සෙනෙහබර මෑණියන්

    


                     Related image   


දයාබරයි ඔබේ ගුණ කඳ                 ආදරයේ උල්පතයි ඔබ නියතව
නිමල වූ සෙනෙහසක් සමඟින්       සැමදා ළඟ හිදී ඔබ මගේ

දහසක් තරු ඇති අහසේ                පුන් සඳයි ඔබ මාගෙ අහසේ
රැයට දිලෙනා එපුන් සඳ වන්         මගේ දිවියම එළිය කරවයි

පෑන් පැන්සල් පොත් ද සමඟින්     මාත් සමඟම ඔබද සිටියා
එසේ කීමට හැකි ද වන්නේ           ඔබයි මාගේ ගුණ සුවඳ පොත

සරණ වේ ඔබ සෑම විට මට           ගසක් මෙන් මට සෙවණ දෙයි ඔබ
අනෝරා වැසි වසින වේලේ            නොතෙමි සිටියේ ඔබේ ළඟ මම

උකුලෙ නැළවුණු පුංචි කාලේ         මතක් වේ මට සෑම වේලේ
කවි කතා කියු ඔබේ කට හඬ         රැව් දිදී සවණේ පිරෙයි අද

රංඩු වීලා අඬන විට මම                  සැනසුවේ ඔබ පමණි මගෙ සිත
සිනහ මුහුණින් අපව අමතන         ඔබයි මාගේ සෙනෙහෙ දිය කඳ


                                                                  - සදලි හංසනී -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