කසුකුසුව 05 - හෂාන් අබේගුණරත්න සමඟ
ඔබ එක්ක එහෙ මෙහෙට
කවියකින් ගහගන්න
මට තියෙන්නේ ඇවිලෙච්ච
නිවිහැනහිල්ලේ පැලවෙච්ච
ප්‍රේමයක් - ඔබ විතර
කවියකින් ගහගන්න
මට තියෙන්නේ ඇවිලෙච්ච
නිවිහැනහිල්ලේ පැලවෙච්ච
ප්‍රේමයක් - ඔබ විතර
කවි කියවන ඕනෑම අයෙකුට තමන් වැඩිපුර ම කියවන, බොහෝ දෙනා අතර බෙදාගන, ආදරණියන්ට යවන ඔහුගේ ම වු කවියක් ඇත. මටත් එලෙසම ය. නමුත් ඒ කවියේ අයිතිකරුවාව දැන හදුනගෙන වසර තුනකට ආසන්න කාලයක් වුව ද අප කිසිදා මුහුණට මුහුණ හමු වී තිබුණේ නැත., නමුත් ඔහු හමුවිමට, ඒ කවිය හා බැදුණු මගේ මතකයන් ඔහුට කියන්නට මට සිහිනයක් තිබිණි., එය ඔහුට පැවසිමට යුතු ම දෙයක් විය. වසර තුනකට පසුව ඒ මොහොත සදහා කාලය උදාවුණේ ඊයේ දිනයේ ය. වැහිබර කොළඹ අහස යට අපි හමුවුණෙමු. පැත්තකින් මහළු කළු පාට කෝච්චි හෙමි හෙමින් ඇදෙයි. අනිත් පස එකට ඇලි මෙන් දිවයිනේ නන් දෙසට හෙමි හෙමින් ඇදෙනා බස් රථය. අප මුහුණට මුහුණලා හිදින්නේ ජනහීන ෆ්ලෝටින් මාකට්ටුවේ ය. තෙත සුළං ජලාශේ රැළි බිදිද්දි අපි කසුකුසුව ඇරඹුවෙමු.
*සවිස්තරව ලියා දැක්විය හැකි ප්‍රේමයක් උසුලාගෙන ඉන්න පුළුවන් ද හදවතකට
උසුලාගෙන ඉන්න පුළුවන්නේ. ප්‍රේමය කියලා අන්තිමට ඉතුරුවෙන්නේ කතාව. එහෙම කතාවක් දරාගෙන ඉන්න පුළුවන්. හැඟීමක් විදියට මිනිස්සු අසරණ වෙනවා., කෙලවෙලා යනවා. එහෙම කෑල්ලක් හැම කෙනෙක්ට ම තියෙනවා සහ දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. දරාගෙන ඉන්න සිද්ධ වෙන්නේ ඊට වඩා දෙයක් කර ගැනීමට තියෙන බය සහ නොහැකියාව නිසා. අපි නිකං ගත්තොත් Suicide කරගන්නවා වගේ දෙයක්. ඒක සමස්තයක් විදිහට ආගමික පද්ධතියෙන් හා සංස්කෘතික පද්ධතියෙන් ගොඩනගන්නේ එක්කෝ ආත්ම ශක්තිය නෑ වගේ Negetive thinking පැත්තකටනේ. නමුත් මං හිතනවා මේ මිනිස්සුන්ට emotionally දේවල් දරාගන්න බැරි තැනදී අර වගේ තැනකට පත් වෙනවා සහ ඒ ගැන තමුන්ට තමන්ගේ හිත සම්බන්ධව තියෙන විශ්වාසයේ උපරිමය කියලා. ඒක තමුන්ගේ පුද්ගලික අයිතියක්. සරලව ඒ ප්‍රශ්නයට උත්තරේ පුළුවන්.
