සොඳුරු වන පෙදෙස


                                      සොඳුරු වන පෙදෙස

         
දිස් වෙන හරිත පැහැයෙන් ඔප කළ
    පාරාදීසයක් බුවන වදුලෙන්
 දැනේ සත්සර ස්වරාගය මිහිමතට
    සිත් පුරවා හමන මඳ පවනද
     සුමිහිරි සියොත් රාවයත්
          සමඟ එක් කරයි
           අනුරාග දසුන්
               ඉදිරියේ
    නිමක් නැත ඒ උන්මාදය
   වන්පත් ස්වරයෙන් මත් වූ
     සොදුරු වන පෙදෙසක
          පැමිණ ඇත්තේ
       නිසඟ වියරු තරුවක්  
                මන්ද
     එවන් චමත්කාර පුෂ්පය
 සුගන්ධයෙන් පුරවයි මන් මත් හැඟුමින්
   සොබා සිරියෙන් වෙනත් සිරියක්
                 කුමට
   මෙතරම් චමත්කාරයක් ඇතිනම් ,

                                                 - සදලි හංසනී -


Comments

  1. 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️

    ReplyDelete

Post a Comment