අවිග්නොන් යුවතියෝ


                                                                                 

අවිග්නොන් යුවතියෝ...

                     Les Demoiselles d'Avignon.jpg 

වර්ෂ 1907 දී පැබ්ලෝ පිකාසෝ විසින් " අවිග්නොන් යුවතියෝ " නැමති සිතුවම නිර්මාණය කර ඇත . මෙම සිතුවම ලෝකයේ බොහෝ කතාබහට ලක්වූ පිකාසෝකේ වටිනා චිත්‍රයක් වේ . මෙම සිතුවම තුලින් ඔහු නිරූපණය කිරීමට වස්තුවිෂය වශයෙන් යොදාගෙන ඇත්තේ අවිග්නොන් නැමති ස්පාඤ්ඤයේ ඇති වීදියේ ජීවත්වන ගණිකාවන්ගේ ජීවිතය ඇතුලාන්තයේ පවතින දුක්ඛිත ස්වාභාවය යි . විශාල තෙල් සිතුවමක් වන මෙහි වස්තුවිෂය සිතුවම තුල නිරූපණය කිරීම සඳහා මෙම සිතුවම තුල නිරූපිත ගණිකාවනේ රූප විකෘති ස්වාභාවයෙන් ඇඳ තිබේ . වර්ණ භාවිතයේ දී ඔහු රතු , රෝස , දුඹුරු වර්ණ භාවිතාකර තිබේ . එමගින් ගණිකාවන්ගේ ජීවිතවල ඇතුලාන්තයේ පවතින දුක , වේදනාව , ශෝකය , පිළිකුල් ස්වාභාවය මනාව නිරූපනය කිරීමට හැකිවී ඇත . පිකාසෝ විසින් මෙම සිතුවමේ පවතින ගණිකාවන්ගේ චිත්‍ර ජාමිතික හැඩතල භාවිතයෙන් ඇඳ ඇති අන්දම නිරූපණය වන අතර එයින් සමස්ථ ගණිකාවන්ගේ ජීවිත ඇතුලාන්තයේ පවතින කර්කශ බව , ඔවුන් විදින දුක , එහෙන්ම පීඩිත පන්තියේ දුක්ගැනවිල්ල සාර්ථක ලෙස රූපනය කිරීම සිදුකර ඇත . නිරුවත් කාන්තාවන් පස් දෙනෙකු දක්වන මෙම සිතුවම තුල සෑම සිතුවමක්ම ගැටුම්කාරී අන්දමින් ඇද තිබීම විශේෂත්වයකි . මෙහි නිරූපිත කාන්තාවන් තරමක් නපුරු ආකාරයෙන් ඇද ඇති අතර ඔවුන්ගේ සිරුරු කෝණික හා නොගැල පෙන අයුරින් නිරූපණය කර තිබේ .  ඝනිකවාදයට අනුව ඇඳ ඇති මෙම සිතුවම ඝනිකවාදයේ මූලික ලක්ෂණය වන ඡාමිතික හැඩතල වලට අනුව සිතුවම ඇඳ තිබේ . පැතලි ද්වීමාන සිවරූපයෙන් ඇද ඇති මෙම සිතුවම හොදින් විමසා බැලීමේ දී රූපයෙන් නිරූපිත කාන්තා රූප පහේ මුහුණු එකිනෙකින් වෙනස් වෙන බව හදුනාගත හැකිය . වම් පසින් ඇති කාන්තා රූපයෙහි මුහුණු ලක්ෂණ ඊජිප්තු හෝ අප්‍රිකානු කාන්තාවන්ගේ ලක්ෂනණත් එයට යාබද රූප දෙක ස්පාඥ්ඥ කාන්තා ලක්ෂණ ද දකුණු පස ඇති රූපයෙන් නිරූපිත කාන්තාව අප්‍රිකානු වෙස් මුහුණක් පැලද ඇති අන්දමද නිරූපණය වේ . මෙම වෙස් මුහුණ මගින් වාර්ගික ප්‍රාථමික වාදය නිරූපණය වන බව බොහෝ විචාරක මතයයි .  පිකාසෝ මෙම සිතුවම තුල ගැහැණුන්ගේ භාහිර ස්වරූපය නිරූපණය කිරීම අත්හැර ඔහු තම අභ්‍යන්තර සංකල්පනාවන්ට අනුකූල වනසේ ගැහැණු රූප නිර්මාණය කර ඇත . මේ ආකාරයට පිකාසෝ තම ප්‍රකාශණය තුල යතාර්ථවාදය ගොඩනැගීම සඳහා චිත්‍ර කලාවේ නිර්මාණාත්මක රූපන අංග භාවිතාකර තිබේ . මෙම සිතුවම  අධ්‍යනය කිරීම තුලින් ශිල්පියා තම ප්‍රකාශණය නිර්මාණාත්මකව රසික ප්‍රජාවට සමීප කිරීම හා ඒ මනෝභාවයන්ගේ ස්වාභාවය අවබෝධ කර දීමට වර්ණ , වර්ණ සං‍යෝගය , රේඛා භාවිතය , පර්යාවලෝකනය , හැඩතල තම නිර්මාණාත්මක රූපනය සඳහා යොදාගන්නා අන්දම පැහැදිලි වේ . 

                                                                                                                    - මහේෂ් චාමර-

                                                                                                                           

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