ශෙහාන් මිහිරංග කියන්නේ මට වැඩ්ඩෙක් - රවී රොයිස්ටර් ගමඟ

                          
                              





1. Noise project කියන්නේ මොකක්ද ?

ඕක පටන් ගත්ත හැටි මම මුලින්ම කියන්නම්කො. මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ ඉන්දියාවේ විශ්ව භාරති යුනිවසිටි එකේ. මම එහෙ ඉන්නකොට වැඩ කරා Mtv sound trippin කියන Program එකේ එක episode  එකක. මේ program  එකෙන් කලේ indian culture එකේ කෑලි කෑලි අරන් Music create කරන එකයි., Experiment විදිහට. මේ වැඩේ බලාගෙන ඉන්නකොට මට හිතුණා මේ වගේ ම දෙයක්, ලංකාවේ විදිහට කරන්න. 2016 තමා Noise project පටන් ගත්තේ. Noise project කියන්නේ ඇවිල්ලා අපිට බාහිර පරිසරයෙන් ඇසෙන ශබ්දවලින් සංගීතය නිර්මාණය කරන එකයි. ඒ කියන්නේ අපිට ඇහෙන්නේ මොනවද පේන්නෙ මොනවද, අපිට පේන්නේ මොනවද ඒ ඒ කෑලිවලින් එළියට එන ශබ්දය අරගෙන කොහොමද සින්දුවකට Apply කරලා, කොහොමද music කරන්නේ කියන එක තමයි Noise project කියන්නේ 

2. ඇයි ඔබ සංගීතය වෙනුවෙන් මේ මාධ්‍ය තෝරගන්නේ ?

අපි හැමෝම සින්දු අහනවා. , අපි හැමෝම සින්දු කියනවා., concert බලනවා. අපි ජිවිත කාලෙම කරන්නේ සින්දු අහන එකනේ. සින්දු අහන්න ඕනේ., නමුත් සින්දු අහන්න විවිධ විදි තියෙනවා. මට ඒ වෙන විදිහක් තමා තෝරගන්න ඕන වුණේ. අපි හැමදාම කරන ගිටාර් , Keyboard ගහලා සිංදු කියන එකට අමතරව වෙන විදිහකට Music create කරන්න  පුළුවන් නම් ඒක තමා වැඩේ. මට කරන්න ඕන වුනේ එක. ගිටාර් එක එහෙම ගහන්නේ නැතුව, වටපිටාවෙන් එන ශබ්ද එකතු කරලා Create කරන්න ඕන හින්දා තමයි මම noise විශේෂයෙන් තෝරගත්තේ.  මේ වැඩේ කරන ලංකාවේ එකම එක්කෙනා කෙනා මම. ඒක මම ඕනේ තැනක කියනවා බය නැතුව. නමුත් මේ වැඩේ කරන ලෝකෙ වෙන අය ඉන්නවා ඕන තරම්. නමුත් එයාලට තියෙනවා  එයාලගේ ම Style එකක්. මේක ඇවිල්ලා මගේ Style එක. මේක යන්නේ මම හිතන විදියටයි, මම දැනෙන විදිහටයි. මේ ශබ්දය එකිනෙකාට දැනෙන ආකාරය වෙනස්. ඒකෙන් තමා Music style එකෙත් වෙනස ඇති වෙන්නේ. 

