සන්නිවේදනයේ වැදගත්කම .
සන්නිවේදනයේ වැදගත්කම .
සන්නිවේදනය විවිධ අරමුණු ඔස්සේ ගොඩනැගී තිබේ . මූලික වශයෙන් සන්නිවේදනය තුලින් ඉටුවන්නේ අදහස් හා තොරතුරු හුවමාරුවකි . මානව සන්නිවේදනය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දකි . පුද්ගලයෙකු සමාජයේ ජීවත් වීමේදී විවිධ සම්භන්ධතා ගොඩනන්වා ගන්නා අතර මෙම සම්භන්ධතා වලට අනුව තොරතුරු බෙදා ගැනීමද ඇතුලත් වෙයි . මානවයා යම් යම් දේ සිතන්නට පටන්ගත් දවසේ සිටම සන්නිවේදනය ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ . පරිසරය සමඟ ජීවත්වූ මිනිසාට පරිසරයේ විවිධ විපර්යාස නිසාම දුක , සතුට , භීතිය ආදී හැගීම් පහළ වී තිබේ . මෙසේ තම හැගීම් අන්‍යන්ට ප්‍රකාශ කිරීම සඳහා අත වැනීම , රැවීම , ඉඟි කිරීම , ගෙරවීම , හිස වැනීම ආදිය මඟින් මුල් යුගයේදී සන්නිවේදනය සිදුව ඇත . ඒවා සංඥා සන්නිවේදනය ලෙස සැලකිය හැකිය .
මානව සන්නිවේදනයේ ප්‍රභලම උපකරණය බවටට පත්වූ භාෂාව ඉටු කල මෙහෙය කඩිනම් වූයේ ලේඛනය හා මුද්‍රණය හේතුවෙනි . අතීත රජවරු පවා තම පණිවිඩ ජනතාවට ලබාදීම සඳහා ලේඛණ කලාව උපයෝගී කරගත්හ . ඇලෙක්ස්සැන්ඩර් ග්‍රහැම්බෙල් දුරකථනය ලොවට හදුන්වා දීම , ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුවන් විදුලිය හදුන්වාදීම , ජෝන් ලොගී බෙයාර්ඩ් රූපවාහිනිය හදුන්වා දීමත් සමඟ ලොව පුරා සන්නිවේදනය මෙම මාධ්‍යන් හරහා ප්‍රචලිත විය . එයට අමතරව පුවත් පත් , සඟරා , Face Book වැනි සමාජ වෙබ් අඩවි හරහාද ලොව සිදුවන ඕනෑම තොරතුරක් මිනිසුන්ට දැනගැනීමට මංපෙත් විවර විය . සන්නිවේදනයේ ඇතිවී තිබෙන දියුණුවත් සමඟ ලොව ඕනෑම තැනකදී තමා සිටින ස්ථානය දැනගැනීමේ හැකියාවද ලැබී තිබේ .
පුද්ගලයාගේ මනස තුල උපදින පණිවිඩයක් අයෙකු සමඟ හුවමාරු කර ගැනීමේ හැකියාව මේ හරහා ලැබී ඇත. සන්නිවේදන මූලික මානව හා සමාජීය ක්‍රියාවලියක් වන අතර සුවිශේෂී ක්‍රියාවලියක් වර්ථමනය වන විට සිදු කරයි . මෙය හුදෙක් තොරතුරු බොදා හදා ගැනීමෙන් නතර නොවී බහුවිධ ක්‍රියාවන් සදහා යොමු වී ඇත . සන්නිවේදනය මගින් තොරතුරු සම්පාදනය , අධ්‍යාපනය , විනෝදය සැපයීම , සස්කෘතික ක්‍රියාවන් ගනනාවක් සිදුවේ . විවිධ තොරතුරු කාලීනව විසුරුවා හැරීම සන්නිවේදනයේ ප්රමුඛ කාර්යයකි . නවීන සන්නිවේදන ක්‍රම මඟින් මෙන්ම අතීතයේ තිබූ ජන ඇදහිලි විශ්වාස මඟින්ද මිනිසාට සන්නිවේදනයක් ලබාදුණි . තමන්ට ආවේණික සන්නිවේදන රටාවක් ඕනෑම සමාජයක පැවතිය හැකිය . එමගින් රටේ වර්ථමාන ස්වරූපයද හැහැදිලි කරණු ලබයි .

සන්නිවේදනය හා සමාජය එකිනෙක වෙන්කල නොහැකි ඒකක දෙකකි . සමාජය බිහිවී සංවිධානය වීමට සන්නිවේදනයේ දායකත්වය ලැබී තිබේ . අවශ්‍යතාවයන්ට මෙන්ම පුද්ගලයන්ට ගැලපෙන ලෙස සන්නිවේදනය යොදාගන්නා ආකාරය වෙනස් වෙයි . සන්නිවේදනය නිවැරදිලෙස භාවිතාකළ යුතුය . එය සමාජයේ ගැටළු මතු කිරීමට ඉවහල්වන අයුරින් යොදා නොගත යුතුය . සන්නිවේදනයේ අරමුණ වියයුත්තේ සමාජයේ යහ පැවැත්මයි . ඊට සාධක පවතී සන්නිවේදනයෙන් තොර සමාජයක් පැවතිය නොහැකි සේම සමාජයකින් තොරව සන්නිවේදනයේ ඉදිරි ගමනක්ද නැත . මේ අනුව සන්නිවේදනයේ වැදගත්කම මනාව පැදැදිලි වේ .
- සදලි හංසනී -
- සදලි හංසනී -
Comments
Post a Comment