ඉංග්‍රීසි සාහිත්‍ය තුල නවකතාවේ ආරම්භය
නවකතාව යන්න අද සමජය වන විට බොහෝ සෙයින්ම ප්‍රචලිත ප්‍රභල කලා මාධ්‍යය කි . නවකතාව වසර දෙදහසකට තරම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අතර නවකතාවේ ආරභය යුරෝපය මුල්කරගෙන සිදුවූ බව බොහෝ විචාරකයන් පවසන මතයයි . ලෝක නවකතාව සම්බන්දයෙන් පමණක් නොව ලෝක සාහිත්‍ය සම්බන්දයෙන් ද කීර්තියත් උසුලන ඉංග්‍රීසි සාහිත්‍ය විචාරකයන්නේ බොහෝ අවධානය දිනාගන්නා ලද සාහිත්‍ය යුගයකි . නවකතාවක් වීම සදහා එයට අනන්‍ය වූ අංග ලක්ෂණ කිහිපයක් හදුන්වාදෙන විචාරකයන් එම ලක්ෂණ මෙසේ හදුන්වයි . දීර්ඝ ආඛ්‍යානයක් වීම , ප්‍රභන්ද ආඛානයක් වීම , සමීප අද්දැකීමක් වීම , ගද්‍ය සාහිත්‍යක් වීම එම අංග ලක්ෂණයි . සාහිත්‍ය තුල නවකතාව ඉතා ප්‍රභල ලෙස වර්ධනය වන්නේ 18 වන ශත වර්ශයේ දීය . 18 වන ශත වර්ශයට පෙර සිටත් නවකතාව පැවතියත් ඒවා නවකතා ගණයට අයත් නොවන්නේ නවකතාවක් තුල තිබිය යුතු සියලුම ලක්ෂණ නොතිබීම නිසාය . ඉංග්‍රීසි සාහිත්‍ය තුල නිර්මිත ප්‍රථම නවකතාව ලෙස සලකනු ලබන්නේ සර් පිලිප් සිඩ්නි විසින් රචිත " Arcadia " කෘතියයි . මෙහි නවකතාවක අඩංගු වියයුතු මූලික ලක්ෂණ පවතින බවට විචාරකයන් පිළිගන්නා අතර නමුත් බොහෝ සාහිත්‍ය විචාරකයින් පවසන්නේ " The Pilgrim Progress ( 1678 ) " නැමැති john bunyan විසින් රචානා කරන ලද ග්‍රන්තයයි . මේ අනුව බලන විට නවකතාව එකවර ඉංග්‍රීසි සාහිත්‍ය තුල බිහිනොවූ බවත් එය ක්‍රමික විකාශණයේ ප්‍රතිඵලයක් බවත් කිව හැකිය .
" ගද්‍ය සාහිත්‍යයේ නූතනම අවස්ථාව ලෙස නවකතාව සැලකිය හැකිය . එය දීර්ඝ කාලයක් තිස්සේ පරිණාමයට පත්ව වර්ථමාන නවකතාව බිහිවී ඇත . "
- අයිපෝ එවන්ස් -
ඉංග්‍රීසි සාහිත්‍ය තුල මුල්කාලීන කතාකරුවන් අතර සැමුවෙල් රිචර්ඩ්සන් සහ සමගාමීව සිටි විශිෂ්ඨ නිර්මාණ කරුවෙකු ලෙස ඩැනියෙල් ඩිපෝ හදුන්වාදිය හැකිය . ඔහු විසින් ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්වූ Robinson Crusoe ( 1719 ) , Captain Singleton ( 1720 ) , Mall Planders ( 1722 ) , Conlonel Jacque ( 1722 ) යන ප්‍රභන්දයන් හදුන්වාදිය හැකිය . රිචඩ්සන්ගෙන් පසුව හෙන්රි වීල්ඩිං ( 1707 - 1754 ) , ස්මොලට් ( 1721 - 1771 ) , හොරේස් වල්පෝල් ( 1717 - 1797 ) යන ලේඛකයන් විසින් නවකතා කිහිපයක් රචනා කල නමුදු ඒවා එතරම්ම කතාබහට ලක්වූයේ නැත .
18 වන ශත වර්ෂය තුල නිර්මාණකරණයේ යෙදුණු ප්‍රකට නිර්මාණ කාරිණියක ලෙස ජේන් ඔස්ටින් ( 1775 - 1817 ) ගේ නවකතා බොහෙවින් රසික සමාජය තුල මෙම යුගයේ කතාබහට ලක්විය . යතාර්ථවාදී නවකතා සම්ප්‍රදායක් ගොඩනගමින් නිර්මාණය කරන ලද එම නවකතා වලට වස්තු විෂයන් තත්කාලීන සමාජයෙන් උකහා ගැනීම එයට ප්‍රධානතම හේතුව විය . Sense and Sensibility ( 1818 ) , Pride and Prejudice ( 1813 ) , Mansfield Park ( 1816 ) , Northanger Abbey ( 1811 ) යන නවකතාවන් බෙහෙවින්ම සමාජයේ කතාබහට ලක්වූ නවකතාවන් වේ . 19 වන ශත වර්ෂය ආරභයත් සමඟ රොමෑන්ටික්වාදී නිර්මාණයන් තුලින් බැහැරව වඩාත් යතාර්ථවාදී නවකතා නිර්මාණයන් රචනාවීම සිදුවීම කැපී පෙනෙන ලක්ෂණයකි . මෙවැනි යතාර්ථවාදී නවකතා බෙහෙවින් ජනප්‍රිය වීමට හේතු කිහිපයක් බලපාන ලදී .