* ඇත්තටම කවියෙකුට පුළුවන් ද අහසක මියයන්න
පුළුවන්., නමුත් මට හිතන්නේ තමන්ට තමන් කවියෙක් කියලා දැනෙන්නට ගත්තායින් පස්සේ එතනින් එහාට ලියන්න දෙයක් නැහැ කියලා. එයා ඊට පස්සේ කරන්නේ තමන්ගෙ සමාජ මට්ටමක් mention කරන එක වගේ බොහොම සුළු දේවල් ටිකක්. හැබැයි පුළුවන් ද කියන එකට වඩා සිද්ධ වෙනවා මිය යන්න.
* සම්මාන කියන්නේ කලාකරුවා වෙනස් කරන දෙයක් ද?
Theoretical පැත්තෙන් තමන් කලාකරුවෙක් කියලා කියන්න guts තියෙන්න එපැයි. හුඟක් Artistsලාට සම්මානයක් හම්බුනායින් පස්සේ එතනින් එහාට එයාට ලැබෙන කෑල්ල maintain කරන්න සිද්ධ වෙනවානේ. මිනිසුන් අලුතෙන් හැදෙන්නෑනේ., Transfer වෙනවා මිසක්. එතනින් එහාට මං හිතන්නෙ එයාගෙ original කෑල්ලට වඩා දේවල් එයාට mention කරන්න සිද්ධ වෙනවා.,ඒක මානුෂිකයි.,ඒකට අපිට මුකුත් කියන්න බැහැ. ඒක නිකන් නන්දා මාලනි දැන් "පවනේ" සිංදු කියන් නැත්තේ ඇයි වගේ දෙයක් අහනවා වගේ.
* නිර්මාණකරුවා සාමාන්‍ය වෙන තරමට නිර්මාණයකට බලපාන්නේ කොහොමද ?
මං හිතන්නේ නැහැ සාමාන්‍යකරණය වෙනවා කියන එකත් එක්ක නිර්මාණ ගොඩ යනවා කියන එක. සමහරක් විශිෂ්ට නිර්මාණ බිහිවෙලා තියෙන්නේ මොකක් හරි පීඩාවක් එක්ක, තමුන්ට තනියම දරාගන්න බැරි අර්බුදයක් එක්ක. බොහෝ වෙලාවට Art එකක් හෝ Artist කෙනෙක් කියන්නේ අර්බුදයක්.,අවුලක්. Artist කෙනෙක් කියන්නේ Fault එකක් සරලවම. එතකොට ඒ Fault එක නිසා තමයි Artist කෙනෙක්ගේ Originality එක එන්නේ. අපිට දැනුවත් ව අසාමාන්‍යකරණිය වෙන්න බෑ. දැනුවත්ව අසාමාන්‍යකරණීය වෙනවා කියන්නේ අපිට මොකක් හරි එකක් maintain කරන්න අපි වටා ගොඩනඟා ගන්න මොකක් හරි පවුරක්. එතකොට ඒකත් එක්ක Original කෑල්ලක් එන්නේ නෑනේ. අපි නිකමට හිතුවොත් හත්සිය අටසිය ගණන්වල Fantasy කතන්දර Remake වෙන්නේ, මේ මොහොතෙත් මිනිස්සු බලන්නේ, කියවන්නේ, ඒක මාර Point එකක් ඔය සාමාන්‍යකරණය සහ කලාකරුවා යන ප්‍රශ්ණයට . මං හිතන්නේ සාමාන්‍යකරණය වෙනවා කියන එකෙන් සිදුවෙන විශේෂ සෙතක් නෑ.
* "විකල්පයක්" තියෙනවාද අපිට ?
