සමාජ යථාර්ථවාදය සහ සිනමාව .


සමාජ යථාර්ථවාදය සහ සිනමාව .






                                                                               කලාව පිළිබඳව කතා කිරීමේ දී වර්ථමාන කලාවේ දියුණුම අවස්තාවක් හැටියට චිත්‍රපටය අපට හදුනාගත හැකිය . 19 වන සියවසේ සිට 21 වන සියවස දක්වා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සිනමාව වර්ථමානය වන විට ලොව පුරා ජනතාවගේ ප්‍රධාන විනෝදාස්වාදන මාධ්‍යක් බවට පරිවර්ථනය වී හමාරය . අනෙකුත් කාලා මාධ්‍යන් අභිබවා සිනමාව ප්‍රධාන වශයෙන්ම රසික හදවත් වලට සමීප වන්නේ කලාව , සමාජය , දේශපාලනය , තාක්ෂණය යන විවිධ විශය ක්ෂේත්‍රයන්ට පවා බලපෑමක් එල්ල කල හැකි කලා මාධ්‍යක් වීම නිසාය . එංගලන්තයේ ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝම්බර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර් හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද " Roundhay Garden Scene " නම් කෙටි දර්ශණයෙන් ඇරඹි ලෝක සිනමාවේ ගමන් මඟ විවිධ කඩ ඉම් පසු කරමින් අද වන විට වඩාත් දියුණු කලා මාධ්‍යක් බවට පත්ව තිබේ .
                                                                              විවිධ අවධි වලදී සිනමාව තාක්ෂණික මට්ටමෙන් දියුණුවට පත්වූවා සේම විවිධ කලාත්මක පැතිකඩවල් තුලින් ද සිනමාව නව මානයක් කරා ගෙනයාම සදහා නිර්මාණ කරුවන් විවිධ යුගයන් තුලදී නව රටාවන් ඇතිකරන ලදී . මෙලෙස කාලයත් සමඟ වෙනස්වීමට සිනමාව දරන ලද උත්සාහය තුල දී සිනමා ශානරය තුලින් සිනමාව වෙනත් ගමන් මාර්ගයන් දක්වා ගමන් කිරීම ද සිදුවිය . එහිදී අපට හදුනාගත හැකි වටිනා ශානර වර්ගයක් ලෙස " British Social Realism " නැතහොත් බ්‍රිතාන්‍ය සමාජ යතාර්ථවාදී සිනමා ශානරය හදුන්වාදිය හැකිය . යතාර්ථවාදී සිනමාව යනු වෙනත් ඕනෑම සිනමා ශානර වර්ගයකට වඩා සමාජ යතාර්ථය අමු අමුවේ ප්‍රේක්ෂකයා ඉදිරියේ ගෙන හැර පෑමට බ්‍රිතාන්‍ය සිනමාව විසින් නිර්මාණය කර ලෝක සිනමාවට ලබා දුන් ධනවත්ම ත්‍යාගයක් ලෙස හදුන්වාදීමට හැකිය . 