ඉතින් මට කියා දෙන්න...
ඉතින් මට කියා දෙන්න...
ඉතින් මට කියා දෙන්න
ඔබට ආදරේ කරන විදිය
ගල්පරවල හැපි වැටෙමින්
කදුළු මැද්දෙන් හිනාවෙන විදිය
ආදරේ නොකිය ගිනිපුළිගු අකුරෙන්
හිත මැද්දේ කවි ලියන විදිය
කොදෙව්වක් නැති සයුරක් වෙමින්
අතරමං කොට රිදවනා විදිය
රෝස පෙති යට තියුණු කටුවල
වේදනාවන් මවන විදිය
තීයුණු ඉදිකටු වදන් අබිමුව
ලෙයින් ආදරේ ලියන විදිය
ඉතින් අවසන් කියා දෙන්න
ඔබට ආදරේ කරන විදිය
ජිවිතේ තත් රිදවමින් ගැඹුරට
ඔබ ම වෙනුවෙන් ගයන විදිය
අයු 🍃
Comments
Post a Comment