Artist කෙනෙක් කියන මනුස්සයාට fan base එකක් තියෙනවා නම් එයාට එක maintain කරන්න සිද්ධ වෙනවානේ. එයාගෙ ඔළුවෙ හැමතිස්සේ ම Target audience එකක් වැඩ කරනවා. සමස්තයට සාපේක්ෂව Artist කියන මනුස්සයා ඉස්සරහ ඉන්න එපැයි. මං කියන්නේ ඒක guide එකක්වත්, කලාවෙන් දේවල් උගන්වන්න ඕනේ කෑලි නෙමෙයි. එහෙම ඉස්සරහින් ඉන්න පුළුවන් තරමට තමයි අපිට Art කියලා හදුනගන්න දෙය පුළුවන් ඇතුලේ අපිට ඇවිදින්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ නෑ දැන් තියෙන විකල්ප සංගීතය එකට ඉන්න රසිකයන්ට වඩා උඩින් ඉන්නවා කියලා. මං කියන්නේ රසිකයා එක්ක සිගරැට් එකක් බොනවා වගේ දෙයක් නෙමෙයි., ඊට වඩා බරපතල මැදිහත්වීමක් සිදු කරන්න ඕනේ. එයාලට කියන්න දේවල් නෑ., බඩු ඉවරයි. සාමාන්‍යයෙන් ඕනෑම රටක විකල්පයක් කියන්නේ දේශපාලන ව්‍යුහයන් වෙනස් කරන්න හරි, පක්ෂයක් මත හෝ එහෙම Agendaවලට ඉන්න එකක් නෙමෙයිනේ. 70-80 කාලේ ශ්‍රී ලංකාවේ විකල්පය කියන්නේ තුන්වෙනි පාර්ශවයක්. ඒ කියන්නේ ජේ.වී.පී. එක. හැබැයි කාලය එතනින් එහාට යද්දී ජේ.වී.පී. එකට බැරි නම් යාවත්කාලීන වෙන්න එතනින් එහාට විකල්පයක් ගොඩ නැඟෙනවා. ලංකාවේ මේ මොහොතෙත් ජ.වි.පෙ. කියන්නේ විකල්පයක් නෙමෙයි. ලංකා විකල්ප සිනමාව කියලා ගොඩනැගෙන්නේ සම්භාවනීය සිනමාවනේ. ප්‍රධාන ධාරාව සංඛ්‍යාත්මක කොච්චර වැඩිවෙන තරමට කියන එකත් එක්ක තමයි විකල්පය කියන එක powerful වෙන්නේ. අපි වගේ දුප්පත් රටක දී ඔය දෙක ම සමසමව යන්නේ.
* වසර තුනක් තිස්සේ ඔබ නිහඩයි. ඒහි දෝංකාරය අපේ හිත්වලට කවදා ඇහෙයි ද?
දැනට පොතක් කරනවා කියන අදහසක් නැහැ. ඒක ඊළඟ මොහොතේ ඇතිවන හැගිම එක්ක තීරණය වන දෙයක්නේ. කවිය කියන කාරණාවේදී මට ගන්න තියෙන ආතල් ටික මම සෑහෙන්න ගත්තා. මට කරනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ එතනින් එහාට කරන්න තියෙන වෙන ආතල් Facts ටිකක්. කවි නම් ලියැවෙයි., නමුත් බරපතළ බරපතළ විදිහට ලියවෙන්නේ නැහැ සහ ලියන එවා දාන්නෙත් නැහැ. මට අත හරින්න පුළුවන් දවසක් එනකන් මම ඒ ටික තියාගෙන ඉන්නවා. කවියක් දැම්මා ම පස්සේ එකත් එක්ක ඉදිරියට පෙනි ඉදිමේ තේරුමක් නැහැ. මං ඒක අල්ලන් ඉන්නවා කියන්නේ මං ඒ අත්දැකීමත් එක්ක තාම මං කොටුවෙලා ඉන්නේ කියන එක . ඒක මට අතහරින්න පුළුවන් දවසක තමයි එළියට එන්නේ. එතකන් ඔහේ තියෙද්දෙන්.
*කවියෙක් අමරණීය විම,විරුවෙක් අමරණීය වෙනවට වඩා කෙතරම් වෙනස් දෙයක් ද?
