80 දශකයේ සිනමාව .
80 දශකයේ සිනමාව .

බහුජන කලා මාධ්‍යක් වන
සිනමාව ලාංකිකයන්ගේ ද ප්‍රධාන විනෝද මාධ්‍යය යි . ප්‍රමාණාත්මක වර්ධනයක් මේකල වන
විටත් සිනමාවේ දක්නට නොතිබුණි . නමුත් 80 දශකය සිනමාවේ වර්ණවත් දශකයක් විය .
සිනමාකරුවන් සිනමාව කලා අංගයක් බවට අමතක කරමින් වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් කර
ගනිමින් සිටිති . හරවත් සිනමාවක් උදෙසා නව මං ගවේෂණයේ යෙදෙන සිනමාකරුවන් අතලොස්සක්
පමණ එම දුෂ්කර කර්තව්‍යය ඉටු කරනු දැකිය හැකිය . කඩවුණු පොරොන්දුවෙන් ආරම්භවී රේඛාව
තෙක් දිවෙන සිංහල සිනමාවේ ප්‍රථම යුගය දකුණු ඉන්දීය සිනමාවේ ( දෙමළ ) තවත්
මුහුණුවරක් විය . දේශීය සිනමාවක් උදෙසා කැප වූ කලාකරුවෝ එම යුගයේ සිටියත් සිනමාව දකුණු
ඉන්දීය ග්‍රහණයෙන් මුදා වටිනාකමින් යුක්ත කෘතීන් නිර්මාණයට අපොහොසත් වූහ .
නියතාර්ථයෙන් ම
සිංහල සිනමාව ඇරඹෙනුයේ 1956 දී රේඛාව නිර්මාණය වීමටත් සමගය . සිනමා මාධ්‍ය මැනවින්
හදුනාගත් සිනමාකරුවෙකු සිංහල සිනමාවට පිවිසීමයි . ඔහු නමින් ආචාර්‍ය ලෙස්ටර්
ජේම්ස් පීරිස් මහතාය . 1960 දශකය දේශීය සිනමා කලාවේ භාග්‍යතම අවදිය ලෙස හැදින්වීම
අසීරු නොවේ . උදාහරණ වනුයේ ගම්පෙරළියෙන් පසු අගනා සිනමා නිර්මාණ බිහිවීමයි . සත්
සමුදුර , දෙලොවක් අතර , රන්සළු , සාමා , ගැටවරයෝ , පරසතු මල් වැනි චිත්‍රපට රේඛාව
හෙළිපෙහෙළි කළ මාවතේ ගමන් ගත් නිර්මාණ විය . ප්‍රේක්ෂක රුචිය බොළද භාවාතිශය චිත්‍රපට
වලින් මුදා ගැනීමට මේ යුගයේ විචාරකයන්ගෙන් විශාල කාර්‍යභාරයක් සිදුවිය . 1970 දශකය
ආරම්භය වන විටද වාණිජ ව්‍යාපාරයක් ලෙස සිනමාව හදුන්වා දිය හැකිය . හරවත් ගුණවත්
සිනමා කෘති බිහිවිය . නිධානය , තුංමංහන්දිය , අහස් ගව්ව , බඹරු ඇවිත් , වල්මත්වූවෝ
, පළගැටියෝ වැනි අගනා සිනමා කෘති බිහිවූ යුගයකි . නමුත් බොළඳ සිනමා කෘති වලින්
සිනමාව මුදා ගැනීමට මෙම සිනමා කරුවන්ට හැකි නොවීය .
1970 දශකය අවසන්
කරමින් 1980 දශකයට සිනමාව පා තබන්නේ අර්බුදකාරී ව්‍යුහයක සිටය . ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයන්ට
මෙම ඛේදජනක තත්වයන් මුදවාගත හැකි උසස් සිනමාවක් බිහිකිරීමට සිනමාකරුවන්
දිරිගැන්විය හැක්කේ මේ ප්‍රේක්ෂකයන්ටමය . 1980 දශකයේ දේශීය සිනමාවේ ගැලවුම්කරුවා
වන්නේ ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයායි . 1980 දශකය ආරම්භ
වූයේ දේශීය සිනමා කලාව පිළිබඳ ව සුභ අපේක්ෂාවන් ප්‍රේක්ෂකයන් තුළ ජනිත කරවමිනි .
1980 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට 32 ඇසුරින් 11 ක් අගය කළ හැකි තලයක පැවතිණි .
