-බලාහිඳිම-
Mobile Photography By - Mahesh Chamara
-බලාහිඳිම-
වෙහෙසකර බව දැවෙනසුළු බව
නිතර දැනුණද කන්දට
වලාවක් සිපගන්න යනකොට
හිදි ඇසිපිය තදකර
සයුරු රැලි ඉද හිටක හැපුනද
රුවල් බදකට නපුරුව
උරහිසට හිරු වැටෙද්දිමයි
සිඳුවතක පෙම තිබුණේ ම
වලාවක් එකවර ම කවියක
වෙන්කරත් හඳ පෝයක
හිදි නිසලව නොනිමි පෙමකින්
කිවිඳ පන්හිඳ තදකර
ඔබේ ඇවිටිලි යලි ඇහෙනතුරු
ගැඹුරු සිහිනෙක පතුලක
නුඹේ කටහඬ ඇසෙන පෙදෙසක්
සොයම් "ප්‍රේමය" නම් ලද
අයු

Comments
Post a Comment