ගම්පෙරළිය....

                      
                    No photo description available.

                                                Mobile Photography By - Mahesh Chamara

ඉස්සර ලොකු බාප්පලාගේ ගෙදරට එකතුවෙලා
සෙල්ලම් ගෙවල් හදපු අතීතේ.......
නිවාඩුවට කට්ටිය එකතු වෙලා
එකට ඉදගෙන චිත්‍රපටි බලපු අතීතේ .......

ලොකු බාප්ප හදල දුන්න ලී කරත්තේ
කට්ටිය එක්ක හති දාගෙන පැදපු අතීතේ .....

සූරන බබාට බයේ නාරංවිල වත්ත
අහලකින් වත්නො ගිය අතීතේ......
හවසට ගමේ ගුරු පාරදිගේ වැටි වැටී
තරගෙට බයිසිකල් පැදපු අතීතේ....

දෙසැම්බර් නිවාඩුවට සරුංගල් හදාගෙන 
සහෝදරයො එක්ක කුඹුරු දිගේ දුවපු අතීතේ .....
හවස අදුර වැටෙනකල් වෙන්දේසි වත්තේ
බෝල ගහපු අතීතේ.......

අද ඒ ඔක්කොම වෙනස් වෙලා
වෙන්දේසි වත්තේ ගෙවල් හැදිලා.....
ගුරු පාරට කොන්ක්‍රීට් දාලා......
ගමේ ආදරේ කරපු තැන් වගේම අපිත්
වෙනස් වෙලා......

සමහරු ගමෙන් ඈත්වෙලා රටෙනුත් ගිහිල්ලා......
සමහරු දැන් කසාදත් බැදලා.....
ආදරේ කරපු සමහර සහෝදරයෝ 
මතකය විතරක් තියලා  නොඑන්නම ගිහිලා.....

මේ ඔක්කොමත් එක්ක ආදරේ කරන
ගමත් වෙනස්වෙලා.....
ගමත් එක්කම  මිනිස්සුන්ගේ
හිතුත් වෙනස් වෙලා.....

                                                          - මහේෂ් චාමර -


Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