3. Noise of pettah ඔබේ අලුත් නිර්මාණය . මේ වගේ නිර්මාණයක් කරන්න ලේසි නෑ ඒ පරිසරයත් එක්ක. ඒ ගැන කතා කළොත් ?

ලංකාව කියන්නේ විවිධ  සංස්කෘතිවලින් යුක්ත රටක්නේ. පිටකොටුව කියන්නෙත් එහෙම වෙනම සංස්කෘතියක් තියෙන පැත්තක්. නමුත් කොළඹ විවිධ පැති තිබුණත් මිනිස්සු ප්‍රධාන වශයෙන්ම  දන්නේ කොටුව. අනික ජනගහනය  අතින් ගත්තොත් ඉතා විශාල ප්‍රමාණයක් කොටුවේ ජීවත් වෙනවා. ඒ හින්දා ම  කොටුවේ විවිධ ශබ්ද රාශියක් තියෙනවා. මගේ යාලුවෙක් ඉන්න Andrew  කියලා. අපි දෙන්න දවසක් අලුත් Music වැඩක් වෙනුවෙන්  කොටුවට යනවා සවුන්ඩ් ටිකක් record කරගෙන එන්න. ඉස්සෙල්ලා ම අපි ගිහින් මිනිස්සු කෑ ගහන,නළා පිඹිණ, බිම හදන Sound ටික  රෙකෝඩ් කරගත්තා. මේ වැඩේ කර කර ඉන්නකොට මට එකපාරම MGRව සෙට් වුණා. මේ අයියා කොටුවේ නාටිහාමි කෙනෙක් වුණාට,ඉන්දියාවේ MGR වගේ අදින,පලදින නිසා කොටුව පුරාම ප්‍රසිද්ධයි. මං කිව්වා MGRට "අයියයේ ඔයා සින්දුවක් කියන්න., මං ඔයාගෙන් සින්දුවක් හදනවා කියලා". ඊට පස්සේ හරි කියලා එයා සින්දුවත් කිව්වා. පස්සේ මෙහේ ඇවිත් ලේයර් කරලා, ඔක්කොම කෑලිබෑලි ටික හරිගස්සලා සින්දුව හැදුවේ. කොටුවෙන් යද්දී අපි සින්දුවේ බාගයක් කරල ඉවරයි. කොහොමහරි ඒ වැඩේ පත්තු වුණා. ඒ වගේ වැඩ කරන්න පුළුවන් ලංකාවේ. මේ වැඩේ කරන්නත් එච්චර අමාරුවක් වුනේ නෑ. ඒ මිනිස්සුත් හරි හොඳයි. අනික Vedio එකේ visual එකත් කළේ එදාමයි. කාටහරි හිතෙන්න පුළුවන් මේක එක දවස් කීපයක වැඩක් කියලා. නමුත් මේක එක දවසේ වැඩක්

4. ඔබ ඇයි Noise of project තුළින් ඩ්‍රිම් ස්ටාර් වෙත යොමුවුණේ ?

මම කරන වැඩ කටයුතු ගැන මිනිස්සු දැනගෙන හිටියේ සීමිත ප්‍රමාණයක්. මට ඕන වුණා ඕක තව ටිකක් සමාජගත කරන්න. ඒකට හොඳම platform විදිහට මම තෝරගත්තේ මේ Reality showඑකයි. Reality show එකක් ඇඹිලිපිටියේ ඉන්න මනුස්සයත් බලනවා. ඉතින් Dream star ගියා. වැඩේ පත්තු වුණා. 

5.Star වෙන හැම කෙනෙක් ම ඇත්තට ම මිනිස්සුන්ට  Real star කෙනෙක් වෙනවා ද ?

ලංකාවේ Reality season ගොඩක් තිබුණානේ. එකෙන් Stars බිහිවුණා විශාල වශයෙන්. නමුත් එහෙම බිහිවුණු ගොඩාක් Starsලා අද වෙනකොට  හොයන්නත් නෑනේ. ගොඩක් අය Starsලා වුණාට, එයාලා Real starsla වුණා ද ? ඒ වැඩේට සහභාගි වෙනවා. නමුත් එතනින් පස්සේ දන්නෑ එයාව මේන්ටේන් කරගන්න. තමන් ඊළඟට මොකක්ද කරන්න ඕනි කියන එක එයාලා දන්නෙ නෑ. මම Program එකට එනකොට මට තිබුණා Target  එකක්. ආපු අයට එහෙම ලොකු එකක් නෑ.  සින්දු කියලා යන්න තමයි එයාලා එන්නේ. ඒ Starsලා ඇත්තටම Real starsලා වුණා නම් ලංකාවේ මියුසික් තියෙන්න මාරම තැනකනේ.

