The Scream
The Scream

Scream යනු නූතන කලවේ නිරූපණයකි . මෙම සිතුවම චිත්‍රණය කරනු ලබන්නේ එඩ්වඩ් මන්ච් ( Edvard Munch ) නම් චිත්‍ර ශිල්පියා විසිනි . මෙම සිතුවම
තුලින් ඔහු නිරූපනය කර ඇත්තේ ඔහුගේ නැඟණිය මානසික රෝහලක් තුල නතර කර සිටින අවධිය
තුල ඔහුගේ සිතේ තිබුණු කැලඹිලි ස්වාභාවය බව විචාරකයන් පවසයි . මෙම සිතුවම
නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලිවම මිනිස් රූප තුනක් දර්ෂණය වේ . එක් අයෙකු ඉදිරියට
විලාප දෙමින් පැමිණෙන අතර තව දෙදෙනෙක් ඔහු පසුකර ගෙන ඉදිරියට ගමන් කරනු දර්ශණය වේ
. මෙහි විලාප නඟාගෙන ඉදිරියට පැමිණෙන පුද්ගලයාගේ සිත තුල ඇති වේදනාකාරී ස්වාභාවය ,
පීඩනය වික්ෂිප්තභාවය පැහැදිලිව රූපණය කිරීම සඳහා ශිල්පියා ඉතා තද වර්ණ බහුලව
භාවිතාකර ඇත . වේදනාව , සිත තුල ඇති
ඇවිලීම පෙන්වීම සඳහා රතු වර්ණය බහුලව භාවිතාකර ඇත . චිත්‍ර ශිල්පියා මෙහි භාවිතාකර
ඇති කළු වර්ණය මඟින් ගුප්ත බව , ශෝකය , පාළුව , කාන්සිය ප්‍රභලව රූපන කිරීමට සමත්ව
ඇත .
සිතුවම
හොදින් නිරීක්ශණය කිරීමේ දී ශිල්පියා වේගවත් රේඛා භාවිතා කර ඇති අන්දම පෙන්නුම්
කරනු ලබයි . ඒ මඟින් ශිල්පියාගේ සිතේ චිත්‍රය අදින අවස්ථාවේ ඇතිවී තිබූ කැලඹිලි
ස්වාභාවය නිරූපනය වේ . මෙහි විලාප දෙන පුද්ගලයාගේ මුහුණ නිරීක්ෂණය කිරීමේ දී
සාමාන්‍ය මුහුණට අසමාන විරූපී ස්වාභාවයෙන් යුක්තව ඇඳ ඇත . මෙහිදී නිර්මාණකරුවා
මිනිස් මුහුණේ සාමාන්‍ය ස්වාභාවය ගැන තැකීමක් නොකර අසාමාන්‍ය විරූපී ස්වාභාවයකින්
යුතුව මුහුණ රූපනය කිරීමට යොමුවී ඇත . එමගින් හැගීම් ප්‍රභලව නිරූපණය කිරීම ඔහුගේ
අරමුණ වූ බව පැහැදිලි වේ . සිතුවම මඟින්
මිනිසා තුල අභ්‍යන්තරගතව ඇති හැගීම් මනාව රූපණය කිරීමට හැකි බව පෙන්වීමට The Scream සිතුවම හොඳම උදාහරණයක් වේ .
- මහේෂ් චාමර-
😊😊😊😊
ReplyDelete🙂🙂🙂🙂 hodai
ReplyDeleteNiyamai..👌
ReplyDeletePatta 👍
ReplyDelete