එමෙන්ම කලාවක් ලෙස සිනමාවේ ප්‍රගමනයට උරදිය හැකි සිනමාකරුවෝ කිහිපදෙනෙක් නිර්මාණ
කරණයේ අඛණ්ඩව නියුක්ත වූහ . සමකාලීන සමාජය , ආර්ථිකය , දේශපාලනික ව්‍යුහයන්
සිනමාවට ප්‍රබලව බලපායි . මේ අවධිය තුළ සිනමාවේ දක්නට ලැබුණු සාධනීය ලක්ෂණ ම බිද
වැටීම් ද විග්‍රහයේ දී දේශීය ජන සමාජය තුළ සිදු වූ විවිධ හැඩගැසීම් , හැලහැප්පීම්
අවධානයට ගත යුතුය . 1980 වන විට සිනමාව ජීවනෝපාය කරගත් පිරිසක් (නළුනිළියන් ,
කාර්මික ශිල්පීන්) බිහිවිය . නූතන වාණිජමය චිත්‍රපට ප්‍රවනතාව බිහි විය . එයට
හේතුව වාණිජවාදී සිනමාව තුළින් ගොඩනැගුණු සිනමාව ජීවනෝපාය කරගත් පිරිසගේ ආර්ථිකය
ශක්තිමත් විය . සිනමාවේ ව්‍යාපාරික පදනමට අහිතකර බලපෑමක් සිදුවූයේ 1983 අරගලය නිසා
සිනමාශාලා සෑහෙන ප්‍රමාණයක් විනාශ විය . ඒ වෙනුවට නව සිනමාශාලා ඉදිකරන්නට සුදුසු
වාතාවරණයක් ද රටේ නොවීය . 80 දශකය අවසන් යුගය වන විටත් කොතරම් උග්‍රවීද යත් සිනමා
දර්ශන පැවැත්වීමට නොහැකි තත්වයක් විය . මේ
යුගය වන විට සිනමා කර්මාන්තය මුළුමනින්ම පාහේ වර්ණ
චිත්‍රපට නිෂ්පාදනය ඇරඹී තිබුණි . වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඇඳ ගැනීමට සහ අඩු
වියදමක් දරා නිෂ්පාදනය කිරීම යන අරමුණු දෙකම ඉටු කරගත හැකි වූයේ හින්දි චිත්‍රපටවල
වීඩියෝ පිටපත් ඇසුරින් චිත්‍රපටයක් ප්‍රතිනිෂ්පාදනය කිරීමෙනි . 1980 දශකය තුළ
දේශීය සිනමාවට මුහුණ දෙන්නට වූ අනෙක් ප්‍රබල තර්ජනය එල්ල වූයේ රූපවාහිනියෙනි .
මෙම
තර්ජන හමුවේ සැබෑ සිනමාකරුවන් ක්‍රියාත්මක වූ ආකාරය විමසා බැලිය යුතුය . මේ දශකය
තුල ඒ ඒ සිනමාකරුවන් බිහි කළ නිර්මාණ හා ඒ ඇසුරින් ගොඩනැගුණු ප්‍රවනතා පුළුල් විග්‍රහයක
යෙදීමෙන් දශකය තුල සිනමා කලා ස්වරූපය වටහාගත හැකිය . වාණිජ හා දෘෂ්ඨිමය වශයෙන් දේශීය
සිනමාව 1980 දශකය තුළ වර්ධනාත්මක අගයක් හිමි කරගනී . දේශීය සිනමාවේ ප්‍රමුඛයා ලෙස
ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ දශකය තුළ සිනමා කෘති තුනක් නිර්මාණය කළේය . තම සිනමා
රීතිය වෙනස් නොකළ සිනමාකරුවෙකු ලෙස හැදින්විය හැකිය . මානව සම්බන්දතාවයන්
අනුවේදනීය අයුරින් විශ්ලේෂණයට යොමු වීම එම සිනමා කෘති වල හදුනාගත හැකිය . ඔහු
මිනිස් ක්‍රියා , අධ්‍යාත්මිකව චරිත ඝට්ටනය කරන ආකාරය ජන ජීවිතය පිළිබඳ ඉතා සීරුවට
, සංයමයෙන් හා බුද්ධි ගෝචර විලාසයෙන් මිනිස් අන්තර් සම්බන්දතාවයන් විග්‍රහ කරනු
සිනමා කෘති විචාරයෙ දී හදුනාගත හැකි කරුණකි . 1980 “ බැද්දේගම ” ඊට ප්‍රභල
උදාහරණයකි . කටුක විවේචනයට මෙන්ම දශක කිහිපයක් තුළ අධ්‍යනයට හා විචාරයට ,
රසවින්දනයට හසුවන හරවත් සිනමා කෘතියක් ලෙස බැද්දේගම හදුන්වා දිය හැක . 1980
බැද්දේගම සිනමා කෘතියේ චරිත , සිළිදු , පුංචි මැණිකා , හින්නිහාමි ඔවුන් නූගත් බව
දිළිදු බව හේතුවෙන් අසාධාරණයට ලක්වන ගැමි ජීවිත වටා ගෙතුනු සිනමා කෘතියකි . සිනමා
මාධ්‍යට උචිත අයුරින් අන්තර්ගතය හැඩගසන්නට ඔහු සතු ශක්‍යතාව ද ඉන් හෙළි වෙයි . “
කලියුගය ” මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රබල නවකතාවක් නෙවේ එහෙත් ඒ ඇසුරින්
නිර්මාණය වූ සිනමා කෘතිය මධ්‍යම පන්තියේ නිසරු පුරුෂාර්ථ මැනවින් විග්‍රහ කරයි .
