ඉර බසින කල සැදෑ අහසට




                                                                 Mobile Photography By - Mahesh Chamara



ඉර බසින කල සැදෑ අහසට
කියමි ඔබේ රුව මවන්න
ටිකක් ඈතින් මා මවාගෙන
හැකිය ප්‍රේමෙන් හිදින්න

ගලන ගග හට කියමි හෙමිහිට
වරක් ඔබේ හඩ මවන්න
දියට වැටෙනා මලක් විලා
හැකිය ගී ඔබේ අහන්න

නොනිදි සයුරට කියමි නැවතත්
උන්නු හැටි අපි කියන්න
අත හැරුණු හැටි අපේ අත්වැල
එපා අවසන කියන්න

අයු

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