කසුකුසුව 13 - ඉරෝශන් ප්‍රනාන්දු සමග

               Image may contain: one or more people, beard and text
අප මුලින් ම එකිනෙකා හමුවන්නේ ගිය අවුරුද්දේ තරංගනියේ චිත්රපට බලන්නට ඇවිදින් ය. ඒ දිනවල කිසිදු කෑමක්,බිමක් නොගෙන නිකොටීන්වලින් පමණක් හද පුරවාගෙන, අනෙකාට ඉදගන්න ඉඩ හදාගෙන අපි චිත්රපට බැලුවෙමු. කෙසේ නමුත් ගිය වසරේ ඔහුගේ "කළුපාට රොමැන්තිකයාගේ ආදරවන්තිය" එළිදැක්වුයේ මට විභාගය පැවැත්වෙන ලොව අදුරුත ම දින කිහිපයේ වන අතර මේ කසුකුසුව සිදුවන්නේ දෛවයේ සරදමකට මෙන් මට මේ වසරේ Study leave තිබෙනා අතරතුරේදි ය. ඒ කවිත් නොවන කතාත් නොවන පොත ගැන මට කසුකුසුවක් කරන්න මුල් වුයේ කවියක් ලියන්න බොහෝවිට සැරසෙද්දී ඔළුවට එන වචන කිහිපයකි
"අඬන කොට ඔළුව තියාගන්න
උරහිසක් නැති වුණාම
මිනිස්සු වැටෙනවා
ඔළුව වදිනවා
ඔළුව පැළෙනවා
ලේ ගලනවා
මැරෙනවා"

1. අඩන කොට ඔළුව තියාගන්න උරහිසක් ඕනේම ද ?
නෑ., එහෙම ඕන කාලයක් තිබ්බා. අදටත් සමහරක් වෙලාවට තිබ්බා නම් හොදයි කියලා හිතෙනවා. ඒත් එක්කම හිතෙනවා ඒ උරහිස උඩ ඔලුව තියා ගත්ත නිසා නේද තාම මේ ඔලුවේ කැක්කුම කියලා.
මම විරහව ගැන ලියන එක නවත්තයි බොහෝ විට. මම දැන් පෞද්ගලිකව ආසයි ආදරය ගැන ලියන්න වගේම Study කරන්න.තව ආදරය ගැන කියවන්න. මේ ලොකේ නිර්වචන වැඩිම වචනේ ආදරය.
අපිට ඒකට තව නිර්වචන ලියන්න පුලුවන්. ආදරය හොදයි ඉතින්.
“ බිඳුනු කලෙක අමතක කල නොහැකි නම් සිතින්, බිදෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්” එච්චරයි.