ලෙස්ටර් මහතා සිනමාවේ මහා කවියා බවට පත්වන්නේ චරිතව ආධ්‍යාත්මයන් කරා ඉතා සියුම් ආකාරයෙන් කැමරාවට හසුකර ගැනීමයි .
යුගාන්තය සිනමා කෘතිය තුල සමාජ යතාර්ථය බිද දමයි .

1974
අහස්ගව්ව සිනමා කෘතියෙන් ගොඩ නැගූ සමාජ යතාර්ථ රීති එහි උච්චතම අවස්ථාව කරා ගෙන
ඒමට ධර්මසේන පතිරාජ 80 දශකයෙදිත් සමත් විය . ඔහුගේ සිනමා පටවලට දෘෂ්ඨිය , තේමාව
විකාශනය රළු , කර්කෂ විලාසය හා අවසානය ද එසේම දක්නට ලැබිණි . 1980 පාරදිගේ එතෙක්
දේශීය සිනමා තුළ දැකිය හැකි නොවූ විලාසයක්
ආත්ම කරගත් කෘතියකි . නූතන තරුණ පරම්පරාවේ ඛේදවාචක පැතිකඩක් විග්‍රහ කරන්නේ 1930
පාරදිගේ සිනමා කෘතියයි . මේ අතරතුර පතිරාජ ගොඩනැගු සමාජ මූලික ප්‍රවාහයන් ඉවත්ව
විසිවූ චරිත හතරක් ඇසුරින් සොල්දාදු උන්නැහෙ ඉතා හරවත් සිනමා කෘතියකි . පතිරාජ
මෙහි දී යොදාගන්නා ආකෘතිය යුරෝපීය නව රැල්ලේ බොහෝ සිනමාකරුවන් අනුදත් ආකෘතියකට
සමීපවයි . එහෙත් ප්‍රභල අන්තර් ගතයක් චිත්‍රණය කිරීමේ දී එය යම් යම් සීමා මතු
කරන්න්නට හේතු වී ඇති බවක් පෙනේ . සොල්දාදුවා ලෙස ජෝ අබේවික්‍රම රංගනයේ නිරත වූ
අතර හෙන්‍රි ජයසේන , නීල් අලස් , මාලනී ෆොන්සේකා එහි විශිෂ්ඨ රංගනයක නිරත විය . යුද්ධයේ කටුක බව
, බිහිසුණු බව , ඉතා සීරුවට සිනමා කෘතිය තුළ ගොනුකර ඇත .
ධර්මසේන
පතිරාජ ප්‍රේක්ෂක රසඥතා වර්ධනයෙ හි කැපවූ කලාකරුවෙකු වෙයි . අහස්ගව්වෙන් ඇරඹී
වල්මත් වූවෝ , පළඟැටියෝ , බඹරු ඇවිත් වැනි සිනමා කෘති තුළින් සිංහල සිනමාවේ තහවුරු
වූ සමාජ යථාර්ත රීතිය දෘස්ටික වශයෙන් ඉහළ තලයකට රැගෙන යන නිර්මාණය වූ චිත්‍රපටයකට
වඩා පතිරාජයන්ගේ සිනමා කෘති
වඩා වෙනස් වෙයි . නිර්මාණයේ දී මෙන්ම විදනයේ දී ද සාමූහික කලාවක් වන සිනමාව
බුද්ධිගෝචර විය යුතුය .
