පොඩිනා



Image result for village women arts sri lanka hd wallpaper


"සෙංකොට්ටන් "

 පොඩිනා

ප්‍රේමය පාමුල ජීවිතය
දුන් ඇය පොඩි නා ය
හුස්ම තබා ගල් තලාවේ
ප්‍රේමය ⁣සෙවූ ඇය පොඩිනා  ය

ප්‍රේමය මායාවක් බව
දුටු ඇය පොඩිනා ය
දුක  අබියස සතුට
සෙවූ ඇය පොඩිනා ය


සුන්දරත්වය කරුමයක් බව
දුටු ඇය පොඩිනාය
ප්‍රේමය ලත් ගල් තලාවේ
හුස්ම දන් දුන්  පතිනියක් නොවූ
ඇය පොඩිනාය

 උගත්කමත් ටත් නූගත්කම ටත්
එහා ගිය රති කෙලිය

උගත්කම ටත් නූගත් කමටත්
එහා ගිය මව් පිය සෙනෙහස


උගත්කම ටත් නූගත්කම ටත්
එහා ගිය නම්බු නාම

උගත්කම ටත් නූගත්කම ටත්
එහා කියපු කුලය ගෞරවය


උගත්කම ටත් නූගත්කම ටත්
එහා ගිය ජීවිත       


- යශෝධා රවිහාරි -           

                       

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