6. Star කෙනෙක්ට නැති Artist  කෙනෙක්ට තියෙන දේවල් මොනවාද ?

  කවුරුහරි  Reality program එකකට ගිහිල්ලා Star කෙනෙක් වෙනවා. Star වුණාට පස්සේ Artist. Artist කෙනෙක්ට විෂය සම්බන්ධයෙන් හොද දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුමත් එක්ක තමයි ඒ පුද්ගලයා ඒ තත්වයට එන්නේ. එයාට හොද Talent එකක් තියෙනවා. ඒ වගේ ම  Artist කෙනෙක්ට අනිත් අයට නැති  වෙන වෙන කෑලි ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මයිකල් ජැක්සන්, බොබ් මාර්ලේ වගේ Artistලාගේ වෙනම කෑල්ලක් තියෙනවා එයාලට ම කියලා. ඕකම Apply කලොත් Reality show එකකින් එන Star කෙනෙක්ට , උදාහරණයක් විදිහට Arijit singh . එයා එතකොට Star කෙනෙක්නේ. , නමුත් දැන් Artist කෙනෙක්. Programs වලින් Star කෙනෙක් විදිහට ලේබල් කලාට ඇත්තටම එළියට එන්නේ Artist කෙනෙක් විදිහට. හැබැයි ඔය දෙගොල්ල ළගම හැමදේම තියෙනවා. Artist කෙනෙක් ළග තියෙන දේම Artist කෙනෙක් ළගත් තියෙනවා.
මොකද එයා Star වුණාට පස්සේ වෙන්නේ Artist කෙනෙක්. අපි Star කෙනෙක් විදිහට ලේබල් කරන්නේ එයා Reality show එකකින් ආපු නිසානේ. 

7. Artist කෙනෙක්  character එකක් mention කරන එකට වඩා real එකෙන් ජීවත් වෙන එකේ වාසිය මොකක්ද ?

මම කොහොමත් ඉන්නේ මගේ විදිහට තමයි. මං ඉස්සර ඉදන්ම කැමති සරම් අදින්න. මම කැම්පස් එකෙත් හිටි‍යේ එහෙමයි. අපි ඔක්කොම මිනිස්සුනේ. මම ඇවිල්ලා සින්දු කියන මනුස්සයෙක්. මම Artist  කෙනෙක් වෙන්නේ මිනිස්සු මගේ සින්දු අහන හින්දානේ. එතකොට මම හෙන මහා චරිතයක් වෙන්න බැහැ., සාමාන්‍ය මනුස්සයෙක්. හැබැයි ඔයා කියන character  එක ඔළුවට ගැහුවා ම පස්සේ වෙන්නේ ඒ මිනිහට පාරේ බැහැලා යන්න බැහැ., සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතයක් ගත කරන්න බැහැ. ඔය ප්‍රශ්නේ ලංකාවේ ඉන්න ගොඩක් Artistලාට තියෙනවා. ගොඩක් අය Artist කියන Character  එක mention කරන නිසා එයාලට හැබෑ ජීවිතේ ජීවත් වෙන්න අමාරුයි. මම නම් බස් එකෙත් යනවා.,බයික් එකෙනුත් යනවා., සයිවර් කඩෙන් කන්නත් පුළුවන් . මම කියන්නේ සරල ජීවිතේ ඒ විදිහට ගෙවන්න ඕනේ. Artist කෙනෙක් වෙන්නේ Audience එක අපේ සින්දු අහන නිසා. එතකොට මුලින් ම අපි Audience එකට Respect කරන්න ඕනේ.  

8. තරුණයෙක් තම හැකියාවන් දක්ෂතාවන් රටට පෙන්වන්න reality show එකකට යනවාට වඩා හොද යෝජනාවන් ඔබට තියෙනවා ද ? එහෙනම් ඒ මොනවාද ?