කාර්මික විප්ලවය , ප්‍රංශ විප්ලවය , මානව නිදහස පැතිරීයාම , විද්‍යාත්මක චින්තනයේ වර්ධනය යනාදී සාධකයන් බෙහෙවින්ම යතාර්ථවාදී නවකතාවේ ආගමනයට බලපාන ලදී . 19 වන ශත වර්ෂයේ ආරම්භයත් සමඟ කතාකරුවන් සුරංගනා කතා කීම අතහැර සමාජගත මිනිසාගේ පුද්ගල මනෝභාවයන් පාඨකයා ඉදිරියට ගෙන ඒම සිදුවීම ඉංග්‍ර්‍රීසි සාහිත්‍යයේ සාධනීය ලක්ෂණයකි . එමෙන්ම මෙම නිර්මාණ තුලින් සමාජ සංශෝධන ක්‍රියාවලිය ද සිදුවූ බව මෙම නිර්මාණ අධ්‍යනය තුලින් හදුනාගත හැකිය . 18 වන සියවස වනවිට ඉතිහාස කතා රැගත් නවකතා ද ජනප්‍රිය කලා අංගයක් බවට පත්විය . සර් වෝල්ටර් ස්කොට් ( 1771 - 1832 ) විසින් රචනා කරන ලද ඉතිහාස කතා පුවත් ඇතුලත් නවකතා සමාජයේ බෙහෙවින් ප්‍රචලිත වීම එයට හොදම උදාහරණයයි . පසුකාලීනව ඔහුගේ ගමන් මඟ යමින් ඉංග්‍රීසි සාහිත්‍ය තුල නිර්මාණකරුවන් රැසක්ම තම නිර්මාණ සිදුකල අතර ප්‍රංශ , ජර්මන් , රුසියන් සාහිත්‍ය තුල ඉතිහාස කතා පුවත් ඇතුලත් නවකතා බිහිවීම සදහා ද සර් වෝල්ටර් ස්කොට්ගේ කෘතිවල ආභාෂය ලැබූ බව කිවයුතුය . Waverley ( 1814 ) , Guy Mannering ( 1815 ) , Rob Roy (1818 ) , Ivanhoe ( 1919 ) ඔහුගේ හොදම ඉතිහාස කතා වස්තු විෂය කර ගනිමින් රචිත නවකතා වේ . ඔහු මෙම නවකතා තුලින් මධ්‍යකාලීන යුරෝපයේ සමාජ ස්වරූපය පාඨකයා ඉදියේ රූපණය කිරීම සිදුවිය .
කාර්මික විප්ලවය හේතුවෙන් පීඩාවට පත්වන එංගලන්තයේ ගොවි හා කම්කරු පන්තිය මුහුණ දුන් ගැටළු ඉතාමත් සංවේදී අන්දමින් චාල්ස් ඩිකන්ස් ( 1812 - 1870 ) වඩාත් යතාර්ථවාදී අන්දමින් රචනා කිරීම ඉතාමත් වටිනා සාහිත්‍ය සංස්කෘතියක් කරා ඉංග්‍රීසි සාහිත්‍ය ගෙනයාමට හේතු විය . Pickwick Papers , Oliver Twist , Nicholos Nickleby , Barnany Rudge ඔහු අතින් රචිත ප්‍රභල නවකතාවන් වේ .
ඉංග්‍රීසි සාහිත්‍යයේ යතාර්ථවාදී නවකතා කරන ලද සමාජ පන්තියේ ලක්ෂණයත් , මුහුණ දෙන ගැටළු තම නිර්මාණයන් තුලින් එළිදැක්වීමට උත්සාහ ගෙන ඇති අන්දම චාල්ස් ඩිකන්ස් වැනි නිර්මාණකරුවන්ගේ නිර්මාණ අධ්‍යනය තුලින් හදුනාගත හැකි ලක්ෂණයකි . Oliver Twist , David Copperfield වැනි නවකතා තුලින් ඔහු කුඩා කල අත්විදි දිවිපෙවත සාර්ථක ලෙස නවකතාව තුලින් ගෙන ඒම හොදම උදාහරණය වේ . විලියම් මැක්වීස් තැකර් , බුල්වර් ලිටන් , චාල්ස් කිංස්ලි , එමිලි බ්‍රාන්ටේ , චාලට් බ්‍රාන්ටේ , ජෝර්ජ් එලියට් , ඇන්ටනී ට්‍රොලොපෙ යන ලේඛකයන් ඩිකන්ස් ගත් යතාර්ථවාදී නිර්මාණ කරණය අනුගමනය කල ඉංග්‍රීසි නවකතා සාහිත්‍යයේ සාර්ථක රචකයන් වේ .