1960 දශකය තුලදී බ්‍රිතාන්‍ය සිනමාව තුල බෙහෙවින්ම කතාබහට ලක්වන යතාර්ථවාදී සිනමා ශානර මඟින් මූලිකවම සිනමා කරුවන් ඉදිරිපත් කිරීමට උත්සාහ දරන ලද්දේ සමකාලීන සමාජයේ පවතින ගැටළු යතාර්ථවදී ස්වරූපයෙන් ප්‍රේක්ෂක සමාජය ඉදිරියේ තැබීමයි . බ්‍රිතාන්‍ය යතාර්ථවාදී සිනමා නිර්මාන සදහා අවශ්‍ය වස්තු බීජයන් සපයන ලද මාතෘකා වූයේ මුදල් , පන්තිපරතරය , ගණිකා වෘතිය , මත් ද්‍රව්‍ය , ලිංගිකත්වය , දේශපාලනය යනාදී කාලීන සමාජ මාතෘකාවන් වේ . ප්‍රධාන වශයෙන්ම බ්‍රිතාන්‍ය යතාර්ථවාදී සිනමාව තුල අපට හදුනාගත හැකි තවත් ලක්ෂණයක් වන්නේ මෙතෙක් පැවත ආ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සහ අනෙකුත් චරිත රග දැක්වීමේ දී නළු නිළියන් යොදාගැනීම අත හැර දමා චිත්‍රපටයට අදාල විවිධ චරිත වත්මන සමාජයේ සැබෑ ම චරිත කැමරා කාචයට හසුකොට චිත්‍රමටය තුලට ගෙන ඒමයි . මෙහිදී උදාහරණ ලෙස කම්කරුවෙක් සිනමා නිර්මාණය තුලට අවශ්‍ය නම් එම චරිත රඟ දක්වනවා වෙනුවට යතාර්ථවාදී සමාජය තුල රැකියාව වශයෙන් කම්කරු සේවය සිදුකරනු ලබන පුද්ගලයෙකුම කැමරා කාචය තුලින් තිරය ඉදිරියට ගෙන ඒමයි . මාළු වෙළෙන්දෙක් , ලිපිකරුවෙක් , බඩු විකුණන්නෙක් යනාදී වශයෙන් අප සමාජයේ මුණ ගැසෙන විවිධ චරිත තුලින් ගොඩනගන සිනමාවේ අන්තර්ගතය අනෙක් සිනමා ශානරයන්ගෙන් වෙනස්ම සැබෑම සමාජයේ එම චරිත රඟ දක්වන පුද්ගලයින් හරහා ගෙන ඒම තවත් සරලවම පහැදිලි කරගත හැකිය . 
                                                                        තවද බ්‍රිතාන්‍ය යතාර්ථවාදී සිනමා රටාව තුල හදුනාගත හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සිනමා පටය තුල දක්වන විවිධ පරිසර පද්ධති සැබෑ ලෙසම සංස්කරණයකින් තොරව රූගත කිරීම සිදු කිරීමයි . එමෙන්ම කෘතිම ආලෝකකරණයෙන් සම්පූර්ණයෙන්ම බැහැරව චිත්‍රපටය තුල ගොඩනගන සෑම සිදුවීමක්ම ස්වාභාවික ආලෝකය පමණක් භාවිතාඅ කරමින් තිරය ඉදිරියට ගෙන ඒමේ යතාර්ථවාදී සිනමාවේ සැබෑ යතර්ථවාදී ස්වාභාවය ස්මතුවන ප්‍රභල ලක්ෂණයකි . අනෙක් සිනමා ශානර තුල භාවිත කෘතිම ආලෝක කරණ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන් බැහැරව ස්වාභාවික පරිසරයේ විවිධ ආලෝක තත්වයන් චිත්‍රපටය තුල නිර්මාණය කරන කතාවට උචිත වන අන්දමින් භාවිතා කිරීම මෙම යතාර්ථවාදී සිනමා ශානරය තුල අගය කලයුතු සුවිශේෂ ලක්ෂණයකි . බ්‍රිතාන්‍ය යතාර්ථවාදී සිනමාව තුල නිර්මාණය වූ සිනමා නිර්මානයන් බොහෝමයකම ඉලක්කය බවට පත්වූයේ තරුණ පරම්පරාව බව විචාරකයින් පෙන්වා දෙයි . මෙයට හොඳම උදාහරණයක් ලෙස අවුරුදු 13 - 18 තරුණ සංස්කෘතිය සෑදී ඇති ආකාරය පෙන්නුම් කරන " KIDUL THOOD " චිත්‍රපටය හොඳම නිදසුන් සපයයි .