2. "ඔබ" හා "උඹ" අතර ඇති වෙනස....
මම හිතන්නේ මෙහෙම එකක්. ඔබට වඩා උඹ කිව්වම ඒකේ ලොකු Close ගතියක් දැනෙනවා. මම පෞද්ගලිකව එහෙම හිතනවා. මෑත කාලීනව කවි ලියන ගොඩාක් අය (කවි වගේ ඒවා හරි / කවි නොවන ඒවා හරි) "මැණික" කියන වචනයත් ඒ විදියට ම පට්ට ගහන්න පටන් ගත්තා. ඒ වචන ඇතුලේ අපි කොහෙන් හරි අල්ල ගත්ත Feelings තියෙනවා. ඒක අපිට සමීප වෙන්න පුලුවන් නොවෙන්න පුලුවන්. ඔය වචනවල තියන Fellings ගොඩාක් වෙලාවට වෙළෙඳ දැන්වීම් වලදී අපි භාවිතා කරනවා. ඒ කියන්නේ යමක් විකුනන්න ඒක එයාට Feel වෙන තැනක තියන්න ඕන. එක වගේ දෙකකින් එකක් මනුස්සයෙක් තෝර ගන්නේ අන්න ඒ Feeling ඒක නිසා. “ ඔබට සුබ උදෑසනක්” ට වඩා කවුරුහරි “ උඹට සුබ උදෑසනක් ” කිව්වොත් මට පෞද්ගලිකව වදිනවා. ඉතින් වදින්න ලියපු එකක් නිසා වගේම අනිත් අයටත් වද්දගෙන කියවන්න ඕන නිසා මම මේකේ උඹ කියන වචනේ ගොඩාක් පාවිච්චි කරා. මම හිතනවා ඒක සාර්ථකයි කියලා.
3. මේ ලියලා තියෙන්නේ කවි නෙමෙයි කියලා ඔබ මුලින් ම අපට දැනුම් දෙමවා. මේ වගේ ප්රකාශණයක් නිර්මාණය කරන්න ගත යුත්තෙ කුමානාකාරයේ අයාසයක් ද?
හොද ප්රශ්නයක්. මේ සයිබර් අවකාශය ඇතුලේ ලියන මිනිස්සු හරි ඉක්මනින් නිර්මාණය වෙන්න ගත්තා. ඒ නිර්මාණය වෙන්න ගැනීම ඇතුලෙම එක එක විදියේ writing styles හැදුනා. සමහරක් පරිණතභාවයට පත් වුනාය කියලා අපි කියන ලේඛකයෝ මේ ලියන ඒවාට බනින්න ගත්තා. ගොඩාක් මේක නිසා රිදුනේ වගේම අපහසුතාවට පත් වුනේ වෙනස් Styleවලින් ලියන්න ට්රයි කරපු අය.
ඒ කියන්නේ ඒ පරිණත ලේඛකගොල්ලෝ කියන්න ගත්තා, අපි හිතමු කවියක් කියලා.කවියක තියෙන්නෙ ඕන දේවල් මේකේ නෑ ඒ නිසා මේක් කවියක් නෙමෙයි වගේ එකක්. මම පෞද්ගලිකව විශ්වාස කරා ඒවා කවි නෙමෙයි නම්, ඒත් ඒවා මිනිස්සු කියවනවා නම් ඒවාට මේ සමාජය ඇතුලේ තැනක් තියෙන්න ඕන කියන කාරණාව. මම මහා ලොකු මිනිහෙක් නෙමෙයි. ඒත් මම මගේ වෙනස හදන්න ඕන. මුලින්ම බැනුම් අහන්න වෙයි. ඒත් මම ඒ නිසාම මේක කවි පොතක් නෙමෙයි කියන තැනකට ආවා. මේක නිදහස් රචනයක්. හැඟීම් දැනීම් තියන මනුස්සයෙක් කියවන කොට වගේම ඇස් පෙන්නේ නැති කෙනෙක් වුනත් අහන් ඉන්න කොට දැනෙන එකක්.
ඒ වගේම මෙකේ කවි නොවන ඒවා වගේම කෙටිකතාත් මම ඇතුලත් කලා. ඉතින් මේක අච්චාරුවක්. ඒක රස අය කෑවා, කාපු සමහරක් අයට ඇලජික් වුනා. සමහරක් රස වැටිලා තව ඉල්ලුවා. නොකාම බැනුම් අහපු අවස්ථාවනුත් තිබ්බා. ඒ හැම වෙලාවෙම මම මේක වික්කා.

4. මේ කවිත් නොවන කතාත් නොවන ප්රකාශන එක්ක ඔබ කසුකුසු කරන්නේ ඇයි?
මට ඕන මේ මම කියන පොඩි පොඩි කතා හරහා මිනිස්සුන්ට Feelings බෙදන්න. Feelings බෙදනවා කියන තැනදි වක්රාකාරයෙන් ඒවා ඒ මිනිස්සුන්ට විකිනෙනවා. හිතන්න කෝ ඔයා ඒක කියවන්නේ Facebook එකෙන් කියලා. ඒ කියන්නේ ඔයා Data වලට ගෙවලා මේක කියවන්නේ. ඒ කියන්නේ වක්රාකාරයෙන් ගෙවල. අපි කරන්න ඕන ඒ දේ. අපි ඔක්කොම කරන්නේ මිනිස්සුන්ව අපි ජීවත් කරවනවාය කියන කතාව උඩින් කියලා අපි ජීවත් වෙන්න පාරක් හදා ගන්න එක. ඒකේ වරදක් කොහෙත්ම නෑ. මොකො බෙහෙත් දුන්නා කියලා Doctorsලා සල්ලි නොගෙන ඉන්නේ නෑ නේ.
මම කියන්නේ ලියන මිනිස්සු විකුනන්න ඕන. ඒ මිනිස්සු තවත් ලියන්නේ එයාලා ජීවත් වෙන කොට. ඉතින් මේ කතාව ඇතුලේ මම මට විකුනන්න පුලුවන් කෑල්ල හොයා ගන්න ඕන. මට හොදටම සෙල්ලම් කරන්න පුලුවන් පිච් එකෙ මම සෙල්ලම් කරනවා. මම පෞද්ගලිකව ලොකු ලොකු වගේම දිග දේවල් කියවන්න මැලිකමක් දක්වනවා. ඉතින් මට දැනෙන දේ අනිත් අයටත් දැනෙනවා ඇති. ඒ වගේම මම ලියන දේවල් මට Feel වෙනවා. අනිත් අයටත් එහෙම ඇති කියලා මම හිතනවා. ඉතින් මම මේ මට පුලුවන් තැන සෙල්ලම් කරනවා. වරදක් නෑ නේ?

