-කිරියා-


                                   
   
 -කිරියා-
පාර අද්දර ගල් තලාවක

හදවතේ පෙම ගල් කර
සීතලේ උණු සුසුමකින් නුඹ
නුවරඑළියත් හැඩෙව්ව
ඈත කඳුවල පය තබන්නට
බැරි නමුත් අපි දෙන්නාට
මීදුමක රැල්ලක් මවාගෙන
නැඟලා යමු හන්තානට

මහ වැවක් වුව රහස් හංඟා
රැලි බිඳින කල හවසක
හිස් අඩිය යට බලා දුක සේ
අනිමිසේ උඹ ඉන්නද?
බණ්ඩා,චෙල්වලා,ප්රභා,ඩඩ්ලිලා
මිනිවලේ ඇහැරෙනකොට
අඳුරේ යමු කොටි කැලේ මැද්දෙන්
බිඩියක් ඇති කයියට

මලක් ළඟ තටු සිදුණු බඹරෙකු
කියු කවියක පද ගෙන
බෝ මළුවේ කොන කියනු දකිමි
බොරු සිනාවක් නඟාන
කකුල් අඩු දිග නමුත් කිරියා
දෙන්නෙකුට ඇති මේ ඇද
තරු වුණත් නිදිමරන් ඉන්නේ
ඈගේ පිළිතුර අහන්න

අයු

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