                                                                             British Social Realism සම්ප්‍රදාය තුල බොහෝසෙයින්ම කතාබහට ලක්කරන ලද පොදු තේමාවන් ලෙස සමාජ අසාධාරණත්වය , ජාතිවාදී අසාධාරණත්වය , ආර්ථික අසාධාරණත්වය , වැඩකරන ජතාව නියෝජනය ආදිය කැපීපෙනේ . කාර්මික විප්ලවය හේතුවෙන් එය පැවති කාල වකවානුව තුල අසාමාන්‍ය ජීවන රටාවකට හුරුවූ මිනිසුන් එමෙන්ම එවැනි පුද්ගලයින් නිසා සමාජයට වන බලපෑම , නිර්ධන පන්තියේ නිවාස අහිමි වැඩකරන ජනතාවද මෙම අවධිය තුල යතාර්ථවාදී සිනමාවේ ප්‍රධාන වස්තුවිෂයන් සපයන මූලාශ්‍ර බවට පත්විය . " Kathy Come Home " සිනමාපටය තුලින් නිවාස අහිමි පල්ලිය මූලික කරගත් සරණාගත දිවි පෙවතක් ගැන කතා කරනු ලබයි . " Room At The Top " යන සිනමා කෘතිය තුලින් වැඩකරන පන්තියේ දුප්පත් තරුණයෙකු දියුණු වීමේ අරමුණින් නගරයට පැමිණි පසු ධනපති පන්තියේ තරුණියක දැක ඇයට සිතින් ආලය කරන විට ඔහුගේ යාලුවා ඔවුන් අතර පන්තීන්වල අසමානතාව පැහැදිලි කිරීම සිදුකරයි . මෙවැනි සරල සිදුවීම් තුලින් විශාල සමාජ යතාර්ථයක් තිරය මතට ගෙන ඒමට යතාර්ථවාදී සිනමාව කටයුතු කල ඇති අන්දම මෙවැනි විශ්ෂ්ඨ ගනයේ නිර්මාණ තුලින් අපට පැහැදිලි වේ . 
                                                                              British Social Realism සම්භන්ධයෙන් Raymond Williams දක්වන අදහස වන්නේ " That is grounded in the Contemporay scene in terms of setting , characters and social issues . " යනුවෙනි . බොහෝ විචාරකයින් යතාර්ථවාදී සිනමාව නිර්වචනය කරනු ලබන්නේ වැඩකරන ජනයා පිළිබඳව නිර්මාණශීලී අර්ථ නිරූපනයක් ලෙසටය .
බ්‍රිතාන්‍ය යතාර්ථවාදී සිනමා ශානරය තුල බොහෝසෙයින්ම කතාබහට සහ ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපට කිහිපයක් ලෙස " KES " , " This is England " , " Fish Tank " , " Room At The Top " , " ALAN SILLITOE " යන ප්‍රකට චිත්‍රපට හදුන්වාදීමට හැකිය .
                                                                                      ජනප්‍රිය චිත්‍රපට ධාරාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් නවමු වූ ගමන් මඟක් කරා 1960 දශකය තුලදී ලෝක සිනමාව යොමුකල රැල්ලක් ලෙස British Social Realism Films හදුන්වාදීමට හැකිය . ප්‍රේක්ෂකයාගේ රසවින්දනයම පමණක් ඉලක්ක කර ගනිමින් සිනමාව තුලින් අධ්‍යතන සමාජයේ පවතින්නා වූ යම් යම් විශමතා , ගැටළු ආදිය ප්‍රේක්ෂක මනසට දනවමින් නිර්මාණය කරන ලද බ්‍රිතාන්‍ය නව යතාර්ථවාදී සිනමා නිර්මාණ ලෝක සිනමා ඉතිහාසය තුල වඩාත් ඉහලින් තැබිය යුතුවේ . හුදු රසවින්දනයම පමණක් ප්‍රේක්ෂකයාට ලබාදීම වෙනුවට සිනමා සෞන්දර්ය තුලින් ප්‍රේක්ෂකයාට ජීවිතාවබෝධය එමෙන්ම සමාජ අසාධාරණත්වය ප්‍රති නිර්මාණය කරමින් එම අසාධාරණයන්ට එරෙහිව පෙනී සිටින සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් බිහිවූ වටිනාම සිනමා ශානර වර්ගයක් ලෙස බ්‍රිතාන්‍ය යතාර්ථවාදී සිනමාව හදුන්වාදීමට හැකිය .


                                                                                                                                     - මහේෂ් චාමර -
  


Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