"අද තරුණ පරම්පරාව ජීවිතය දිහා බලන්නේ ලෞකික විදිහටයි"



              "අද තරුණ පරම්පරාව ජීවිතය දිහා බලන්නේ ලෞකික විදිහටයි"

                                                                                                                                    -අජිත් කුමාරසිරි-
                                                                   Image result for ajith kumarasiri 
අජිත් කුමාරසිරි කියන්නේ අද වෙද්දි ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ කැරලි ගහන Musiciansලාගෙන් ඉස්සරහින් ම ඉන්න Knight කෙනෙක්. තමන්ගේ Identity එකත් රැකගෙන ඔහු කරපු නිර්මාණ වෙනුවෙන් ලංකාවේ පවත්වන සම්මාන උළෙල්වල්වල සංගීත ක්ෂේත්‍රය සදහා පිදෙන බර ම සම්මාන (හොද ම ගායකයා, හොද ම සංගීත අධ්‍යක්ෂණය) අජිත් හිමි කරගන්නවා. ලංකාවේ සංගීතය ගැන, හැමෝම කතා කරන Radical කියන දේ ගැන,තරුණ හා වැඩිහිටි පරම්පරාවේ ගැටුම ගැන අජිත් කියන්නේ වෙනස් කතාවක්. අද  " කසුකුසුව " තුළින් අද මම ගෙනඑන්නේ ඒ ගැන අප අතර වුණ කතාබහයි
1. අජිත් කෑමති මේ සම්මුඛ සාකච්ඡාව කියවන කෙනෙක්ට ඔබව කොහොම හදුන්වා දෙන්න ද?
එක එකා එක එක නම් දානවනේ. "රොක් අජිත්" කියලා කියනවා කෙනෙක්. කෙල්ලෝ නම් "බබා" කියනවා. මට දාන නම ඒ මිනිහා ඇතුලෙන් එන්න ඕන එකක්නේ. සමහරක් විට කෙනෙක් මං කියන සින්දුවලින් මාව අදුනගන්න පුළුවන්. මට ප්‍රශ්නයක් නෑ එයා මාව මොන විදියට අදුනගත්තත්. මං හිතන්නේ මාව එහෙම හදුන්වලා දෙන්න ඕනේ නෑ කාටවත්. ඒගොල්ලන්ට පුළුවන් මං කරපු නිර්මාණ බලන්න. නමේ වැදගත්කම තීරණය වෙන්නේ කෙනෙක් මං එක්ක ගොඩනඟා ගන්න සම්බන්ධතාවය මතයි.
2.අජිත් "රැඩිකල්" කියන දේ දකින්නේ කොහොමද ?
රැඩිකල් කියන එක ලංකාවේ ඇතුළේ මොන වෙළෙඳපොළ අගයක් ගන්නව ද කියලා මම දන්නේ නැහැ. යුරෝපයේ රටක නම් රැඩිකල් කියන දේට මිනිස්සු කන දාලා බලනවා. නමුත් ලාංකීය සමාජය ඇතුලේ Radical කියන එක බොහෝ ම සරල විහිළුවක් වෙලා. මේ වගේ පොළොවකට Radical කියන එක just passing word එකක් විතරයි. උදාහරණයක් විදියට වමේ මිනිස්සු රැඩිකල් කියනවනේ. නෑනේ., අන්ත සාම්ප්‍රදායික සෙට් එකක්නේ වම කියන්නේ. ඒ ගොල්ලෝ අදින පලදින විදිහ ගත්තත් තාමත් වෙනස් වෙලා නෑනේ. සමහරක් වෙලාවට තාමත් වම හදුන්වා දෙන්න වෙලා තියෙන්නේ රැඩිකල් කියලනේ. ඒ නිසා ඔය වගේ දේවල් අමතක කරලා දාන එකයි තමයි වඩාත් ම සුදුසු.
3. හැම නිර්මාණකරුවෙක්ට ම රැඩිකල් වෙන්න පුළුවන් ද ?