5. ඔබ බොහෝ නිර්මාණයන් සදහා භාෂාව යොදාගන්නේ සෘජුවමයි. ඒ නිසා නිර්මාණාත්මකව මේ දේවල් ඉදිරිපත් නොකිරිමෙන් කළු පාට රොමැන්තිකයාගේ ආදරවන්තියට අසාධරණයක් වුණා යැයි කවුරු හෝ කිව්වොත් ඔබ එය භාරගන්නවා ද ?
නෑ.හේතුව සමහරක් දේවල් වටෙන් කිව්වම රස වුනාට ( මම කියන්නේ නිර්මාණාත්මකව) ඒවා තේරුම් ගන්න තරම් මිනිස්සු සෙන්සිටිව් නෑ. මෙහෙමයි. අපි හැමදාම පොත් ලියලා තිබ්බේ මල්ලී, හැමදාම පොත් කියවන අයට. අපි හිතුවේ නෑ අලුත් කෙනෙක් ට පොතක් කියවන්න දෙන්න, පුරුදු කරන්න ඕන කියලා. ලේඛකයෝ ගොඩාක් වෙලාවට ආත්මාර්ථකාමී වෙනවා. අපි කෝමත් ලියන්නේ අපේ Crowd එකට. ඒක හරි. ඒ වුනාට ඒකේ ඉන්න එකෙක් හරි “ මචන් මේක උඹටත් සෙට්.කියවපන්” කියලා පිට ඉන්න එකෙක් අපි රවුමට දාලා දෙන තැනක මේ පොත තියෙන්න ඕන.
ඒ නිසා මම සමහරක් ඒවා සෘජුවම කිව්වා. ඒක මම හිතන්නේ නෑ අසාධාරණයක් කියලා. මිනිස්සුන්ට දෙයක් කියෙව්වට පස්සේ ඔලුව ඇතුලේ තව ප්රශ්නයක් ඉතුරු කරන්න මට ඕන කමක් නෑ. මිනිස්සු නිදහසේ කියවලා, විඳලා ඒ දේ එතනින් ඉවර කරපු දෙන්. ආයි ඒක පස්සේ එල්ලී එල්ලී එන්න ඕන නැ.
මම ලියන දේවල් කියවන්න කියලා මම බල කරලා නෑ. ඕන කෙනෙක්ට ඒක Skip කරන්න නිදහස තියනවා.
අනික මේක කියවලා මටත් ලියන්න පුලුවන් නේ කියලා හිතුනම මොකො වෙන්නේ? ලංකාවට අලුත් පොතක් Launch වෙයි. ඒක හොද නැද්ද?

6. සුදු වෙනවාට වඩා කළු වෙන එකේ වාසියක් ඇත්තේම නැද්ද ?
තියෙනවා. ඒකනේ මේ රිද්දන් උන්නේ කාලයක්. මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තම ඒ කියන්නේ මෙහෙම. මම කොල්ලෙක්නේ. මට ආදරය කෙල්ලෙක් ගත්තා ම ඒකී මම කළුද උසද මහතද ඕවා හිතන්න යන්නේ නෑ. ඇත්තටම කළු නිසාම ආදරය ලැබුණු අවස්ථා තිබුණා. මම කියන්නේ හැම ආදරයක්ම අපිට පරික්ෂණාගාර මීයෙක්. අපිට ඌට ආදරේ කරලා බලන්න, Test කරන්න පුලුවන්. ඒ වුනාට උන් හපා කෑවොත් ආදරයේ එක එක සංකුලතා හැදෙන්න පුලුවන්.
ඒ නිසා සුදු වෙනවට වඩා කළු වෙන අවාසීමත් නෑ. කොහොමත් යූරෝපයේ වටයක් යන්න ඕන. තව වාසි තියෙනවාද කියලා බලන් එන්න. අනික ඉතින් ක්රීම්වලට එහෙම යන ගණන් ඉතුරුයි. ඔච්චරයි.

