ප්‍රේමයයි ඒ ........
ප්‍රේමයයි ඒ ........

සොඳුරු මතකයන් පුරා දිවෙන්නට
ආලෝකය ලැබ දුන්
ජීවයකි ප්‍රේමය
විහඟ ගීයක මියුරු නාදය
දෙසවනට ලං කෙරුව සිහිනය
සදා සිසිලස සිතට සැලසුව
නොමියනා ඒ ප්‍රේම පදවැල
ඉපිද තිබුනේ සිත්හි පත්ලක
ඔබෙන් සැඟවූ සොදුරු කවිපෙළ
පේමයයි ඒ
නිතර පවසන
ඔබත් හැඳිනූ මමත් හැඳිනූ
මට ම හිමිවූ
ඒ සොඳුරු පෙම ........
- තිලිනමල් සුසරා අමරවීර -
Excellent!
ReplyDeleteahhaaa athad?????.....🌼🌼🌼😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ReplyDelete