ඔය වචනය පස්සෙන් ම යන්න ගත්තොත් රැඩිකල් කියන්නේ පොඩි සමාජමය කතිකාවතක් කියලා අපට පැහැදිලි වෙනවා. මේ සමාජ කතිකාව ඇතුලේ විෂය පිළිබඳව දැනුවත්භාවයකින් තොර කෙනෙක්ව අපි රැඩිකල් කියලා හදුන්වන්න පෙළඹෙන්නෙ නැහැනේ. අනික ඉස්සෙල්ලා artistලා ඉන්න එපැයිනේ Radical වෙන්න. ඒක නැතුව Radical එකක් හදන්න බැහැනේ. Artistලාට තියෙන්නේ වෙන වෙන Dealsනේ. කොහොමත් ඔය Radical , Rock වගේ Labelsවල පොඩි Company ගතියක්,ආගමික ගතියක් තියෙනවා. මිනිස්සු කියන්නෙ හරි හීලෑ ජාතියක්. ඉතින් එක එක වචනවලට හීලෑ වෙලා තමයි මිනිස්සු ජිවත්වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි Label ගහගන්න ඉස්සර වෙලා පෞද්ගලික හැඟීම් හරි Master කරන්න ඕනේ. ලොකු විෂයයන් ඕනෙ නෑ. අඩු ගානේ තමන් සැරිසරන හෝ ලැබෙන Moodsවල ටික හරි Master කරගන්න එපැයි ඔක්කොටම ඉස්සෙල්ලා. අපි කවිවල අලෝක වර්ෂ වේගය ගැන කතා කරනවා. හැබැයි ඇත්ත ජිවිතේදි අපි අපේ වැඩවලට ආලෝක වර්ෂවලින් කැප වෙනවා නම් කොහොම ගමනක් යන්න පුළුවන් ද ?
4. දේශාභිමානී ගීයක් කියන්නේ මොකක්ද ? ඉස්සර වගේ ගායකයෝ දේශාභිමානී ගීත ගායනා කරන්නේ නැත්තේ ඇයි ?
ලෝකෙ තියෙන හොඳම ප්‍රොජෙක්ට් එකක් තමා දේශභිමානය කියන්නේ. දේශාභිමානය කියන්නේ එක්තරා පිස්සුවක්. ඒකේ එක්තරා ප්‍රකාශනයක් තමා දේශාභිමානී ගීත. හැබැයි දේශාභිමානි ගීත නොකියන තරමට හොඳයි. මං හිතන්නෙත් නෑ අද වෙද්දි ඒ වගේ ගීත නිර්මාණය විමේ වර්ධනයක් තියෙනවා කියලා. තාමත් ලංකාවේ මිනිසුන්ට පිටරටවල් පේන්නේ පරදේසක්කාරයෝ විදිහටනේ. හැබැයි එකත් බොරු රැගිල්ලක් ඒ නිසා අනිවාර්යයෙන් ම සිංදුවක් නැත්නම් මොකක් ම හරි කියනවා ඔය කියන දේශාභිමානය තියෙන. එතැන නම් අපි ඉන්නේ what to do? ඒ නිසා දූපත් මානසිකත්වයෙන් තොරව ලෝකයේ පුළුල් විදියට දකින්න, ඇවිදින්න පුළුවන් නම් හොදයි.
5. යම්කිසි තරුණයෙක් තමන්ට වඩා පරම්පරා කිහිපයක් වැඩිමහල් නිර්මාණකරුවෙක්ගේ නිර්මාණවල අඩුපාඩු පෙන්වාදීම ඔබ දකින්නේ කුමන විදිහට ද ?
ඒක තමයි වෙන්නෙත් සහ වෙන්නත් ඕනේ. 1940 හදපු මියුසික් එකක් අද ඉන්න එකෙක් අහන්නේ අද ඉදන්නේ. එතනදී වැඩියෙන් අඩුපාඩු දේවල් පෙන්නත්., අද කරන්න බැරි වඩාත් හොඳ දේවල් පෙන්නත් පුළුවන්.
6. ඒත් සමහරක් ප්‍රවීණයන් තරුණ‍යන්ගේ අදහස් පිළිගන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නෑ නේද ?