ධර්මසේන
පතිරාජ පිළිබඳව ඉහතින් දැක්වූ කරුණු යටතේ
දේශීය සිනමාවේ අනෙක් දැවැන්තයා වන්නේ වසන්ත ඔබේසේකර මහතාය . හුදෙකලා අරගලයක නිරත
සිනමාකරුවා ලෙස හදුන්වන වසන්ත ඔබේසේකර මහතා 1980 දශකය තුළ සිටි සිනමාකරුවන් අතර ප්‍රමුඛ
ස්ථානයක සිටිනු දක්නට ලැබේ . ජීවිතය හා සමාජය පිලිබඳව දෘෂ්ඨියත් , ගතානුගතික
වස්තුවිෂයත් ඉක්මවා යමින් හුදු තාත්විකවාදය අභිබවා සිනමා කෘති නිර්මාණය . පුළුල්
පරාසයක විහිදයන සමාජ ගැටළු තම නිර්මාණ සඳහා විෂය කර ගැනීම මගින් සමාජ කම්පනය ඇති
කිරීමටත් සමත් වූ අධ්‍යක්ෂකවරු දෙදෙනා වන්නේ වසන්ත ඔබේසේකර සහ පතිරාජයන් ය . 80
දශකය තුළ සිනමා භාවිතයේ උච්තම අවස්ථාව වූයේ “ 1983 දඩයම ” ශිල්පීය ප්‍රතිභාව හා
දෘෂ්ටියත් පරිණත වන විලාසය මෙම සිනමා කෘතියෙන් ධ්වනිත වේ . “ 1986 කැඩපතක ඡායා”
සිනමා කෘතිය තුල නව ආඛ්‍යානයක් මගින් ගැහැණියක් මුහුණ දෙන භෞතික ආධ්‍යාත්මික ගැටළු
සමස්ත සමාජ ව්‍යුහයෙන් පෙන්වා දෙයි . 80 දශකය තුළ වසන්ත ඔබේසේකර දක්වන ශක්‍යතාව
ඔහු ප්‍රමුඛ පෙළේ සිනමාකරුවෙකු බවට පත් කරයි .

මෙම
දශකය තුළ නව සිනමා රීතියක් පිළිබඳව පර්‍යේෂණයේ නියුක්ත වූ අනෙක් සිනමාකරුවා
ධර්මසිරි බණ්ඩාරනායකයි . මෙම දශකය තුළ ඔහු නිර්මාණය කරනු ලැබූ “ හංසවිලක් - 1980 ”
, “ සුද්දිලාගේ කතාව - 1985 ” , “ තුන් වැනි යාමය - 1983 ” අන්තර්ගතය එකිනෙකට
වෙනස් දෘෂ්ටි ගෝචර සිනමා කෘති බිහි විය . රීතීය ලක්ෂණ තෝරාගැනීමට අපහසුය . එයට
හේතුව නව කලාකරුවෙකු වූ බණ්ඩාරනායක විවිධ පර්යේක්ෂණවල නිරත වීමය . ප්‍රධාන වශයෙන්ම
“ හංසවිලක් ” සිනමාපටය ලිංගික ආශාව විසින් පොළබවනු ලබන මිනිසා ඉන් ඉක්බිතිව මුහුණ
දෙන ව්‍යසන ඉතා ශූර ලෙස සිනමා කෘතියට ගොනුකර තිබේ . 80 දශකය තුල සිනමා මාධ්‍යය
හැරවීමේලා දක්වන සුරුබුහුටි බව , ජීවිතය , සමාජය අවබෝධකර ගැනීමේ දී ඔහු දක්වන ප්‍රතිචාරත් ඔහු මහා
සිනමාකරුවෙකු බවට පත්කල මේ
දශකය තුළ සමාජ ප්‍රතිවිරෝධතාවන් තම නිර්මාණ උදෙසා විෂය කරගත් අනෙක් සිනමාකරුවා
ගාමිණි ෆොන්සේකා යි . මේ දශකය තුළ තිරගත වූ උතුමාණනි ( 1980 ) , සාගරයක් මැද (
1981 ) , කොටිවලිගය ( 1986 ) ප්‍රභල අවධානයකට ලක්වූ සිනමා කෘති ය . සුමිත්‍රා
පීරිස්ගේ සිනමා චාරිකාව ද විචිත්‍රවාදී සිනමා රීතියක සිට යතාර්ථවාදී සිනමා රීතියක්
කරා පැමිණ සාර්ථකත්වය ලැබූ බව 80 දශකය තුළ ප්‍රදර්ශනය විය . හරවත් සිනමා නිර්මාණ
කිහිපයක් දායාද කරන්නට හැකිවිය . ගඟ අද්දර ( 1982 ) , මායා ( 1984 ) , සාගර ජලය
මදි හැඩුවා ඔබ හන්දා ( 1988 ) පෙරදිග ගැහැණීය පිළිබඳව සර්වකාලීන විග්‍රහයක් මෙම
සිනමා කෘති හරහා සිදුකිරීම . ආසියාකරයේ ප්‍රබල සිනමාකාරියක් වන්නට හැකිවිය .
