දෙමාපිය දූදරු සභදතාවයේ වටිනාකම පෙන්වාදෙන " BABEL "


                                           

                                                                       සිනමා කෘතියක් කියවීම යනු තම දෘෂ්ටිවාදය ට අනුකූලව මනසින් හා මසැසින් ග්‍රහණය කිරීමකි .බොහෝ ප්‍රේක්ෂකයන් අපේක්ෂා කරනුයේ හුදු රස වින්දනයක් ලැබීම පමණි .සිනමාව අද ලෝකයේ ප්‍රබලතම කලා මාධ්‍ය වනුයේ ආනන්දයෙන් ප්‍රඥාව කරා ළඟා වූ බැවිනි .ලෝක සිනමාව තුළ ප්‍රබල හඬක් වන සිනමා අධ්‍යක්ෂක "ඇලෙජැන්ඩ්‍රෝ ගොන්සාලෙස්" විසින් නිර්මාණය වූ" BABEL" නම් විශිෂ්ට සිනමා කෘතිය තුළ දී මහද්දීප තුනක් එනම් මොරොක්කෝ , චීන හා මෙක්සිකෝව, එකට එක්කොට ඇත්තේ නැවතුම කරා ලගා වන අධිවේගී දුම්රියක් මෙනි. තිරරචනය උච්චතම ස්ථානයකට සනිටුහන් කරමින් එක් චරිතයක් වටා පමණක් නොව සැඟවුණු මුඛ්‍ය සිද්ධියක් මත මහද්දීප කිහිපයක සිට චරිත කිහිපයක් ගමන් කරයි.එක් ගිනි අවියකින් වුව ලොවකට  සිදුවිය හැකි විනාශය පෙන්වීම සහ කුටුම්භය තුළ අක්‍රිය සන්නිවේදනය හේතුවෙන් දරුවන්ට කායික හා මානසික  බලපෑම දැක්වීමට සංස්කෘති කිහිපයක දෙමව්පියන් හා දූ දරුවන් අතර සහසම්බන්ධතාවය ද දක්වයි . තවද ලෝක සන්නිවේදන නොපැහැදිලි තාවය තීරණාත්මක පැවැත්මට බාධා පමුණුවයි .මැදපෙරදිග මොරොක්කෝ මුස්ලිම් ජාතික පවුලක් තුල සිදුවන ගනුදෙනුවක් ම මූලාරම්භය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තම පියා විසින් පිරිමි ළමුන් දෙදෙනා හට  රයිෆලයක් ලබාදේ .අවුරුදු දහයත් පහළොවත් අතර සිටින පිරිමි ළමුන් සෙල්ලම් භාණ්ඩයක් ලෙස ගිනි අවිය භාවිතය තුළින් නොදැනුවත්ව සංචාරක බස් රථයකට ප්‍රහාරයක් එල්ලවීම මත මහද්දිප තුනක් පුරා ප්‍රචාරය වනුයේ ත්‍රස්තවාදී වෙඩි තැබීමක් ලෙසය , ඇමරිකානු විවාහක යුවලක් තම පවුල් සංස්ථාව තුල පැන තුල පැන නැගී ගැටලුවක් නිරාකරණය කර ගැනීමට තම දරුවන් දෙදෙනා මොරොක්කෝ ග්‍රහ සේවිකාවක් වන අමේලියා හට භාර දී සංචාරයක නිරතවීම එම බස් රථයට මොරොක්කෝ මුස්ලිම් දරුවන් දෙදෙනාගේ ක්‍රීඩාවේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ජාතික බ්‍රැන්ඩි ගේ බිරිඳට වෙඩි පහරින් අසාධ්‍ය තත්ත්වයට පත් වේ.
තවද චීන ජාතිය ගුරු තරුණියක් සහ ඇයගේ පියා ද සම්බන්ධ වීම සුවිශේෂී වනුයේ මොරොක්කෝ ජාතිකයකුට තම රයිෆලයේ ( ගිනි අවිය ) තෑගි දී තිබීම හේතුවෙනි.ලොවක් විනාශ කිරීමට එක් උණ්ඩයක්  ප්‍රමාණවත් තවද ධනවාදයේ නවීකරණය තුළින් බිහි වූ මෙම විනාශකාරී උපකරණ මානව සම්බන්ධතා හා මානවයා විනාශ කරයි . "දරුවා" යන වචනය ලොව ඕනෑම භාෂාවක් හසුරුවන පුද්ගලයෙකුගේ හදවතේ හැඟීමක් අවදි කරයි . දෙමාපියන් දරුවන් අතර සිදුවන අපැහැදිලි සම්බන්ධතා තුළින් දරුවන් පීඩාවට පත්වීම හරහා අනාගත ලෝකය  විනාශය කරා ඇදී යාමද මෙම සුවිශේෂ සිනමා කෘතිය තුලින් දක්වයි . සිනමා කෘතිය තුළ දී ආදරය ,කරුණාව , පරිත්‍යාගය, ඉවසීම යන ගුණාංග යටපත් කරමින් නැගී සිටිනුයේ ප්‍රචණ්ඩත්වය ලිංගිකත්වය, ආත්මාර්ථය , අසරණ බව යන ගුණාංගයි . සංස්කෘතීන් කීපයක දරුවන් වටා ගොඩනැගෙන ඉතා සූක්ෂම වීම සිනමා කෘතිය සාර්ථකත්වය පිටුපස රහස වෙයි .  මෝරපු පිරිමි දරුවන් තුළින් මතුවන ප්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය ඇමරිකානු දරුවන් තුළින් මතුවන ආදරය අහිමිවීම ඉච්ඡාභංගත්වය කායික පීඩා දෙමාපියන් හිදීම ප්‍රභලව දක්වනුයේ කාන්තාරයේ අතරමං වීම සංකේතාත්මකව භාවිත කරමිනි . චීන ගොළු තරුණියකගේ මව හදිසි දිවි නසාගැනිම හේතුවෙන් මියගොස් ඇති අතර පියාගේ ආදරය ව්‍යාපාර සඳහා නතු වීම තුළින් ඇය හුදකලාවීම සහ ආක්‍රමණශීලී ලිංගික අශාවන් වලින් පෙනී සිටීම , ඇයගේ දුර්වල මානසිකත්වය ප්‍රේක්ෂකයා සංවේදී කරයි.ප්‍රධාන ධාරාවේ ගමන් නොකරන නමුත් මෙක්සිකො කාන්තාව අවුරුදු දාසය කින් පමණ තම නිවසට යන්නේ දරුවාගේ විවහායට වීම.මේ සිනමා කෘතිය තුළ දරුවන් හා දෙමව්පියන්  අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය බිඳ වැටීම දක්වන්නේ මුළු ලෝකයම ත්‍රස්තවාදයට ගොදුරු වූ ලෙසිනි.

                                                                                                                                     - යශෝධා රවිහාරි -


Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