මෙහෙමයි මිනිහෙක් ගාව තමා එකතු කරගත්ත යම් දැනුම් ප්‍රමාණයක් තියෙනවානේ. එතකොට මගේ විෂයපථයේ මම දන්න දැනුම ආරක්ෂා කරගෙන තමයි මට කතා කරන්න වෙන්නේ. මගේ සීමාව තුළ ඉදලයි මම එළිය දිහා හෝ අනාගතය දිහා හරි බලන්නේ. අනාගතය කියන දේ කොච්චර දිගට තියෙනවද කියලා මම දන්නේ නැහැ. මං කියන්නෙ නෑ දැන් ඉන්න හැම කොල්ලෙක් ම මාරයි,පට්ට දියුණුයි,පරණ මිනිස්සු වගේ නෑ,අත්මාර්ථකාමි නෑ කියලා. I phone, කොම්පියුටර් පාවිච්චි කරන පප්පලා වගේ කොල්ලෝ ඉන්නවා. ඒ කොල්ලන්ට පරණ මිනිස්සුන්ටත් වඩා වෛරය තියෙනවා. එක වෙන කතාවක්. නමුත් process එකක් විදියට මේ Role එක Art ඇතුලේ විතරක් නෙමෙයි Politics ඇතුලේ බලය අල්ලන් ඉන්න පිරිසගෙත් තියෙනවනේ. ලෝකෙ ගත්තත් ,ලංකාව ගත්තත් නාකි ම මඟුල් ටිකක්නේ දේශපාලනයේ බලය අල්ලගෙන ඉන්නේ. ඕක වෙන තරුණ පිරිසකටට දෙන්නේ නැහැනේ. දේශපාලනය එහෙම නම් කලාව ගැන කුමන කතා ද ?
7. අජිත්ට තමන්ට වඩා අවුරුදු විස්සක් විතර බාල තරුණ ,තරුණියන් එක්ක වැඩ කරද්දි දැනෙන හැගිම මොකක්ද ?
එයාලගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා., Share එකක් ඇතිවෙනවා අපි අතර. අනික පොඩි පහසුවක් දැනෙනවා එයාලාත් එක්ක වැඩ කරන කොට. ගොඩක් වෙලාවට එයාලගේ තීරණවලට මට එකඟ වෙන්න වෙනවා. මොකද ඒගොල්ලෝ දැවැන්ත විදිහට Life එක ගෙනවා ඉස්සරහට. ඉස්සරට වඩා තරුණයෝ මතවාදි තැන්වලින් පොඩි නිදහස් තැනක් භුක්තිවිදින්න ලෑස්ති වෙලා ඉන්නේ. අනික ඒ ගොල්ලන්ගේ සමාජය ලෞකිකයි. පරණ අය වගේ ආගමට ගොඩක් බැදිලා නෑ. දැන් තරුණ අය සරල,ලෞකික විදිහට ජිවිතය දිහා බලන්න පටන්ගෙන තියෙනවා.
8. අපි අපේ ඉලක්කයන් වෙනුවෙන් සටන් කරන්න ඕනේ ඇයි ?
Fight කියන එක වෙන විදිහකට තමා මම අර්ථ දක්වන්නේ. මිනිහෙක් වුණාම ෆයිටර් කෙනෙක් වෙන්න ඕනේ. ඒත් ෆයිට් කියන එකෙන් මම අදහස් කරන්නේ තව කෙනෙක් යටපත් කරනවා හරි,පරාද කරනවා හරි වගේ අදහසකින් නෙමෙයි. ගඟ පහළට නම් ගලන්නේ උඩට පීනන එකේ කිසි තේරුමක් නැහැ. ගංගත් එක්ක swim එක දාගන්න පුළුවන් නම් එක තමා හොද ම දේ. උඩට යන්න ට්‍රයි කරනවට වඩා ලේසිම දේ පහලට යන එකනේ. යන්නේ කොහෙටද කියන එක ගැනනේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒක තමා Fight එක. කොතනට ද මං Move වෙන්න ඕනේ කියන එකයි වැදගත්.

                                                                                                                              - අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