80
දශකය තුළ කැපීපෙනුන තවත් චරිත්‍යක් වනුයේ ශූර තිරකතා රචකයෙකු හා අධ්‍යක්ෂකවරයෙකු
ලෙස ප්‍රචලිත තිස්ස අබේසේකර මහතාය . සම්භාව්‍ය ආඛ්‍යාන ශෛලියේ උපරිම ඵල ලබමින්
මිනිස් සම්බන්දතා අනුවේදනීය අයුරින් විශ්ලේෂණයේ ලා සමත්වූ සිනමාකරුවෙකි . කරුමක්කාරයෝ
( 1980 ) , මහගෙදර (1982 ) , විරාගය ( 1987 ) . කෙසේ වෙතත් විනිස් සබඳතාවන්
විශ්ලේෂණයටත් උචිත රීති ගොඩනගා මෙම දශකය තුළ කැපීපෙනෙන සිනමා නිර්මාණය සිදුවිය .
අවධානය
යොමුවිය යුතු සිනමාකරුවන් වන්නේ නිහාල්සිංහ හා පරාක්‍රම කිරිඇල්ලයි . වැලිකතර වීර
කතා මහත් දක්ෂතා පළ කළ නිහාල්සිංහ ඉන් බැහැරව සමාජ යතාර්ථය පිළිබිඹු කරන චිත්‍රපට
නිර්මාණයට මෙම දශකය තුළ උත්සුක විය . “ මල්දෙණියේ සිමියොන් ( 1986 ) ” පුද්ගල
ඛේදවාචක පසුපස ඇති සමාජ බලවේග පෙන්වා දෙන සිනමා කෘතියකි . පරාක්‍රම කිරිඇල්ලගේ “
සිරිමැදුර ( 1989 ) ”සම්භාව්‍ය රීතිය උපයෝගී කරන්නට වෙර දරන සිනමා කෘතියකි .
අමරනාත් ජයතිලකගේ “ අරුණට පෙර (1984 ) ” කෘතිය දෘෂ්ටිය වර්ධනාත්මක තලයක තිබුණි . එම්
. සී ප්‍රේමරත්න මෙම දශකය තුළ කලාත්මක සිනමාව තුළ දක්නට ලැබුණු මේ ප්‍රවණතාවන්ට
අමතරව කිසිසේත් අමතක කළ නොහැකි අයුරින් සිනමා කලාවක් කර්මාන්තයක් බවට පත්කිරීමට
උත්සුක විය . “ පරිත්‍යාග ( 1980 ) , දෙවන ගමන ( 1984 ) , ආදර හසුන (1986 ) , මංගල
තෑග්ග ( 1987 ) ” මේ දශකය තුළ වාණිජමය සාර්ථක චිත්‍රපටය යි . ප්‍රේක්ෂකයාගේ
බුද්ධියට නිගා නොවන ආකාරයේ තේමා විෂය කරගැනුමට ද පෙළඹිණි .
1980
දශකය තුළ සමාජ ආකල්ප හා ඇගයීම්වල සිදු වූ වෙනස් වීම් වාණිජමය සිනමාව තුළ ද අඩු
වැඩි තරමින් අන්තර්ගත විය . 80 දශකය මැද භාගයේ පැන නැගි නව වාණිජමය චිත්‍රපට රැල්ල
තුළ මෙපමණ සාධනීය ලක්ශණ දැකිය හැකි නොවී ය . මෙකල නව සිනමාකරුවන්න්ගේ ආගමනය
ධර්මසිරිබණ්ඩාරනායක , තිස්ස අබේසේකර , පරාක්‍රම කිරිඇල්ල , ෂෙල්ටන් පායාගල , පරාක්‍රම
සිල්වා , චන්ද්‍රන් රත්නම් , විමල් රංජිත් ප්‍රනාන්දු නව සිනමාකරුවන් අතර පෙරමුනේ
සිටින්නවුන් ය . මේ දශකය තුළ දී ලෙනින් මොරායස් සිනමාවෙන් නික්ම ගියහ . මෙහෙයින්
1990 දේශීය සිනමාවට සුභදායි දශකයක් වනු නොවනු මානය .
- යශෝධා රවිහාරි -
🦍🦍🦍
ReplyDeleteEtatama wedagath
ReplyDeleteSuper...👌
ReplyDelete👌👌👌👌
ReplyDelete