ඕක තත්වයන් දෙකක්නේ. "සාජන්" එකේ සිංදුවක් අහන එකයි, John Lenonගේ සිංදුවක් අහන එකෙයි ආතල් දෙක දෙකක්නේ. ඒ දෙකේදි හැදෙන Moods දෙක දෙකක්. අපි මේ මොහොතේ ජීවත්වන සමාජය ගත්තොත් අපි දන්නවා පහුගිය අවුරුදු තුන හතර තුළ වටිනාකම් නොලැබිච්ච දේවල්වලට වටිනාකම් ලැබෙමින් තියෙනවා. ඒවායේ ප්‍රතිඵල මොනවා වෙයිද කියලා කියන්න මම දන්නේ නැහැ. ඔබට මේ මොහොතේදී රණවිරුවෙකු සහ කවියෙකු දැනෙන සීමාව එක ම platform එකක නැහැනේ. ඒ දෙන්නා ඉන්නේ platform දෙකක. එතකොට ඒකට නිශ්චිතව ම උත්තරයක් දෙන්න බැහැ ඒ දෙන්නගෙන් කවුද හොඳ කියලා. ඒ දෙන්නගෙන් ම යම්කිසි දෙයක් සිදුවෙලා තියෙන හින්දානේ නමක් විදියට කාටහරි ඒ දෙන්නාව ම Hero කෙනෙක් වෙන්නේ. ඒ නිසා ඒ දෙක දෙකක්.,ඒවාට නිශ්චිත පැවැත්මවල් තියෙනවා. ඒ හින්දා නිශ්චිතව ම කලාකරුවා බේරා ගත යුතු නැහැ.
* වෙන මිනිස්සු අතර කවියෙක් වෙලා හුස්ම ගන එක කොහොම දෙයක් ද?
මනුස්සයෙක්ට දේවල් වැඩිපුර දැනෙනවා කියන එක පැහැදිලිව ම අවුලක්. physically හරි වෙන්න පුළුවන් ද mentally හරි වෙන්න පුළුවන් ඒකත් එක්ක fight කරගන්න බැරි වුණායින් පස්සේ ඔලුවට එන හෙණ Guilt එකක් එනවානේ. එයා කවියෙක්මද කියන එක නෙමෙයි, මිනිස්සුන්ට දැනෙන පරාසය වැඩි වෙනකොට ජීවත්වෙන එක අමාරුයි. political පැත්තෙන් ගත්තත් අපි දන්නවා මිනිස්සු Educated වෙන එක කොච්චර අවුලක් ද කියලා. මිනිස්සු educated වන තරමට මේ වගේ free spaces හැදෙන එක රජයකට අවුලක්නේ. දැන් මෙතන අපි දෙන්නා නිදහසේ කතා කරන එක අර එහා පැත්තෙන් යන soldier කෙනෙක්ට අවුලක්. අපි දෙන්නා මොනවා කතා කරනවා ද ? මට නැති ආතල් එකක් මුන්ට තියෙනවා ද කියලා හිතන කොට Guilt එකක් එනවානේ. තමුන් කවියෙක් කියලා දැනගන්න එක අවුලක්. කවියා කියන අර්ථය නැතුව ගත්තොත් sensitive මිනිස්සු සමාජයකට සෑහෙන ප්‍රගතිගාමී දෙයක් වුණාට සමස්තය ඇතුලේදි අර්බුදයක්, අවුලක් ම තමයි.
*ඔබේ කවි විටක යම්කිසි කෙලිලොල්,දගකාරබවකින් මෙන්ම ඇතැම් විටෙක චිත්ත සන්තානයේ ගැඹුරු පත්ල අතපත ගානවා...
ඒක ඉතින් ඒ වෙලාවෙ තියෙන Mood එකත් එක්ක තමයි හැදෙන්නේ. එහෙම නිශ්චිතව ම රාමුගත ඒවා මට එහෙම ලියවෙන්නේ නැහැ. මට දැනෙන විදියට මම හැමවෙලාවේ ම ලියන්නේ උත්තම පුරුෂ කෝණයක් එක්ක. අපි හිතමු අපි කවියක් Edit කරනවා කියලා. ඒකෙදි සිද්ධ වෙනවානේ අපට නැවත අර Mood එක හදාගන්න. සමහර විට පටන් ගත්ත එක නෙමෙයිනේ ලියලා ඉවර වෙද්දි තියෙන්නේ.
