයි " අසන තෙක් මඟබලා හිඳිම පුරුද්දක් නැවත " යන්නම් " කියන විට උගුර සිරවිම නියතයක් සොඳුර ආදරය කියන්නේ ම , හැමදාම පරදින සෙල්ලමක් අයු

-කිරියා-

Image
                                         - කිරියා - පාර අද්දර ගල් තලාවක හදවතේ පෙම ගල් කර සීතලේ උණු සුසුමකින් නුඹ නුවරඑළියත් හැඩෙව්ව ඈත කඳුවල පය තබන්නට බැරි නමුත් අපි දෙන්නාට මීදුමක රැල්ලක් මවාගෙන නැඟලා යමු හන්තානට මහ වැවක් වුව රහස් හංඟා රැලි බිඳින කල හවසක හිස් අඩිය යට බලා දුක සේ අනිමිසේ උඹ ඉන්නද ? බණ්ඩා , චෙල්වලා , ප් ‍ රභා , ඩඩ්ලිලා මිනිවලේ ඇහැරෙනකොට අඳුරේ යමු කොටි කැලේ මැද්දෙන් බිඩියක් ඇති කයියට මලක් ළඟ තටු සිදුණු බඹරෙකු කියු කවියක පද ගෙන බෝ මළුවේ කොන කියනු දකිමි බොරු සිනාවක් නඟාන කකුල් අඩු දිග නමුත් කිරියා දෙන්නෙකුට ඇති මේ ඇද තරු වුණත් නිදිමරන් ඉන්නේ ඈගේ පිළිතුර අහන්න අයු

දිනෙන් දින මා ලියන කවි

Image
                                    දිනෙන් දින මා ලියන කවි කවුළුවෙන් ඔබ විසි කරන දිගු නින්දකින් පිබිදුණු කල බිත්ති අතපත ගා ඇවිදින ඉටිපන්දමක් සොයන විට ඔබ එපා ' යැයි මඟහරින සුළඟ හමුවිය යුතුයි පවසා හිණි පාමුලට දුව යන පිනිවලට හැඬුව කවිකොල ඉරි තැලුණු අත්ලට ගෙන වටපිට බලා කියදෙන්නැයි හොරෙන් සුළඟට කොඳුරන අයු 🍀

හුදකලාවක මම දුටු

Image
                                                            හුදකලාවක මම දුටු සිහින කිහිපයක පාට රෝස මල් දෙක තුනක ගැවි ඇත සොඳුර ඉතින් තරමක් සෙමින් ඔබ හමාගෙන යන්න කෑමති නම් විතරක් හොඳින්දැ ' යි අසන්න අයු

සෙනෙහබර මෑණියන්

Image
                               දයාබරයි ඔබේ ගුණ කඳ                 ආදරයේ උල්පතයි ඔබ නියතව නිමල වූ සෙනෙහසක් සමඟින්       සැමදා ළඟ හිදී ඔබ මගේ දහසක් තරු ඇති අහසේ                පුන් සඳයි ඔබ මාගෙ අහසේ රැයට දිලෙනා එපුන් සඳ වන්         මගේ දිවියම එළිය කරවයි පෑන් පැන්සල් පොත් ද සමඟින්     මාත් සමඟම ඔබද සිටියා එසේ කීමට හැකි ද වන්නේ           ඔබයි මාගේ ගුණ සුවඳ පොත සරණ වේ ඔබ සෑම විට මට           ගසක් මෙන් මට සෙවණ දෙයි ඔබ අනෝරා වැසි වසින වේලේ            නොතෙමි සිටියේ ඔබේ ළඟ මම උකුලෙ නැළවුණු පුංචි කාලේ         මතක් වේ මට සෑම වේලේ කවි කතා කියු ඔබේ කට හඬ         රැව් දිදී සවණේ පිරෙයි අද රංඩු වීලා අඬන විට මම   ...

ඉතින් මට කියා දෙන්න...

Image
                                                                ඉතින්   මට   කියා   දෙන්න...                                                                       ඉතින් මට කියා දෙන්න                                                                       ඔබට ආදරේ කරන විදිය                                                   ...