අප "සුළඟ මත මොහොතක්" රැදිය යුත්තේ ඇයි ?
අප "සුළඟ මත මොහොතක්" රැදිය යුත්තේ ඇයි ?
රුක්මාල් අසිතගේ "සුළඟ මත මොහොතක්" මා මුල සිට ම නරඹන්නට පටන් ගත්තේ ද පළමු සෙමෙස්තරයට පාඩම් කරන අතරතුරේ ය. මොන විභාගය තිබුණත් අවම වශයෙන් කොටස් දෙකක් හෝ නැරඹිමට මම ඇබ්බැහිවි හිදිමි. "ආදරය" ගැන අල්පයක් නිර්මාණය වී ඇති ටෙලිනාට්‍යවලින් සුළඟ මත මොහොතක් රැදෙන තැන තීරණය කීරීමට හැක්කේ එය නැරඹිමෙන් ම පමණකි. කතාව, රූපණය, ස්ථාන, සංගීතය වැනි මුලික සහ අනුශාංගික ශිල්ප සියල්ලම එකට මනාව ගලපා නිර්මාණය කෙරු පුංචි තීරයේ දෘශ්‍ය කාව්‍යක් ලෙස සුළඟ මත මොහොතක් හදුනාගැනිම වැරැද්දක් නොවේ.
සුළඟ මත මොහොතක් තුල අප දකින සියළු ආදර අන්දර විකාශනය වන්නේ සුන්දරත්වය හා සමපාතව දිවෙන ඛේදවාචකයක් සමග ය. චාරුලතා,අසංග,මහාචාර්‍ය ඇල්ලේපොල සහ ඔහුගේ බිරිද, චාරුලතාගේ සහෝදරිය, අමන්දා සහ ඔවුනගේ ආදර කතාවලට සම්බන්ධව ඇති අන් සියළු දෙනා ගැලවිය නොහැකි ලෙස මේ ඛේදවාචකයට මුහුණ පා තිබිමයි. එයට හේතුව වන්නේ ද ඔවුනොවුන් එකිනෙකාට බරපතල ලෙස ආදරය කීරිම යි. චාරුලතාගේ විවාහය ගෙදරින් තීන්දුවී පවතිද්දි අසංග ඇය බැලිමට රජරට විශ්වවිද්‍යාලයට නිතිපතා යයි. ඔහු සියළු සීමාමායිම් නොතකා ප්‍රේම කරන්නේ හෙටක් ගැන නොහිතා වන අතර ඔහුට අවැසි එක ම දේ සහ එක ම වස්තුව වන්නේ චාරු ය. සිරිලාල් අමන්දාට පිළිකාවක් තිබෙන බව දැනදැනත් , ගතින් වියපත් වුවත් ඇයව විවාහ කරගනි. එහෙත් වියපත් සිරිලාල්ගේ අනාගතය තවත් අදුරු වන්නේ නොබෝ කලකින් අමන්දා මිය යෑම නිසා ය.
මට හමු වී ඇති බොහෝ දෙනාගෙන් අසන එක් ප්‍රශ්නයක් නම් වඩා වැදගත් වන්නේ ආදරය ද , එසේ නැත්නම් ජීවිතය ද යන්න යි. ඔවුන් සියළු දෙනා බොහෝ විට දෙන පිළිතුර නම් ආදරයට වඩා ජිවිතය විශාල බව යි. චාරු අසංග හෙවත් ඇයගේ "ආදරය" අතහැර තෝරා ගත්තේ සිය මව්පියන් තෝරා දුන් ජීවිතයයි. නාට්‍යයේ ආරම්භයේ සිට ම එයට එළියක් වු චාරුගේ සිනාව දිය වි යන්නේ ඇයගේ මේ තීරණයෙන් අනතුරුව ය. නමුත් "ආදරය" ජිවිතයට වඩා වැදගත් යයි සිතන චාරුගේ සහෝදරිය තම විවාහය නිසා විරසක වු මව්පියන් ගැන සිතමින් දුක් වෙයි. නමුත් අප හැමට ආදරය ද වඩා වැදගත් , ජිවිතය ද වඩා වැදගත් යන තීරණයට එන්නට නොහැකිය. මන්ද මේ දෙකට ම තම තමන් නොමැතිව කිසිම පැවැත්මක් නොමැති නිසාවෙනි.
මේ නාට්‍යයේ දෙබස් ඉංග්‍රිසි පරිවර්තන නාට්‍යක දෙබස්වල හැඩය ගනි., කවි මෙන් ය. එවා සමාන්‍යයෙන් අප භාවිතා කරන කටවහර ම ද යන්න ගැන සැකයක් ඇති වේ. නමුත් ඒ දෙබස්වල සැකැස්ම ද මේ නාට්‍යයේ ආකෘතිය වෙනුවෙන් ම නිර්මාණය කරගත්තා විය යුතු ය.
අප ජීවත් වෙන්නට කෑමති මෙලොව තිබෙනා එක්තරා සුවිශේෂී ස්ථානයක් ඇත. දේශගුණය සහ නිදහස යන්න එහිදි අප වැඩිවශයෙන් අවධානය යොමු කරයි. සුළඟ මත මොහොතක් කතාව දිවෙන්නේ මා මිහිමත හුස්ම ගන්නට කෑමති එවන් පෙදෙසක් හරහා ය. ඒ රූපරාමු දෙස බැලුවත් නෙතට සිසිලසකි., කවියෙක්ට කවියකි., සිත්තරුවෙක්ට සිතුවිමකි., සංගීතවේදියෙක්ට සංධ්වනියකි. මේ ආදර කතාව තවත් අපට සැහැල්ලුවක් මතින් බරක් තැන්පත් කෙරුමට පරිසරය අධ්‍යක්ෂකවරයා මැනවින් යොදාගෙන තිබේ. නාට්‍ය නැරඹු ඕනේ ම අයෙකුට ඒ භූමියට මරණයට කලියෙන් කවදා හෝ යන්නට නොසිතුනා නම් එය ම අහම්බයෙකි.
අප වර්තමානයේදි ටෙලිනාට්‍ය සංගීතය වඩාත් රසවිදි අවස්ථාවන් ද්විත්වයක් ලෙස " කූඹියෝ" සහ " සහෝදරයා" ටෙලිනාට්‍ය පෙන්වා දිය හැක. නමුත් සුළඟ මත මොහොතක් තුල රසවිදින්නට ලැබෙන, අපට "මගහැරුණු" සංගීතය ඉහත අවස්ථා දෙකට ම වඩා සෞම්‍ය ගුණයකින් යුක්ත ය. එය හන්තාන හා රිවස්ටන් හරහා යන සුළඟක්ම පමණක් ය. මෙහි සංගීතය කසුන් කල්හාරගෙන් වන අතර ඇතුලත් වන එක ම ගීතයේ පද අයිති වන්නේ ඩබ්ලිව්. ජයසිරිට ය.
මේ මොහොත වන විට සුළඟ මත මොහොතක් ටෙලිනාට්‍ය youtube හරහා නැරඹිමේ අවකාශය ඇති අතර ප්‍රේමයේ නව ඉම්පෙත් සොයා යන්නෙක්ට එය කදිම සිතියමක් වෙනවා නොඅනුමාන ය.
- අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -
සුලග වගේ ඇවිදින් ඒ හුස්මට පෙම් කරන්න😍 ලස්සනයි අයන්ත මල්ලි
ReplyDelete