Reality show එකට යන,නොයන එක එයාගේ කැමැත්ත. නමුත් එකෙන් ලැබෙන වාසි කිහිපයක් තියෙනවා. Reality show එකකින්  හොඳ publicity  එකක් ගන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් තමන් තනියම ගේමක් ගහලා ඉස්සරහට එනවා කියන්නෙ ඒක වෙන වැඩක්. මම Reality show එකකට ගියේ මගේ වැඩේ පත්තු කරගන්න ඕන හින්දානේ. මොකද මට ලොකු Backup එකක් තිබුණේ නෑ Music industry එකේ. මගේ වැඩේ පටන් අරගෙන දැන් අවුරුදු තුනක් වෙනවා. එතකොට මම අවුරුදු දෙකක් ම කට්ට කෑවා. ඒ කට්ටේ අන්තිම මොහොතේදි තමා මම Reality show එකකට ගියේ. නමුත් දැන් තියෙන technology එකත් එක්ක ලොකු වැඩක් කරන්න පුළුවන්. මේ මට කියන්න බෑ ඔයාට Reality show එකකට යන්න කියලා., ඒ වගේ ම යන්න එපා කියලත්. ඒක ඔයාගේ කෑමැත්ත. තමන්ගේ ම කියලා දෙයක් පටන් ගන්න එක තමා මම යෝජනා කරන්නේ., යුනික් වැඩක්  පටන් ගන්න ඕනේ. අද වෙද්දි හැමෝම You tube එකට vedios කරනවා. Comedys ගත්තොත් තියෙනවා හෙන සෙට් එකක් තියෙනවා., Interviews හෙන සෙට් එකක් තියෙනවා. නමුත් එතනින් එහාට ගිය වෙන යුනික් වැඩක් පටන් ගත්තොත් තමා ඔයා Highlight වෙන්නේ. Noise project කියලා  තියෙන්නේ ලංකාවේ එක You tube channel එකයිනේ. ඒ නිසා ඒකට තියෙනවා පොඩි චාන්ස් එකක්. ඔයා කොමඩි වැඩක් පටන් ගත්තොත් එහෙම Channels තියෙනවා  විස්සක් විතර. නමුත් තමන් යුනික් වැඩක් පටන් ගත්තොත් කොස්සක් Highlight වෙන්න පුළුවන්. සමහරක් විට ඒ Highlight වෙන එක  අනිත් අය කරන සමාන්‍ය  වැඩවලට වැඩිය Highlight වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙනස් විදිහට වැඩක් කලොත් Reality show පවා කඩාගෙන යන්න පුළුවන්.


9. ශීහාන් මිහිරංගව ඔබ දකින්නේ කුමන විදිහට ද ?

වැඩ්ඩෙක්., මිනිහා තමා Reality showsවලින් නියම විදිහට ගේම ගහගත්ත මනුස්සයා. ශිහාන් මිහිරංග කිව්වත් අදටත් අපිට Super star මතක් වෙනවානේ. තමන්ව හරියට Mention කරගෙන හරි තැනකට ආවේ ශිහාන් මිහිරංග. 

10.  විකල්ප සංගීතය ගැන පුළුල් සාකච්ඡාවක් විශ්ව විද්‍යාලයීය හා බාහිර සමාජය තුල  මේ මොහොතේදි සිදුවෙමින් පවතිනවා. ඔබට විකල්ප සංගීතය සම්බන්ධයෙන් ඇති යෝජනා මොනවාද ?

මම නම් කියන්නේ පර්යේෂණාත්මක සංගීතයට වැඩි අවධානය යොමු කළ යුතු යි. තව තියෙනවා Conceptual music කියලා එකක්. දැන් ඇත්තටම ගත්තොත් සින්දුවක් අහන්න බෑනේ ලංකාවේ. අපි ඔක්කොම සෙට් වෙලා ඉන්නේ සල්ලි මත්තේ. Music කියන්නේ මිනිහෙක්ට Entertainment කරන එක. පුළුවන් තරම් creative මියුසික් කළා නම් අපිට වෙන තැනකට යන්න පුළුවන් 


අයන්ත යුනේෂ් ප්‍රනාන්දු





Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