* විජේගේ චිත්‍රපටයක් නරඹද්දි අපේ හිතට නිරුත්සාහිව නැගෙන දෙයක් තමයි "අපරාදේ අද ජීවත් වුණා නම්" යන හැගිම. ඇයි අකල් මරණයකට උරුමකම් කියන නිර්මාණකරුවන් මිනිස් හදවත්වල වැඩි කොටසක් අත්පත් කරගන්නේ ?
සේකරගේ මුල්ම පොත තමා කේ.ජයතිලක එක්ක එකතු වෙලා ලියපු "ව්‍යංගා". ඔහුගේ අවසන් කෘතිය "ප්‍රබුද්ධ". අපි පිළිවෙළට මේ ටික කියවගෙන ගියොත්, අපිට තේරෙනවා සේකර කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියන එක. මුලින් ම අතිශය ලෞකික කෑලි කවියට අරගෙන ප්‍රබුද්ධ වගේ තැනකදි අපිව වෙනම ආධ්‍යාත්මයකට ගෙනවා. මං හිතන්නේ සේකර එතනින් එහාට ජීවත් වුණා නම් ඒක ලොකු අපරාධයක් වෙන්න තිබුණා. මං අදහස් කරන එක සාහසික වෙන්න පුළුවන්. එතනින් එහාට සේකරට කරන්න දෙයක් නෑ. ඒ දේවල් එයා කරලා ඉවරයි. පුද්ගල චරිතයක් විදිහට ගත්තොත් සේකරට නැවත ව්‍යංගා ලියනවා මිසක් ප්‍රබුද්ධවලින් එහාට ලියන්න දෙයක් නැහැ. ප්‍රබුද්ධ කියන්නේ යම් බෞද්ධ සංකල්ප මත ලියැවුණු නිර්මාණයක් තමයි. නමුත් ඒකෙන් අපිට පෙන්වන්නේ යම් Life style එකක්නේ. ඒක කොච්චර අවංකද කියන එක අපිට ලියද්දි තේරෙනවා., එහෙම ලියන්න බෑ.
මිනිස්සු උපතින්ම ගෙනවා Spirit එකක්. කෙනාගෙන් කෙනාට එකේ Level එක වෙනස්. සමහරක් මිනිස්සු අවුරුදු හැටෙන් හැත්තෑවෙන් යනකොට තවත් අය දහ අටෙන්, දහ නවයෙන් යනවා. තිහෙන්, හතලිහෙන් යනවා. අපි දැන් අවුරුදු හැත්තෑවක ඉන්න artist කෙනෙකුයි අවුරුදු තිස් පහෙන් නැතිවුණ Artist කෙනෙකුයි ගමු. උදාහරණයකට නෙවිල් ෆර්නැන්ඩෝ ගත්තොත් අවුරුදු තිස් පහෙදි ලියුකේමියා හැදිලා මියයන්නේ.නමුත් ඒ මනුස්සයාගේ සිංදු ගැන අපි අදටත් කතා කරනවා. ඒ නිසා මිනිස්සු ලෝකේට ඇවිල්ලා තමන්ගේ Spirit එක දිලා යනවා. ඒක අපි Count කරගන්නවා අපේ Timeline එකේ විදිහට. "අපරාදේ මේ මනුස්සයා කරපු දේවල් අපිට කරගන්න බැරිවුණානේ" වගේ එකක් හිතට එනවා. නමුත් අපි හිතන්නේ තව අවුරුදු තිහක් හිටියා නම් මොනවා කරයිද වගේ දෙයක්නේ. නමුත් මම හිතන්නේ තව ටිකක් හිටියා නම් තියෙන්නේ ඔය scale එක ම තමයි. වෙලා තියෙන්නේ Scale එක අඩුවෙලා විතරයි. එයාගේ තිබිච්ච Spirit එක ඉතින් එච්චර තමයි.