7. කලාකරුවෙක් තමන්ට වුණ තුවාල හොද කරගන්න බොහෝ විට පෙළඹෙන්නේ නැත්තේ ඇයි ?
වැදගත් ප්රශ්නයක්. ඔයා විශ්වාස කරයි ද දන්නේ නෑ. මගේ ලඟම යාලුවෝ මට ආදරේ කරන්න එපා කියලා තියෙනවා. උන් කියන්නේ එතකොට අර ඇතුලේ ඉන්න මිනිහා මැරිලා යයි කියලා.
ඒ කියන්නේ රිදෙන්න රිදෙන්න දැනෙනවා වැඩී. මම ආසයි මිනිස්සුන්ගේ කතා අහන්න . අහලා ඒවට තුනපහ දාලා ලියන්න.
මේක කියවන ඔයා ගාව වුණත් එහෙම කතාවක් තියෙනවා නම් කියන්න. මම හොදට අහගෙන ඉන්න කෙනෙක්.
රිදෙන්න රිදෙන්න දෑනෙන කොට ලියන්න හිතෙනවා වැඩී. ඒම ලියන දේවල් Feel වෙනවා හොදට. ඒ නිසාම මම හිතන්නේ මම පෞද්ගලිකව සමහරක් තැන් වල මට හොරෙන් හිරවෙලා ඉන්නවා. කොහේ හරි ගියාම ඒ මතක ආයි මාව අවුස්සනවා. එතකොට මම ආයි ලියනවා. ජිවීතේ එහෙමයි.
“ අතීතය සිහිකරන් හොදටෝම මං රිද්ද ගනු ලැබේ”

8. වේදනාවෙන් තැලි, පොඩිවී ගියත් මිනිස්සු ආදරය ම අල්ල ගන්නේ, ආයේ එක ම තැනකට වැටෙන්නේ ඇයි ?
මිනිස්සු මිනිස්සු නිසාම වෙන ප්රශ්න. අනික අතීතකාමය. අනික හැඟීම්. මිනිස්සු ආසයි කාත් එක්ක හරි කොටු වෙලා ඉන්න. ඒ කියන්නේ එයා මත්තේම නැහෙනවා කියන එකෙ නෙමෙයි. කාගෙම හරි වෙලා ඉන්නවා කියලා දැනන් ජීවත් වෙන්න. අපිට මිනිස්සුන්ගේ සීතිම් වලට අභියෝග කරන්න බෑ. ඒ සිතීම එයාගේ.
මිනිස්සු ආසයි තමන්ට දැනෙන තැනක ඉන්න.

9. කෙනෙක්ට ආදරයක් ලැබුණා ම ඔහුට හෝ ඇයට කියන්න තියෙන දේවල් අඩුවෙන්නේ ඇයි ?
මිනිස්සු ආදරය එක්ක පිරෙනවා. විරහව එක්ක හිස් වෙනවා. එතකොට අර ආදරේන් පිරිලා උන්න කාලේ කියන්න තිබ්බ ගොඩාක් දේවල් මතක විදියට විරහවට ගලාගෙන එනවා. එතකොට මිනිස්සු ලියන්න පටන් ගන්නවා. ආදරය කියන්නෙම විරහවට මල්ලි සමහරක් වෙලාවට.
10. නිර්මාණකරුවෙක්ට ආදරය ගැන කතා කරන එක නවත්තන මොහොතකක් එන්න පුළුවන් ද?
මම හිතන්නේ නෑ. මම පෞද්ගලිකව උපතට ආදරය කරනවා. මරණයට ආදරය කරනවා. ඒ අතර මැද ඔක්කොටම ආදරේ කරනවා. ආදරේ ගැන කියනවා, ලියනවා, කාලයක් ඇන්දා. මම ලියන එකට පෞද්ගලිකව ආසයි. ආයි පාරක් දැනෙන්න එක පාරක් ආදරය කරන්න බලන් ඉන්නවා. අන්තිමට කියන්න තියෙන්නේ . ආදරය ඔන්න ඔහේ තිබුණාවේ කියලා තමා❤️.
..........................................
දිනක් ප්රේමය ගැන එක්තරා යුවතියක් මගෙන් ඇසු ප්රශ්නයක් නම් "ආදරයට දිය හැකි නිර්වචනය මොකක්ද ?" යන්න යි. මට ඒ මොහොතේ ඇයට දෙන්නට පිළිතුරක් සොයාගන්නට බැරි විය. නමුත් ඉන්පසුව කළුපාට රොමැන්තිකයාගේ ආදරවන්තිය මට කියවන්නට ලැබුණු අතර එහි එක් තැනක මෙහෙම ලියැවි තිබුණි.
"ආදරය ඔන්න ඔහේ තිබුණාවේ..!"
මේ දැන් මේ වචන ටික ඇය කලින් දා ඇසුව පැනයට පිළිතුර ලෙස Copy paste කර sent කෙරුවෙමි
                                                                                                                                - අයන්ත යුනේෂ් ප්‍රරනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