"පරිපූර්ණත්වය තුළින් මරණය ළඟා කරගත් '' black swan"
"පරිපූර්ණත්වය තුළින් මරණය ළඟා කරගත් " black swan"

කලාව යනු යථාර්ථය පිළිබඳ විජයග්‍රහණයේ මායාව වෙයි. අධ්‍යක්ෂක ඩැරන් අරෝනොෆ්ස්කි විසින් නිර්මාණය කරනු ලැබූ සම්මානනීය සිනමා කෘතියක් වන" Black Swan" සිනමා නිර්මාණය තුළ කලා කරුවෙකු පරිපූර්ණත්වය කරා එළඹීම දක්වයි . බිය ,ආදරය ,වෛරය උමතුව , චිත්ත පීඩනය , ඊර්ෂ්‍යාව ආදී චිත්ත අභ්‍යන්තරයෙන් හුවා දක්වයි."natalie portman" විසින් පණපොවන්නේ වයස අවුරුදු විසි හයක් වන තරුණ නර්තන ශිල්පිනියක් වන නීනා සයර්ස් හට ය . ඇය පරිපූර්ණත්වය කරා ළඟා වීමට ඇල්මක් දක්වයි . අතිශය සංකීර්ණ පෞද්ගලික කාරණා සමඟ පොර බදිමින් නීනා සයර්ස් පීඩනයට ලක්ව සිටිනුයේ මානසිකව හා කායිකව බව සිනමා කෘතිය පුරා ඉතා සූක්ෂමව දක්වයි . නිනා යනු අතිශය සුන්දර බිඳෙන සුළු දැරියකි . එය ඇයගේ බාහිර ස්වරූපය බව ද සිනමා කෘතිය තුළ දැකගත හැක . නමුත් ඇයගේ චරිත අභ්‍යන්තරය ඉතා කාමුක ප්‍රචණ්ඩකාරී ශක්තිමත් තරුණියක් ජීවත් වෙයි. සිනමා කෘතිය තුලින් ඉතා පැහැදිලිව දක්වන ඒ බාහිර හා අභ්‍යන්තර ප්‍රතිරූපයයි . ඇය ගේ ආත්මය ස්පර්ශ කර ඇත්තේ සුදු හංසයා හා කළු හංසයා බව ඉතා සීරුවට සිනමා කෘතිය කියැවීමේදී වටහා ගත හැක.තවද මෙම සිනමා කෘතිය තුළ ප්‍රධාන චරිතය වන නිනාට අමතරව ගුරුවරයා වන තෝමස් ලොරොයි හා මුද්‍රා නාට්‍යයේ ප්‍රධාන ශිල්පිනිය ව සිටි බෙත් සහ කරට කර තරඟ කරන නර්තන ශිල්පිනිය ලිලි යන චරිතය මීනා ගෙ චරිතය අවදි කිරීමට උත්තේජනයක් සපයයි . හංසවිල මුද්‍රා නාට්‍යය තුළ සිටින චරිතයන් සමාජය තුළ හැසිරෙන ආකාරය දක්වයි .