* ප්‍රේමය හැර අන් කවියක් ඔබට තියෙනවා ද?
ප්‍රේමය කියන්නෙත් එක කෑල්ලක් විතරයිනේ. කවියක් ඇතුළේ ගොඩනඟන්න පුළුවන් සීමා තියෙනවානේ. අපි දන්න සහ කියවන කෙනාට තේරෙයි කියන හිතන Mood ඒකනේ ප්‍රේමය සහ විප්‍රයෝගය. අනිත් එක මිනිස්සුන්ට ප්‍රේමය තේරුම් කරවන්න සහ තේරුම් ගන්න ලේසියි. මම එහෙම හුඟක් වේලාවට ප්‍රේමය ගැන ලියන්නෙ නැහැ. ඒක මං ලියන perspective එක නිසා බොහෝ අය හිතා ගන්නවා ඒක ප්‍රේමය තමයි කියලා. ඒක මට අදාළ නෑ ඒක කියවන එක්කෙනාගේ වැඩක්.
* කවියෙක්ට කවියෙන් all rounder කෙනෙක් වෙන එක අමාරු දෙයක් ද?
එකක් දක්ෂකම තියෙන්න ඕනේ. මං පුද්ගලිකව ගත්තොත් මම වැඩිපුර කැමති සාහිත්‍යයේ තියෙන Modern කෑල්ලට. මං මට කර ගන්න experiment එක්ක මම සෑහෙන්න ආතල් එකේ ඉන්නවා. උඩ ඉදන් කවියක් ලියලා, ඒ කවිය නැවත යට ඉඳන් උඩට කියෙව්වොත් දැනෙන mood එක දෙකක් ද වගේ එකක් අපි හිතමුකෝ නිකමට. ඒක දැනට තියෙන ශානරයන්ට දාලා Experiment කරන්න අමාරුයි භාෂාව පැත්තෙන් හරි හැඟීම් පැත්තෙන් හරි. අපි වෙඩිවර්ධනගේ කවියක් කියවද්දී වෙඩ්ඩාගේ Tempo කියන එක අපි අඳුරනවානේ. ඒක කියවන් යනකොට නම නොතිබ්බත් අපිට හිතනේවා මේක එයාගේ විය හැකි කියලා. නිර්මාණයට කොච්චර අවංකද කියන කාරණයත් එක්ක Artistලාට අනන්‍යතාවයක් ගොඩනැගෙනවා. ආකෘති කඩන්න ඕනේ ද පවතින ඕනේ ද කියන කාරණයට වඩා අර Original කෑල්ල ලස්සනයි. All rounder කෙනෙක් දඟලනවා ම කියන එකෙන් එයා විනාශ වෙලා ඉවරයි.
*කවිය කියන්නේ මිනිස්සු අවංක වෙන අන්තිම තැනද ?
මම විශ්වාස කරනවා කවිය තමයි කලාවේ තියෙන න්‍යෂ්ටිය කියලා. ඒක නැතිව කිසි දෙයක් පවතින්නෙ නැහැ. නමුත් මම හිතනවා කවිය තමයි මිනිස්සුන්ට Attach වෙන්න ලේසිම ක්‍රමය කියලා. ඒ නිසා කවිය කියන්නේ මිනිස්සුන්ට අවංක වෙන අන්තිම තැන නෙමෙයි ලේසිම තැන කියලා මං විශ්වාස කරනවා.
* ඇත්තටම ආදරය කියලා දෙයක් නැතිවුණා නම් කවියෙක්ට මොනවා වෙන්නට ඉඩ තියෙයිද?
