දිනෙන් දින මා ලියන කවි




                                  



දිනෙන් දින මා ලියන කවි
කවුළුවෙන් ඔබ විසි කරන
දිගු නින්දකින් පිබිදුණු කල
බිත්ති අතපත ගා ඇවිදින

ඉටිපන්දමක් සොයන විට
ඔබ එපා'යැයි මඟහරින
සුළඟ හමුවිය යුතුයි පවසා
හිණි පාමුලට දුව යන

පිනිවලට හැඬුව කවිකොල
ඉරි තැලුණු අත්ලට ගෙන
වටපිට බලා කියදෙන්නැයි
හොරෙන් සුළඟට කොඳුරන

අයු🍀

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