ප්‍රේක්ෂකයාට මෙම චිත්‍රපටයේ එක් එක් චරිත පිළිබඳ ඉතා සංකීර්ණ කියවීමකට ගමන් කළ හැක . ඒනම් මව කෙරෙහි ඇති ආදරය හා ඇයගේ නර්තනයට බාධා කරන විට ඇතිවන කෝපය වෛරය තුළින් දක්වනුයේ ඇයගේ ජීවිතය තුළ නර්තනයට ප්‍රමුඛ ප්‍රමුඛස්ථානය දී ඇති බවයි . අධික ලෙස නර්තනයට ඇබ්බැහි වී ඇති බව ඇගේ ශරීරයේ ආත්මයේ නර්තනය කොටසක් ව තිබේ . නිනා නර්තනයට ඇති ඇබ්බැහිය හේතුවෙන් මානසික රෝගයකට පවා ගොදුරුවන ඇය තුළ චරිත දෙකක් ජීවත්වන බව අධ්‍යක්ෂක වරයා ඉතා සියුම්ව කතාව තුල ගොඩනගනු ලබයි . එනම් හංසවිල මුද්‍රා නාටකයේ මෙන් කළු හංසයා අභ්‍යන්තරයේත් බාහිර සුදු හංසයා වීමත් විශේෂත්වයකි. තවද ඇය විසින් ඇයගේ අභ්‍යන්තර චරිතය ඇය නොදැනුවත්වම මතුපිටට පැමිණෙන සෑම අවස්ථාවකම ඇගේ ශරීරයට තම නියපොතු වලින් ලේ මතු වන තෙක්ම තුවාල කර ගන්නා අතර ඒ තුවාල වූ ස්ථාන පසාරු කර ගනිමින් පිහාටු මතු වන ආකාරයක් දක්වයි . ඇයගේ මුහුණ එම අවස්ථාව ප්‍රචණ්ඩකාරි සරාගී බවක් හා ශක්තිමත් ස්වරූපයක් පෙන්වන අතර ස්ථාන කීපයකදී ඉතා පැහැදිලිව දක්වනුයේ ඇගේ ඇගේ චිත්ත අභ්‍යන්තරය සිටින කළු චරිතය ,මන් මාර්ගයේදී ඇයට ඇය හමු වන අවස්ථාව (කළු ඇඳුමකින් සැරසී සිටි ) තව ද නාන කාමරය තුළ දී ඇයට බෙත් නම් නර්තන ශිල්පිනිය උමතුවෙන් පැමිණ නීනි මැරීමට තැත් කරයි . ඊට අමතරව කැඩපත තුළින් ඇයට එකේ අනිත් චරිතය මතුව පෙනේයි . "හංස විල " මුද්‍ර නාට්‍ය තුළ හොඳ සහ නරක පිළිබඳ ගැටුම පිළිබිඹු කිරීමට අධ්‍යක්ෂක වරයා චිත්‍රපටය පුරාම කටයුතු කරන ආකාරය අපට හදුනාගත හැකිය . නීනා නැමති නර්තන ශිල්පිනියට ඇගේ මනස නැතිවී යයි . ඇය පරිපූර්ණත්වය කරා එළඹෙන්නේ සාමාන්‍ය ජීවිතයට වඩා ඉහළ මට්ටමක පවතින ශාරීරික හා මානසික පුහුණුවකින් වේ . නිනාගේ මව එරිකා වරක් නර්තන ශිල්පිනියක් වූ අතර දැන් ඇගේ දියණියගේ වෘත්තීය වෙනුවෙන් තම ජීවිතය කැප කරයි . නිනා පැහැදිලිවම සුදු හංසයා සඳහා හොදම නර්තන සඳහා හොඳම නර්තන ශිල්පිනිය යි . ගුරුවරයා ඇය තුළ සිටින පරිපූර්ණත්වය වන කළු හංසයා සොයා ගනී . සිනමා කෘතිය රේඛාවක් ඔස්සේ ගලා පැමිණ ගුරුවරයා වන තෝමස් හට ලීලි නර්තන ශිල්පිනිය හමු වීමත් සමග රේඛීය ආඛ්‍යානය තවත් අතකට පෙරලෙයි . නිලි නම් නර්තන ශිල්පිනිය නිර්භීත , ලිහිල් , විශ්වාස , සරාගී ආදී චරිත ලක්ෂණ පෙන්නුම් කරයි . නීනා හා ලිලි අතර යම් නිනාගේ ලිංගික කාර්යයක් මනස තුළ සිදුවෙයි. තෝමස් නර්තන ශිල්පිනියන් ඒ සමග කටයුතු කිරීම පැහැදිලිව දක්ෂතාවය මත පමණක් නොව ලිංගික අල්ලස් ලබා ගැනීම මත පදනම් වෙයි . නිනා සයර්ස් වන ඇයගේ මනසේ අර්බුදයක් නිර්මාණය කරයි . මෙම කලාකාරිනිය පරිපූර්ණත්වයන් හා ලිංගික අල්ලසින් නිදහස් වන්නේ මරණය ළඟා කර ගනිමිනි .
- යශෝධා රවිහාරි -
Comments
Post a Comment