ඇත්තටම ආදරය කියලා දෙයක් නෑ මට අනුව. ආදරය හෝ ආදරයට සමාන මනෝභාවයන් කියන්නේ Artist කෙනෙක්ගේ Fantasy එකක් විතරයි මට නම්. ආදරය කියන එක හැබෑවට පවතිනවා නම් අපිට ඕනම තැනක ආදරේ ටක් ගාලා පෙන්නන්න පුළුවන්නේ. නමුත් අපිට එහෙම ආදරේ පෙන්නන්න පුළුවන්ද ? මට අනුව ආදරය කියන්නේ වෙන හැඟීම් දෙකකට හෝ ඊට වඩා වැඩි ගණනක එකතුවක්. ආදරය කියලා අපි හඳුනාගන්නා විෂය පථය Artist Fantasy එකක් කියලා මට හිතෙන්නේ ඒක මිනිස්සු විශ්වාස කරන හන්දා. ඒක නැහැ කියලා අපි තේරුම් ගන්නවා නම් ජීවත්වීම කියන එකත් ලේසි. නිකන් හිතන්න "ආදරය කියලා එකක් නැහැ" ප්‍රසිද්ධියේ කිව්වොත් එන අර්බුදය. ඊට ප්‍රතිගාමීව නැගෙන දේවල්... ප්‍රේමය නැති කරගත යුතුයි හෝ ප්‍රේමය වැඩක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නැහැ. බයිබලය ගත්තොත් එක Base වෙන්නේ ම ප්‍රේමයත් එක්ක. අලුත් ගිවිසුමේ ප්‍රේම පාරමිතාව කියන chapter එකේ, කොරෙන්ති 13 තියෙනවා ප්‍රේමය නම් මොන වගේ වෙන්න පුළුවන් ද කියලා. ප්‍රේමය නම් ත්‍යාගශීලී,. කරුණාවන්තයි,. හනික නොකිපේ ඔහොම ඔහොම දිගට තියෙනවා. ඒකෙන්ම තේරෙනවා එහෙම "ආදරය" කියලා වෙනම හැඟීමක් නැහැ සහ අපි හැගීම් දෙකකට හෝ ඊට වඩා වැඩි ගණනක එකතුවකට එක නමක් දාගෙන තියෙන්නෙ කියලා. මිනිසා ඉතින් ආදරය කියන Fantasy එකක ජීවත් වෙනවා. ඒක නොතිබ්බා නම් ලෝකය මීට වඩා ප්‍රචණ්ඩකාරී වෙනවා. මිනිස්සු ආගම් අදහන කොට තමන් අදහන්නේ Fiction එකක් කියලා දන්නේ නෑනේ. ඒක නොදැන ඉන්නකම් ප්‍රශ්ණයක් නෑ. ඕකට කවුරුවත් බහින්නේ නෑ ලෙහෙසියෙන්. එහෙම බැස්ස කෙනෙක්ට තමයි තේරෙන්නේ මං වැටිලා ඉන්න තැන මොකක්ද් කියලා. ආදරයත් එහෙම් ම තමයි. ඒක අල්ල ගන්නේ නැති හින්දායි අපි එක බේරගන්න හදන්නේ. බුද්ධාගමෙන් ගත්තොත් ලෝභ, ද්වේෂ, මෝහ, කියන තුන හදුනාගැනීමෙන් අපේ Fantasy ටික කැඩෙනවා. මිනිසා කියන්නේ ප්‍රචණ්ඩකාරී සත්වයෙක්. ඒ ප්‍රචණ්ඩකාරීබව යටපත් කරගන්න නොපවතින සංස්කෘතියක් අවශ්‍ය වෙනවා. ඉතින් ලෝකය clam එකේ තියාගන්න නම් ආදරය අවශ්‍ය වෙනවා.
කසුකුසුව අවසන් වී ඒ මට තවත් දෙයක් කරන්නට තිබුණි. මගේ පැන්සල් පෙට්ටිය එදින කලබලේට විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේ දාමා ඇවිත් තිබුණි.
"අයියේ පෑනක් තියෙනවා ද?"
"අනේ නෑ මල්ලි"
මගේ ප්‍රියතම කවි පොතට ඔහුගේ අයිතිකාරුවාගේ සමරු සටහන නොලැබි ගියේ ඒ ලෙසිනි.
Comments
Post a Comment