රුව දැකීම

      

රුව දැකීම .

                           File:Sunset 2007-1.jpg  


                                                           මිනිස් සිතෙහි ඇතිවන හැගීම් හා අදහස් රසවත් ලෙස නිරූපණය කිරීමේ මාධ්‍යක් ලෙස කවිය බිහි විය. කවිය සිත් සතන් සනසන කලා මාධ්‍යකි . එය බසක් නොදන්නා බිළිඳාටද මෙන්ම නිසන්සලෙ කාලය ගත කරන මහල්ලාටද සැනසුම ලබා දෙයි.
                                                                  කවියා ලෝකය දෙස බලන්නේ අපූර්ව ආකාරයකිනි. ඔහු තම අත්දැකීම් අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කර සහෘදයා තුළ රසයක් ජනනය කරයි.  ජී.බී.සේනානායකයන්ගේ දැකීම කාව්‍යයද මිනිස් සිතෙහි පවතින අතෘප්තිකර ස්වභාවය මැනවින් නීරූපණය කර දක්වන අපූර්ව කාව්‍යය නිර්මණයකි.

රන් හැට්ටය හැඳ
රන් පටියෙහි
දිග කඩුව බැඳ
අසුපිට නැගුණු කුමාරයා
ගම් නියම් ගම් රාජධානි
පසුකොට ගියේය
පස් වසක් ගමන් කල ඔහු 
විවාහ කොටගත් කුමරිය 
ගෙන ඒමට 
තව පස්වසක් ගතවිය
" එ වැනි රුවක් නොදිටිමු " ය
ඈ ගෙනා දින 
පුර වැස්සෝ කීහ
එදින සවස් කල
පුර දොර අසල දී 
රජ ගෙදර
දොරටු පල්ලාගේ දුව
භද්‍රා
කුමරුට හමු විය
" තී කවුරු දැ " යි
ඔහු විස්මයෙන් ඇසීය
" තිගේ වැනි රුවක්
මම කිසි කලක 
නොදිටිමි "

කාව්‍යය අත්දැකීමට අනුව එක්තරා රාජ කුමරයෙක් විවාහ වීම සඳහා සුරූපී තරුණියක් ඉතා අපහසුවෙන් සොයා ගනියි. එකී තරුණියගේ සුරූපීභාවය කෙතරම් දැයි කවියා පාඨකයාට ප්‍රකාශ කරන්නේ එපුරවසියන්ගේ ප්‍රකශ තුලිනි. ඒ අනුව ඇය සැබවින්ම සුරූපිනියකි. රාජකීය පෙලපතකට අයත් වීමත් ඇයගේ සුරූපීභාවය ජනයාගේ මුවග රැව් දෙන්නට තවත් හේතුවකි. රාජකීයයන්ගේ විවාහ මංගලෝත්සව පිළිබඳව මහා ඉහලින් වර්ණානා කිරීම වර්තමාන සමජයේ සුලබ දසුනකි. එයට නිදසුන් අද සමාජයෙ ද ඕනෑ තරම් දැකගත හැකිය. 
                                                                        ඉහත කවියේදී ජී.බී.සේනානායකයන් ප්‍රකාශ කරන්නේ රාජකීය මංගලෝත්සවය අවසානයේදී තවත් අපූර්ව සිදුවීමක් සිදු වු බවයි. එනම් රාජකීය මැඳුරෙහි දොරටුපල්ලාගේ දියණිය වූ භද්‍රා රජුගේ නෙත ගැටෙයි රාජ කුමරයාගේ සිත ඇගෙ සුන්දර දසුනත් සමග එකවරම වෙනස් වෙයි. එවලෙහිම ඔහුගේ මුවගට නැගෙන්නේ,

 " තී කවුරුන්ද
තිගේ වැනි රුවක් මම
කිසි කලෙක නොදුටු වෙමි "

                                                                            යනුවෙනි. කවියා මෙම අපූර්ව කාව්‍ය නිර්මාණය හරහා පාඨකයාට මිනිස් සිතෙහි ස්වභාවය පසක් කර දෙයි. කෙතරම් යස ඉසුරින්, සැප සම්පත් වලින් ආඪ්‍යව සිටියද මිනිස් සිත් එයින් තෘප්තියක් නොලබයි. මිනිස් සිතෙහි පවතින අතෘප්තිකර ස්වභාවය කවියා අපට මැනවින් පසක් කර දෙයි. කවිය පමනක් නොව යථාර්ථවාදී ගීත සාහිත්‍ය කලාව තුළින්ද මෙකී සමාජ යථාර්ථය අපට කියදෙන ගීතයක් ලෙස නන්දා මාලනිය ගායනා කරන පහත ගීතයද එකම අත්දැකීම තේමා කරගත් නිර්මාණයකි.

" නෙලා ගන්නට බැරි හින්දයි 
ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක් 
නෑ ඔය තරමට ලස්සන "

                                                                          යථාර්ථවාදී කවිය හා ගීත සහිත්‍ය තුලින් මිනිස් සිත මෙන්ම මිනිසුන් අතර ඇතිවෙන සබඳතා සියුම් ලෙස නිර්මාණය කර දැක්වීමට නිර්මාණකරුවන් ගන්නා ලද වෑයම කෙතරම් සාර්ථකද? යථාර්ථය තුලින් සමාජය විනිවිද දකින්නට ප්‍රතිභා සම්පන්න නිර්මාණකරුවන් විචාරශීලී සහෘදයාට ඉඩහසර ලබා දෙයි. සාහිත්‍ය නිර්මාණයක් තුලින් සිදුවිය යුත්තේද එයයි .


                                                                                                                                   - සදලි හංසනී -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