යුදබිමේ රණකාමී නොවූ විරුවා ඩෙස්මන්ඩ් ඩෝස්
යුදබිමේ රණකාමී නොවූ විරුවා ඩෙස්මන්ඩ් ඩෝස්.....
කලාව සංවේදී භාවයේ යාන්ත්‍රණයයි .සිනමාව හුදෙක් යථාර්ථය පිළිබිඹුවක් බව මා විසින් වටහා ගනු ලැබුවේ (Hacksaw Ridge) සිනමා කෘතිය නැරඹීමෙනි. ප්‍රචණ්ඩකාරී දර්ශන තුළින් සංවේදී කිරීමට හැකිවීම මෙම සිනමා කෘතිය මා දුටු විශේෂත්වය වෙයි. සිනමා අධ්‍යක්ෂක"mel gibson" විසින් නිර්මාණය කරනු ලැබූ යථාර්ථවාදී සිනමා කෘතියක් වන (Hacksaw Ridge) සිනමා කෘතිය දෙවන ලෝක යුද්ධයෙ පෙනී සිටි නිර්භීත විරුවෙකුගේ ජීවන අත්දැකීම් අළලා නිර්මාණය වී ඇත. ඔහු නමින් නිර්භීත මිනිසා යන්නට ගෞරව සම්මානය පාත්‍ර වු "Desmond T. Doss නම් වූ විශිෂ්ඨ මිනිසෙකි . සත්‍ය කතාවක් ඇසුරෙන් දෙවන ලෝක යුද්ධයේදී ඔකිනාවා සඳහා වූ සටනේ දී ගිනි අවියක් භාවිතා නොකොට එක් පහරකින් වත් වෙඩි තැබීමකින් තොරව , මිනිසුන් හැත්තෑපස් දෙනෙකු ගේ ජීවිත බේරාගත් අසාමාන්‍ය මිනිසා " ඩෙස්මන් " . එම නිර්මාණයෙන් සත්‍යතාවය එසේම නම් විශ්වාස කිරීමට තරම් නොහැක. නිර්මාණය නරඹන අවස්ථාවේ මේ ප්‍රාතිහාරයක් යැයි සිතුනි . සිනමා ඇස අනිත් කලා මාධ්‍යයන් හා සසඳන විට ඉතා ප්‍රබලය . මන් ද ආත්මීය අත්දැකීමක් බවට සිනමා කෘතිය පත්වෙයි . මූලිකව යුද පුහුණු කිරීමේදී ඩෙස්මන් නිළධාරීන්ට පවසා සිටින්නේ ගිනි අවියකින් තොරව යුද භූමියට යා යුතු බවය . ඒ සමගම ඔහු අසල සිටින උසස් පහත් පුද්ගලයන්ගේ ගැරහුම් වලට පවා ලක්වන්නට (පිස්සෙක් ) විය .නමුත් ඔහු "විශ්වාසය" ප්‍රබල ව සිත දරා සිටියි. අවිහිංසාව අනුගමනය කරන ඔහු තම ආගමට බාහිර ව නොව අභ්‍යන්තරයෙන් වන්දනා කරනු ලබන බැතිමතෙකි. හදවත අසල බයිබලය නිතර ගැවසෙන ඔවුහු තම හදවත තුල තබා සිටි අනිකා තම ආදරණීය භාර්යා " ඩොරති " ය. තම වම්පස කමිස සාක්කුව තුල බයිබලය හා ඩොරති ගේ ඡායාරූපයක් තබා සිටීම තුළින් සිනමා නිර්මාණකරුවා ඔහුගේ චින්තනය ව්‍යංගාර්ථව පවසයි.
තම පියා ද යුද්ධයෙන් මානසික බිඳ වැටීමට ලක්වූ පුද්ගලයකු වීම සහ තම දරුවා යුද බිමට යෑමට අකමැත්තක් දක්වනුයේ ඔහුගේ ජීවන වේදනාව හේතුවෙනි. සියලු බාධක පලවා හැර විශ්වසනීයත්වය පෙරමුණ කර ඩෙස්මන් නිරායුධව නිල ඇඳුමින් සැරසී මරණයේ යුද යාන්ත්‍රණය වෙනස් හැරවුම් ලක්ෂයකට යමින් වෛද්‍ය කුසලතා භාවිත කිරීමට සමත් විය. විශේෂ අවස්ථාවක් ලෙස ජපන් සොල්දාදු තුවාල කරැවන් හට පවා ප්‍රතිකාර කරන ඩෙස්මන් සතුරන් වුව විනිසෙකු යන නියතාර්ථය නරඹන්නාට පසක්කරවයි . යුධ බිමක වුව මිනිසත් බවේ ගුණ සුවද හදුනන මිනිසුන් සිටින බව පසක් කරනු ලබන්නේ එම අවස්ථාවෙනි . ඔහු සැබෑ ශක්තිවන්තයෙකු බව ඔප්පු කිරීමට යුද ගිනි දැල් පසාරු කර ගනිමින් රෝගී සෙබලුන් හට ශක්තියක් වන්නේ කායිකව පමණක් නොව මානසිකව ශක්තියක් වන ආකාරය ආබාධිත සෙබලුන් හට මෙසේ පවසන ආකාරයෙන් පැහැදිලි වෙයි "මං ඔබව ගෙදර ගෙනියනවා ,මම ඔබ ගැන බලාගන්නම් රැල්ෆ් ". තවද ගොරෝසු යුධ දර්ශන තුළින් දීප්තිමත් සංවේදනාවක් සිනමා ප්‍රේක්ෂක හදවතට ලගා කරයි . මිනිසත් බවේ හැඟීම්බර ගැටලු පිළිබඳව ඉතා අපූරුවට දක්වයි. සිනමා කෘතිය පමණක් නොව සජීවි ලෝකයේ ද ඩෙස්මන් ඩොස් තරම් පරිත්‍යාගශීලී පුද්ගලයකු මා දැක නොමැත. සිනමා කෘතියේ තාක්ෂණික කරුණු කාරණා පිරික්සන විට පැහැදිලි වන්නේ යුද්ධයේ බිහිසුණු බව පෙන්වන විශ්මිත දෘශ්‍ය ප්‍රයෝග මඟින් ප්‍රේක්ෂකයා කම්පනයට පත් කරන බවය. යුද බිමේදී සජීවීව මරා දැමීමෙන් තොරව සෙබළෙකු හට තම දේශය වෙනුවෙන් සේවය කිරීමට හැකි බව සනාථ කරයි. තව ද ජපන් සංස්කෘතියේ නිර්භීත බව "යටත් නොවීම " ලේ වැකි දියුරු මෙන් ප්‍රබල දිස්වෙයි. දිවි ගලවා ගත් රණවිරුවන්ගේ පාපොච්චාරණය තුළ ඔවුන් ඩෙස්මන්ඩ් ඩෝස් වෙනුවෙන් ගෞරවාන්විතව සංවේදී වන අවස්ථා දැකගත හැක. මිනිසත් බව කුමටද යන්න ගැටලුවට පිළිතුර ඩෙස්මන් ඩොස් රණකාමී නොවූ විරැවා බව සනාථ කරයි .
- යශෝධා රවිහාරි -
Ela
ReplyDelete😊😊
ReplyDeleteBalapu hodama film ekak
ReplyDelete