ඉංග්‍රීසි නවකතා සාහිත්‍ය ගැන කතා කිරීමේ දී නවකතාකරුවන් තම රචනාවට අවශ්‍ය තේමාවන් සමාජයේ විවිධ පැතිකඩයන් හරහා ලබාගැනීම සිදුවූ අතර බෙන්ජමින් ඩිස්රෙයාලි තම නවකතා රචනය සඳහා එංගලන්තයේ පැවති දේශපාලන ස්වරූපය නිරූපණය කිරීම සඳහා දේශපාලනයට අදාල විවිධ වස්තු බීජයන් ගෙන එන ලදී . එම නිසා ඔහු ඉංග්‍රීසි නවකතා සාහිත්‍යයේ ප්‍රථම දේශපාලන රචකයා ලෙස හදුන්වා දෙයි . 19 වන සියවස තුල ඉංග්‍රීසි නවකතාව තුල විශාල වර්ධනයක් සිදුවූ නමුත් 20 වන ශත වර්ෂය තුලදී යම්කිසි පසුබෑමක් දක්නට ලැබේ . එයට ප්‍රධානම හේතුව ලෙස විචාරකයින් පෙන්වා දෙන්නේ එම සමය තුල එංගලන්තයේ පැවති ආර්ථික , සමාජීය හා සංස්කෘතික පරිහානි තත්වයන් හා යම් යම් ගැටළුකාරී තත්වයන් බලපෑ බවයි . කෙසේ වෙතත් ජෝෂප් කොන්රාඩ් ( 1857 - 1924 ) , බී . එච් . ලෝරන්ස් ( 1885 - 1930 ) , සමරසෙට් වෝම් ( 1874 - 1965 ) , වර්ජිනියා වුල්ප් ( 1882 - 1941 ) යන 20 වන සියවසේ නවකතාකරුවන් නිර්මාණය කරන ලද නවකතාවන් විචාරක සැලකිල්ලට බදුන් විය .
20 වන සියවස තුල ඉංග්‍රීසි නවකතා සාහිත්‍ය තුල දැකගත හැකි විශේෂතම ලක්ෂණය වූයේ ජෝෂප් කොන්රාඩ් සහ ඊ . එම් පොස්ටර් යන ලේඛකයින් දෙදෙනා ආසියා , ලතින් ඇමරිකා , අප්‍රිකා වැනි බ්‍රිතාන්‍ය යටත්විජිත ලෙස පැවති රාජ්‍යන්හි එංගලන්ත යටත්විජිත සමය තුල පැවති සමාජ , දේශපාලන , ආර්ථික ලක්ෂණ පදනම් කරගෙන නවකතාව රචනා කිරීමයි . ඊ . එම් . පෝස්ටර් විසින් රචනා කරන ලද Passage to India ( 1924 ) එයට හොඳම උදාහරණයකි .
20 වන සියවස මැද භාගයේ දී ඉංග්‍රීසි නවකතාවෙහි නූතනවාදී සම්ප්‍රදාය නමින් සම්ප්‍රදායක් තැනීමේ පුරෝගාමීන් වන්නේ ජේමිස් ජොයිස් සහ වර්ජිනියා වුල්ෆ් නම් නිර්මාණකරුවන් දෙදෙනාය . මෙම අවධිය තුල ජේම්ස් ජොයිස් ( 1882 - 1941 ) විසින් " විඥාන ධාරා ශෛලිය " යොදාගෙන නවකතා රචනා කිරීම සමාජයේ දැඩි කතාබහට මෙන්ම විටෙක විරෝධයට ද ලක්විය . එයට හේතුව වන්නේ පුද්ගල සිතුවිලි කිසිදු සීමාවකින් තොරව රචනා කිරීමයි . ඒ තුළින් ලිංගිකත්වය වැනි කරුණු සීමාව ඉක්මවා විස්තර කිරීම සමාජ විරෝධය පවා එල්ලවීමට හේතු විය . මේ ආකාරයට අපට ඉංග්‍රීසි සාහිත්‍ය විවිධ කාල වකවානු වලදී වෙනස්කම් වලට ලක්වෙමින් විවිධ ලේඛකයන් නිර්මාණය කල විවිධ ලේඛන සම්ප්‍රධායන් තුලින් අලුත් වෙමින් විකාශය වූ ආකාරය හදුනාගත හැකිය .
- මහේෂ් චාමර -
☺️☺️☺️☺️☺️
ReplyDeleteNiyamaii..
ReplyDeleteSuper... 👌
ReplyDeletePatta Godak hodai
ReplyDeletehodai Niyamai
ReplyDeleteEla bn👍👍
ReplyDeleteEla bn
ReplyDelete