ඒ සුළඟ'යැයි සිතන්න.......



                                                              ඒ සුළඟ'යැයි සිතන්න.......


                                  sad, alone, and boy image


මුහුදු සුළඟට නැලවි
විටින් විට ගැස්සි
කෙටි සිහිනයක
ගිලි ඉන්නා සොඳුර,

බොහෝ ළංවි ගැහැණු සුසුමකට  
තුරුලු වී නැත කාලෙකින්.
හුස්ම සිර කර ගැහැණු කඳුලක
හඬ අසා නැත කාලෙකින්

පාලමකදි කඩින් කඩ
මන්දගාමිව සෙලවෙන
කොපුලකට දැනුනා නම්
හාදුවක දෙකක බර
සොඳුර;
කලබල නොවන්න.
සුළඟ'යැයි සිතන්න

අයු

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